Author: Anura Premakumara

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ආරම්භ වනවා. මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ. අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි අදියර යටතේ මෙම කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරන පළමු තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.

තව කියවන්​න

කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීමේ අරමුණින් ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ. තලවතුගොඩ වැව, දියවන්නා ඔය, නාගහමුල්ල වැව, කිඹුලාවල ඇල, බත්තරමුල්ල පාලම් තුන අසල ඇළ ඇතුළු තවත් වැව් හා ඇළ මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව සඳහන්. ජලය බැස යාම සඳහා ඇති ඇළ මාර්ග පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් ඉදිරියේදී ගංවතුර තත්ත්වය තවදුරටත් තීව්‍ර විය හැකි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

තව කියවන්​න

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. කොළඹදී පැවැත්වෙන මෙම තරගය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු තරග දෙකම ජයගත් නවසීලන්ත කාන්තා කණ්ඩායම මේ වන විට තරග දෙකට බිංදුවක් ලෙස තරගාවලිය ජය ගෙන තිබෙනවා.

තව කියවන්​න

අම්පාර, උහන, වෑරන්කැටගොඩ ප්‍රදේශයේදී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 07දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. උහන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18ත් 34ත් අතර වයස්වල පසුවන වෑරන්කැටගොඩ හා ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

ශ්‍රී ලංකාවට නිරිත දිගින් වූ ගැඹුරු මුහුදේදී විදේශීය යාත්‍රාවකින් එල්ල වූ ප්‍රහරයකින් පසු පිළිස්සුම් තුවාල ලැබූ ධීවරයෙකු, ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් ගමන් ගත් යාත්‍රාව අදාළ මුහුදු ප්‍රදේශයේදී විදේශීය යාත්‍රාවක ගැටී ඇති බවයි. පසුව විදේශීය යාත්‍රාවෙන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, සිද්ධියෙන් පිළිස්සුම් තුවාල ලැබූ මෙරට ධීවරයෙකු ගොඩ බිමට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස තුවාල ලාබා ඇත්තේ පසුගිය 22 වැනිදා මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙක් වන බවයි නාවික හමුදාව සදහන් කළේ. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ධීවරයින් සංඛ්‍යාව 05ක් එම ධීවර යාත්‍රාවේ සිට තිබෙනවා.

තව කියවන්​න

රුසියාව විසින් දෙවැනි දිනටත් යුක්රේනයේ කියෙව් ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශය ඇතුළු අවට සිටින සියලු යුක්රේන වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර යුක්රේනය සිදු කරන ගුවන් ආරක්ෂක වැඩපිළිවෙලේ සහ ජනතාවට ආරක්ෂිතව සිටීම සදහා ලබා දී ඇති ස්ථාන වල ඡායාරූප හෝ වීඩියෝ දර්ශන පටිගත කිරීමෙන් වලකින ලෙසද යුක්රේන වැසියන් සදහා උපදෙස් ලබා දී තිබෙනවා.

තව කියවන්​න

2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඔවුන් සිම්බාබ්වේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවය හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුනා . එම අවස්ථවේදී දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මාධ්‍ය වෙත අදහස් පල කරමින් සදහන් කළේ එක්දින ලෝක කුසලාන තරගයට සහ ආසියානු කුසලාන තරගයට හොද සූදානමකින් සිටින බවයි.

තව කියවන්​න

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා සිටින මන්ත්‍රීවරු අටදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවට අනිද්දා කැදවීමට නියමිතයි . මෙම මන්ත්‍රීවරුන් මධ්‍යම කාරක සභාව හමුවට කැඳවනු ලැබ ඇත්තේ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් . නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ රංජිත් සියඹලාපිටිය යන මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවට කැදවීමට නියමිතයි .

තව කියවන්​න

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට පාස්කු වින්දිතයන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට ලබාදී තිබු කාලය අදින් අවසන්වීමට නියමිතයි . පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමෙන් අනතුරුව මෙම වන්දි මුදල් ගෙවීමට නියෝග කෙරුනා . ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඔහුට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100 න් ඊයේ මිලියන 15 ක් පමනක් ගෙවා තිබුනා . හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ගෙවීමට නියම වූ සමස්ත වන්දි මුදල රුපියල් මිලියන 311 ක් වන අතර ඉන් මේ වනවිට හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇත්තේ රුපියල් මිලියන…

තව කියවන්​න

රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විපක්ෂය විරුද්ධ වන්නේ නම් අවම වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 113 දෙනෙකුගේ විරුද්ධත්වය ඒ සඳහා පෙන්විය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. පාර්ලිමෙන්තුව නියෝජනය කරන ඕනෑම පක්ෂයක හෝ කණ්ඩායමක මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු කමිටුවක සභාපතීත්ව හෝ සමාජාකත්වය දැරීමේ අයිතියක් තිබෙන බවත් ඔහු සදහන් කළා . රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීම සඳහා වන කමිටුවේ පත් කිරීම් සම්බන්ධයෙන් විරුද්ධත්වයක් ඇත්නම් එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළින් විපක්ෂය පෙන්වා දිය යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා . මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ…

තව කියවන්​න