- අදත් විදුලි කප්පාදුවක්
- ජනපති අද දිවයිනට
- USAID අත්හිටුවීමෙන් රටවල් 50කට බලපෑම්
- පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට පාර්ලිමේන්තුවට
- රජයේ වී ගබඩා තවමත් හිස්
- නාමල්ට එරෙහි නඩුවකට නීතිපති උපදෙස් විමසයි
- යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් සීරුවෙන්
- අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල්ගි ගිණුම්වලට
Author: Anura Premakumara
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විශ්වීය කාලාන්තර සමාලෝචන වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වී තිබෙනවා. කෙසේ වෙතත්, අදාළ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි සුභාෂිනි අරුණතිලක මහත්මිය සදහන් කළේ එහි අන්තර්ගත කරුණු බහුතරයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවයි. එමෙන්ම, ඕනෑම පුරවැසියෙකුට අදහස් ප්‍රකාශ කිරීම හා සාමාකාමීව රැස්වීම වැනි අයිතීන් ශ්‍රී ලංකාව ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කර ඇති බවද ඇය මෙහිදී අවධාරණය කළා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 29 වැනි රැස්වීම පැවැත්වුණේ ස්විට්සර්ලන්තයේ ජිනීවා අගනුවරදීයි.
ස්වීඩනයේ කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එය ආගම් ඇදහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බවයි ජනාධිපතිවරයා පවසන්නේ. එමෙන්ම ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා. මේ අතර අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටහිර ජාතීන්ගෙන් ඉල්ලීමක් කළා.
පොළොන්නරුව මනම්පිටිය බස්රථ අනතුරින් මිය ගිය, අනන්‍යතාවය හෙළි කර ගැනීමට අපහසු වූ සිරුරු භූමදානය කර තිබෙනවා. පසුගියදා පොළොන්නරුව ප්‍රදේශයේදී බස්රථයක් අනතුරට ලක්වීමෙන් 11 දෙනෙකු මිය ගියා. එමෙන්ම තවත් 40 කට අධික පිරිසක් තුවාල ලබා තිබුණා. රියදුරුගේ අධික වේගය අනතුරට හේතුව බවයි පොලිසිය පැවසුවේ. මේ අතර එම බස්රථය බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදී ඇති බව ද පොලිසිය සදහන් කළා.
ජනාධිපති කාර්ය මණ්ඩලයට තවත් පිරිසක් බඳවා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව මෙය නිකුත් කර ඇති බව සදහන්. ඒ අනුව ජනාධිපති ජේ්‍යෂ්ඨ සහකාර ලේකම්වරුන්, ජනාධිපති සහකාර ලේකම්වරුන්, පූර්ණ කාලීන අධ්‍යක්ෂවරුන්, ගණකාධිකාරිවරුන් සහ මූල්‍ය නිලධාරින් පිරිසක් පත් කළ පිරිසට ඇතුලත් වනවා.
ගුරු සහයකයින් කඩිනමින් ගුරු සේවයට අනුයුක්ත කළ යුතු බව ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. ආණ්ඩුව ඒ සදහා පියවර නොගතහොත් ඉදිරියේදී විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි ඔහු සදහන් කළේ.
ගැටලු රැසක් මතු වූ නිර්වින්දන ඖෂධ 2 ක් භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ වෙනුවට වෙනත් නිර්වින්දන ඖෂධයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සදහන් කළා. එම ඖෂධ තොගය හෙට දිවයිනට ලැබෙන බවද ඔහු ප්‍රකාශ කළා. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා මෙම නිර්වින්දන ඖෂධ සම්බන්ධ අදහස් පළ කළා. මේ අතර පසුගියදා අදාළ නිර්වින්දන ඖෂධ භාවිතා කර සැත්කම් සිදු කළ කාන්තාවන් කිහිපදෙනෙකු මිය යාමත් සමග මෙම නිර්වින්දන ඖෂධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.
2023 – 2024 මහ කන්නයේදී පොහොර මිලදී ගැනීම සදහා ගොවීන්ට වවුචර්පත් නිකුත් නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. රසායනික පොහොර හෝ කාබනික පොහොර මිලදී ගැනීම සදහා රජය විසින් ගොවීන්ට වවුචර්පත් සහනාධාරයක් වශයෙන් පසුගියදා ලබා දුන්නා. කෙසේ වෙතත් පොහොර මිලදී ගැනීම සදහා ගොවි ගිණුම්වලට සෘජුවම මුදල් බැර කිරීමට තීරණය කළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ. වවුචර්පත් බෙදාහැරීමේදී පවතින ප්‍රායෝගික ගැට`ඵ හේතුවෙන් මින් ඉදිරියට වවුචර්පත් ලබා නොදීමට තීරණය කළ බවද ඔහු සදහන් කළා. මේ අතර වී සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් විරෝධතාවයක නිරත වුණා. එමෙන්ම වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා වී…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මෙම සමාලෝචනය සිදුවන තෙක් දැනට සිදු කර ඇති ප්‍රතිසංස්කරණ කිසිවක් වෙනස් කළ නොහැකි බවයි ඔහු පැවසුවේ. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව අවධාරණය කළා.
ශ්‍රී ලංකාවේ ආදායම් ප්‍රවර්ධනය ගැන ඉදිරි වැඩසටහන අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය සිදු කෙරෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ. මේ යටතේ ජනතාවට පීඩනයක් නොවන පරිදි ආදායම් වැඩි කිරීමේ ක්‍රමවේද පිළිබද යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.
බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම් ආරම්භ කර තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ ඒ සදහා කණ්ඩායමක්ද යොදවා ඇති බවයි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්්‍ය නිලාන් මිරෙන්ඩා මහතා. මේ අතර පසුගියදා පොළොන්නරුව ප්‍රදේශයේදී බස්රථයක් අනතුරට ලක්වීමෙන් 11 දෙනෙකු මිය ගිය අතර තවත් 40 කට අධික පිරිසක් තුවාල ලැබුවා. එහිදි අනාවරණය වූයේ බස් රථය බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදී ඇති බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222