- මහ බැංකුවේ රැකියා දෙන බව පවසා ජනතාව මුලා කරන ජාවාරමක්
- වාද්දුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවක්
- තායිලන්ත උප ඇමති අගමැතිනිය හමුවෙයි
- ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට
- බරවාවිල ප්‍රදේශයේ බිහිසුණු රිය අනතුරක්
- සේවක අර්ථ සාධක අරමුදලට කළමනාකරණ පද්ධතියක්
- අද විදුලි කප්පාදුවේ වෙනසක්
Author: Anura Premakumara
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය සඳහන් කළේ ගාල්ල, නෙළුව, අකුරැස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙම කම්පන තත්වය දැනී ඇති බවයි. අද පස්වරු 1ට පමණ ඉන්දියන් සාගරයේ සිදු වූ රික්ටර් මාපංක 5.4 ප්‍රබලත්වයෙන් යුතු භූ චලනයක් හේතුවෙන් මෙම තත්වය හටගෙන තිබෙනවා. එමෙන්ම කළුතර පානදුර මෙන්ම කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ද මෙම කම්පනය දැනී ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වෙරළේ සිට කිලෝමීටර් 1260ක පමණ දුරකින් කම්පනය සිදුවී ඇති අතර එය හටගෙන ඇත්තේ පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරකින්. මේ හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනුව යමින් ලංකා අයි.ඕ.සී. සමාගමද ඉන්ධන මිල සශෝධනය කර තිබෙනවා. මිල සංශෝධනය අද සිට ක්‍රියාත්මක බවයි එහි කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් කියා සිටියේ . ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපර් ඩීසල් මිල ඉහළ රුපියල් 6 කින් ඉහළ දමනු ලැබුවා. කෙසේ වෙතත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සකින් පහළ දැමුණු අතර, ඔටෝ ඩීසල් මිල පහත දමනු ලැබුවේ රුපියල් දෙකකින්. ඒ අනුව එම මිලටම අයි.ඕ. සී සමාගම අලෙවි කරන එම වර්ගයේ ඉන්ධනවල මිල සංශෝධනය වනු ඇති. මේ අතර ඉන්දන මිල සංශෝදනයට සමගාමිව බස්…
ජනතාව මුහුණ දී තිබු ප්‍රශ්නවලින් සැළකිය යුතු ප්‍රමාණයක් මේ වන විට විසඳා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. කැකිරාව එප්පාවල ප්‍රදේශයේ පැවති ආසන බල මණ්ඩලය රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල දැක්වුණේ රුපියල් 328ක් ලෙසයි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 365ක් ලෙස සටහන් වුණා. එමෙන්ම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වුණේ රුපියල් 346ක් ලෙසයි. ඔටෝ ඩීසල් මිල රුපියල් 02කින් පහළ දමා තිබුණු අතර භූමිතෙල් ලීටරයක් රුපියල් 09කින් පහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල දැක්වුණේ රුපියල් 236ක් ලෙසයි.…
බුදුන් වහන්සේ දේශනා කල ධර්මය අනුව යමින් නිවැරදි දේ ක්‍රියාත්මක කිරීමට පමණක් තමන් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ රට බංකොලොත් කළ පිරිස් සැප විඳිමින් ජිවත් වනවිට ලක්ෂ 20 කට ආසන්න ජනතාවක් ඉතා දුගී දුප්පත් ලෙස සිය ජීවිකාව ගෙනයන බවයි. භික්ෂු උපදේශක කාරක සභාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඒ නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන්. අදාළ කරුණ සම්බන්ධයෙන් කතෝලික ප්‍රජාවගේ සහ පොදු මහජනතාවගේ අව්‍යාජ අභිලාෂය ප්‍රකාශ කිරීම අරමුණු කර ගනිමින් මෙම ලිපිය යොමු කරන බවයි උන්වහන්සේ දන්වා ඇත්තේ. සිය ලිපිය මගින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ නව පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සම්බන්ධයෙන් සලකා බැලීම සහමුලින්ම නතර කර දමන ලෙසයි. පාස්කු ඉරුදින ප්‍රහාරය ද ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පොලිස්පති වැනි ඉහළ තනතුරකට ඔවුන්ගේ නම් යෝජනා කිරීමට හෝ නිපුණතාවයේ…
දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබද පාර්ලිමේන්තු විවාදය හෙට පෙරවරු 9.30 සිට පස්වරු 7.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන ඉරිදා දින විවාදය නොපැවැත්වීමටයි එහිදි තීරණය කර ඇත්තේ. එමෙන්ම එළඹෙන 4 වන අගහරුවාදා දින පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙන අතර එම විවාදය එළඹෙන 7 වන සිකුරාදා දින විවාදයට ගැනීමටයි මෙහිදි වැඩිදුරටත් තීරණය කර තිබෙන්නේ.
ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් පිරිසක් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවුණා. ඒ, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී. ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 64 වන ශ්‍රමික කණ්ඩායම වන මෙම පිරිසට කාන්තාවන් හත් දෙනෙකු අයත්වන අතර එම පිරිස ලබන මස 04 වන දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවනවා. 2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 397 ක් සඳහා…
‘බරපතළ බැක්ටීරියා ආසාදනයකින්’ රෝගී වූ මැඩෝනා සුවය ලබා යළි නිවසට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 64 හැවිරිදි ඇය මෙලෙස රෝගී වූයේ, එළඹෙන සති කිහිපයෙන් පසු මාස 7ක දීර්ඝ විදෙස් සංචාරයක් ආසන්නයේ. ඇයගේ කළමනාකරු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ, බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇය බරපතළ රෝගී තත්ත්වයක පසුවූ බවයි. සංගීත දිවියේ 40 වන වසර සමරමින් මැඩෝනා කැනඩාවෙන් ආරම්භ කර, ලෝකය පුරා තවත් නගර 45ක සංගීත සංදර්ශනවලට සහභාගි වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, රෝගී තත්ත්වය නිසා එම සංචාරය කල් දැමීමට සිදුව තිබෙනවා.
ලොතරැයියක මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි මිලදී ගැනීම අඩුවන බවට ලොතරැයි අලෙවි නියෝජිතයන් පවසනවා. ලබන මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා බව ලොතරැයි මණ්ඩල ඊයේ නිවේදනය කළා. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ පැවසුවේ මෙම තීරණය හේතුවෙන් ලොතරැයි කර්මාන්තය විනාශ විමේ අවදානමක් නිර්මාණය වන බවයි. එම නිසා ලබන මස 6වන දින සිට ලොතරැයි අලෙවිකරුවන්, ලොතරැයි අලෙවියෙන් ඉවත්වීමට තීරණය කළ බව ක්‍රිෂාන් මාරඹගේ පවසනවා. ලොතරැයි මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222