- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Anura Premakumara
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම නිවේදනයේ දැක්වෙන පරිදි අද දිනයේදී උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ යන පලාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම ඉහළ යා හැකි බවයි සඳහන් කර ඇත්තේ. එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම නෞකාව කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කළ තෙල් ප්‍රවාහනය කළ නැවක් බවයි එම වාර්තා වල සඳහන් වන්නෙ. මෙහිදී පස් දෙනෙකු හට හදීසි ප්‍රතිකාර ලබා දී ඇති අතර, මෙලෙස බේරාගත් ශ්‍රී ලාංකිකයින් 21 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක තිබෙන බව සඳහන්.
දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරඟයෙන් වාර්තාගත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 301ක් රැස් කළා. එහිදී දකුණු අප්‍රිකා නායිකාව පන්දු 147දී ලකුණු 184ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී කවීෂා දිල්හාරී ලකුණු 47ට කඩුළු 2ක් බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3ක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 305ක් ලබා ගනිමින් තරඟය ජවග්‍රහණය කළා. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමමේ නායිකා චමරි අතපත්තු පන්දු 139දී නොදැවී ලකුණු 195ක්…
අධික වර්ෂාපතනය හේතුවෙන් ලොව දෙවන කාර්ය බහුලම ගුවන් තොටුපොල වන ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ගුවන් ගමන් සඳහා තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේදී ගුවන් ගමන් වාර 290ක් පමණ අවලංගු කර ඇති අතර, තවත් ගුවන් ගමන් වාර 440ක් ප්‍රමාද වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව ගුවන් තොටුපොල යතා තත්ත්වට පත්වීමට තවත් කාලයක් ගතවනු ඇති බව සඳහන්.
සිංහල අලුත් අවුරුදු නැකත් සිට්ටුවේ අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත අද පෙරවරු 10.16ට යෙදී තිබෙනවා. දකුණු දිශාව බලා රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පැළ සිටුවන ලෙසයි ජාතික නැකත් සීට්ටුවේ සඳහන කර ඇත්තේ. නැකතට පැළයක් සිටුවීමේ ජාතික මහෝත්සවය කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද පෙරවරුවේ නියමිත නැකත් වෙලාවට අනුව පැවැත්වමට කටයුතු යොදා තිබෙනවා.
පාස්කු ප්‍රහාරය පිළිබඳ නිසි විමර්ශන කරන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාචිකව දුන් පොරොන්දුවට නිසා රැවටීමකට ලක්වූ බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පස්වැනි අනුස්මරණ වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනුයි කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ.
ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘත කළ බවට සැකකෙරෙන සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රෝහණ බැද්දගේ මහතාගේ විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන සූර්ය මංගල්‍යය ගීතය එලෙස විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය විසින් ඊයේ වාරියපොළ දී සැකපිට අවුරුදු 31ක් වූ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි මෙම සුරාබදු නිලධාරියාව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා. සැකකරු අද කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කරනු ලැබුවා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මත්ද්‍රව්‍ය කාර්යාංශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ. අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 179 යි ග්‍රෑම් 906ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 83යි ග්‍රෑම් 582ක් සමඟ දෙවුන්දර වෙරලේ සිට කිලෝමීටර් 246 ක් සමග මෙම ධීවරයින් පසුගියදා නාවික හමුදා භාරයට ගනු ලැබුවා. අනතුරුව ඔවුන් පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට පත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අධිවේගී මාර්ග භාවිතයේදී වාහනවල යෝග්‍යතාව පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා. පසුගිය දිනවලදී පමණක් අධිවේගී මාර්ග ආශ්‍රිතව අනතුරු 53ක් වාර්තා වූ බවයි එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ. අලුත් අවුරුදු සමයත් සමග මේ දිනවල අධිවේගී මාර්ග භාවිතය ඉහළ ගොස් ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා රියදුරන්ට වැඩිදුරටත් දැනුම් දෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222