- ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරුන්ගේ හමුවක්
- සුප්‍රසිද්ධ සූපවේදිනිය මියයයි
- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක
- අර්චුනාගේ පහර කෑමට ලක් වූ පුද්ගලයින් දෙදෙනෙක් රෝහලට
- නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි
- රිය අනතුරකින් තිදරු මවක් මරුට
- වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සහල් තොගයක් සොයා ගැනේ
- ට්‍රම්ප්ගේ යෝජනාවට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර
Author: Anura Premakumara
ප්‍රංශයේ උත්සන්න වන විරෝධතා මැඩලීම සදහා පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ දක්වා විරෝධතාකරුවන් 2300ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි ප්‍රංශ පොලිසිය සදහන් කළේ. පැරිස් නුවර මාර්ග බාධකයකදී අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ 17 හැවිරිදි දරුවෙකුට පොලිසිය වෙඩි තබා ඝාතනය කිරීමත් සමගයි මෙම විරෝධතා ආරම්භ වුණේ. විරෝධතා පාලනය සදහා 45000ක පමණ පොලිස් බලඇණියක් යෙදවීමට ද පියවර ගෙන තිබුණා
ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල ප්‍රදේශයේ මී කැඩිමට ගිය පුද්ගලයින් තිදෙනෙකු වළසෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ ගෝමරන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ. ඔවුන් ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කර තිබෙනවා. රොහල් ගතකළ පුද්ගලයින්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ. මේ අතර හන්තාන කන්ද තරණය කිරීමට ගොස් බඹර ප්‍රහාරයකට ලක්ව අතුරුදන්ව සිටි සිසුන් පිරිස සොයාගෙන තිබෙනවා. ඒ යුද හමුදා නිලධාරීන් සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසුවයි. බඹර ප්‍රහාරයකට ලක්වු සිසුන් 42 දෙනෙකු තවදුරටත් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ජුනි මාසය තුළ විදෙස් සංචාරකයින් ලක්ෂයකට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ වසරේ ගතවු මාස හය තුළ සංචාරකයින් ලක්ෂ 06ක් පමණ දිවයිනට පැමිණ ඇති බවයි. 2022 වසරේදී සංචාරකයින් හයලක්ෂයක් පමණ දිවයිනට පැමිණ තිබුණා. පසුගිය වසරට සාපේෂකව මෙම වසරේදී සංචාරකයින්ගේ පැමිණිම සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සදහන් කළේ.
ඊශ්‍රයලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් කඩිනමින් ආරම්භ කරන බව වරාය , නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසනවා. ලබන ඔක්තෝබර් මාසය වන විට දෙරට සෘජු ගුවන් ගමන් කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළේ. ඊට අදාළ සාකච්ඡාවක් අමාත්‍යවරයාගෙන් ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති අතර ඒ සදහා දෙරටේ සිවිල් ගුවන් සේවා බලධාරීන් ද එක්ව සිටියා. ඒ අනුව ඉදිරියේදී ඊශ්‍රයලය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.
විදුලිය බිල හා ඉන්දන මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට හිමිවිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන්නේ විදුලිය හා ඉන්දන මිල ඉහා සුළු වශයෙන් ඉහල ගියත් පාරිබෝගික භාණ්ඩ මිල ඉතා සීග්‍රයෙන් ඉහල යන බවයි. එබැවින් මේ වන විට එම මිල ගණන් අඩු වීම හේතුවෙන් එම සහාන පෛභෝගිකයාට අනිවාර්යයෙන් හිමිවිය යුතු බවයි ඒ මහතා සඳහන් කලේ. කෙසේවෙතත් ඊයේ පවත් මාධ්‍ය හමුවකදී ලංකා පවුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ ජාතික ප්‍රතිපත්තියේ සඳහන් මිල සුත්‍රය අනුව ඉන්දන ගාස්තු සංශෝදනය කල හොත් පමණක් බස් ගාස්තු සංශෝදනය කල හැකි බවයි.
ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට යළි පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව නව මිල ගණන් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 3 186 මිලකටයි. පසුගිය මාසයේ එම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු කිරීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබුණා.
ආබාධිත, වැඩිහිටි සහ රෝගී ජනතාව සඳහා සහන ලබාදෙන ලේඛනය එළබෙන සතියේදී ප්‍රසිද්ධියට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පවසනවා. අස්වැසුම නාම ලේඛනය සම්බන්ධයෙන් මේ දක්වා අභියාචනා හෝ පැමිණිලි සිදුනොකළේ නම් තවදුරටත් ඒ සඳහා කාලය පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සඳහන කලේ අභියාචනා සම්බන්ධයෙන් සෑහිමකට පත් නොවන්නේනම් එහි පිටපතක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකරන ලෙසයි. වෙනත් පාර්ශවවල අවශ්‍යතාවයට ජනතාව විරෝධතා සඳහා ඉදිරිපත් නොවිය යුතු බවයි අස්වැසුම ප්‍රතිලාභ පිලිබඳ අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සඳහන් කලේ. අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන මගින් සැබෑ ලෙස අස්වසුමක් හිමිව ඇත්තේ…
ජුනි මාසය තුළ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ගෙවුණු මාසය තුළ ඩෙංගු රෝගීන් 9 916 දෙනෙකු වාර්තා වී තිබුණා. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වු සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 49 326ක්. ඩෙංගු අධි අවදානම් තත්ත්වය මෙතෙක් පහවගොස් නොමැති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ.
වෘත්තිය සමිති නායකයින් මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නොමැති බව කම්කරු අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශ ලේකම් ආර්.පී.ඒ විමලවීර මහතා පැවසුවේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන ලෙස වෘත්තිය සමිති නායකයින්ට දැනුම් දී ඇති බවයි. එහෙත් මෙතෙක් කිසිදු වෘත්තිය සමිති නායකයෙකු එම ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවයි අමාත්‍යංශ ලේකම්වරයා සදහන් කළේ. වත්කම් බැරකම් පනතට අනුව ඉදිරියේදී ඊට එරෙහිව පියවර ගන්නා බව කම්කරු අමාත්‍යංශය සදහන් කළා.
ශ්‍රී ලංකාවේ සුපිරි දග පන්දුයවන ක්‍රිඩක වනිදු හසරංගට දඩුවම් ලකුණක් එක්කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ක්‍රිකට් කවුන්සිලයේ රීති සංග්‍රහයේ පළමු අදියරේ වරදක් සිදුකිරීම ඊට හේතුවයි. පසුගියදා නෙදර්ලන්තය සමග පැවති සුපිරි 06 දෙනාගේ තරගයේදී වනිදු මෙම වරද සිදුකර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222