Author: Anura Premakumara

පළාත් පාලන ආයතන යළි කැඳවීමේ මන්ත්‍රී යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් ජනමත විචාරණයකින් අනුමත විය යුතු යැයි නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තව කියවන්​න

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනය වූ අද පැවති තරගවලින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කම් 2 ක් ජයග්‍රහණය කිරීමට නදීෂා ලේකම්ගේ සහ ගයන්තිකා අබේරත්න සමත් වුණා. මීටර 1500 කාන්තා ධාවන ඉසව්වේදී ගයන්තිකා අබේරත්න විනාඩි 4 යි තත්පර 14 යි දශම 3 යි 9 ක කාලයක් වාර්තා කරගනිමිනුයි මෙම පදක්කම් හිමි කර ගනු ලැබුවේ. එහි රන් සහ රිදී පදක්කම් හිමි වුණේ ජපානයටයි. එමෙන්ම හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වේදි නදීෂා ලේකම්ගේ මීටර 60 යි දශම 9 යි 3 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට සමත් වුණා. ඇය දැක් වූ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකා වාර්තාවක් ද වනවා.…

තව කියවන්​න

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද පැවති තෙවනි සහ අවසන් 20 යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක ජයක් ලැබීමට සමත් වුණා. ශ්‍රී ලංකා පිල ලකුණු 141 ක ජයග්‍රාහි ඉලක්කයක් පන්දු වාර 14 කදී කිසිවෙකු නොදැවි රැස් කිරීමට සමත් වී තිබෙනවා. එහිදි චමරි අතපත්තු පන්දු 47 කදී 4 පහර 13 ක් සහ 6 පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 80 ක් රැස් කිරීමට සමත් වුණා. හර්ෂිතා මාධවි පන්දු 40 කදී 4 පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 47 ක් රැස් කළා. නවසීලන්තය මෙම තරගාවලියේ පළමු තරග 2 ජය ගැනීම හේතුවෙන් 2 ට 1 ක් ලෙස තරගාවලිය ජයගනු…

තව කියවන්​න

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවරයෙක් සඳහන් කර සිටියේ මෙම වසරේ ගත වූ මාස 6 ඇතුළත සමාජ මාධ්‍ය හරහා පැමිණිලි 9858 ක් ලැබී ඇති බවයි. මෙසේ පැමිණිලි කර ඇති පුද්ගලයින්ගෙන් බහුතරයක් කාන්තාවන් බවයි අනාවරණය වී ඇත්තේ. එම පැමිණිලිවලින් 2330 ක්, මෙම වසරේ වාර්තා වූ වැඩිම පැමිණිලි සංඛ්‍යාව බවයි තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ෆෙස්බුක් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී ඔන්ලයින් හරහා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම යනාදිය මෙම පැමිණිලිවලට අයත් බවයි තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවරුන් පවසන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාව තුළ සංහිදියාව ඇති කිරීමේ කාර්යභාරය මීළඟ පරම්පරාවට උරුම නොකර එය වර්තමානයේදීම විසඳීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසනවා. සංහිදියා ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු විසදා ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවත් එම ප්‍රයත්නය සාර්ථක කරගතහොත් රටක් ලෙස වසරක් පාසා ජිනීවා විත්ති කූඩුවට නැගීමට අවශ්‍ය නොවන බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් පිළිබද සිවිල් සමාජය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින්.

තව කියවන්​න

අස්වැසුම සුභසාධන වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කර නොමැති අස්වැසුම සුභසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ හිමියන්ට මෙම මාසයේ සිට අදාළ දීමනාව ලැබෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. අභියාචනා නව ලක්ෂ අසූ දෙදහස් හත්සිය හැත්තෑවක් සහ විරෝධතා හැට දෙදහස් තුන්සිය හැට අටක් මේ වන විට ලැබී ඇති අතර වැඩිහිටි, ආබාධිත, වකුගඩු දීමනා ගෙවීමේ වෙනසක් සිදු නොවන බවටයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට පේරාදෙණිය රෝහලට පැමිණි 21 හැවිරිදි තරුණියක් එන්නත් 2 ක් ලබා ගැනීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වනවා. මෙසේ මියගොස් ඇත්තේ කඩුගන්නාව පොත්තපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවටයි අප වාර්තාකරු කියා සිටියේ. ලබාදුන් එන්නත විස වීම හේතුවෙන් තමාගේ දෙනෙත් ඉදිරියේ තම දියණිය මියගිය බවටයි මියගිය තරුණියගේ මව කියා සිටියේ.

තව කියවන්​න

මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළදී කොළඹ දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන් 100 ක් පමණ වාර්තා වන බව කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා. මෙරට වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි අනාවරණය වී ඇත්තේ. එමෙන්ම ක්ෂය රෝගීන් ද ලංකාවේ වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ නගර සීමාවෙන් බවටයි වාර්තා වන්නේ. ලාදුරු සහ ක්ෂය රෝගීන් හදුනා නොගතහොත් එය තවත් අයෙකුට බෝවීමේ අවදානමක් පවතින බව ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

තව කියවන්​න

ඉරිදා දිනවල උදෑසන සහ  පොහොය දිනවලදී පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් සබරගමුව පළාත තුළ පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා. සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සදහන් කළේ තමන් උගන්වන පංතියේ සිසුන්ට මුදල් අයකර අමතර පංති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කළ නියෝගය ද දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුකාරවරයා උපදෙස් ලබාදුන් බවයි. පළාතේ දහම් අධ්‍යාපනය ඉහළ නැංවීම සදහා ඉරිදා දිනවල පෙරවරුවේ පෞද්ගලික උපකාරක පංති තහනම් කරනු ලැබුවා. එමෙන්ම මෙම නීති කඩකරන්නේ දැයි සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

අන්තර්ජාලය හරහා ඇණවුම් කළ භාණ්ඩ බෙදාහරිමින් සිටි භාණ්ඩ බෙදාහැරීම් සේවා සමාගම් 2 ක සේවකයින් දෙදෙනෙකු ගැටගසා ඔවුන් සතුව තිබූ ලක්ෂ 3 කට ආසන්න වටිනාකමින් යුතු භාණ්ඩ හා මුදල් තොගයක් පැහැරගෙන ගොස් තිබෙනවා. මෙලෙස මුදල් තොගය පැහැරගෙන පළා ගිය සංවිධානාත්මක කල්ලිය සොයා ඉපලෝගම පොලිස් ස්ථානය මගින් මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා. ඉපලෝගම පොලිස් වසමට අයත් සේනපුර යාය 5 ප්‍රදේශයේදි මෙම මංකොල්ලාකෑම සිදු වී ඇති බවයි පොලිසිය සදහන් කළේ. අදාළ සිදුවීමට මුහුණපෑ සේවකයින් දෙදෙනා ඉපලෝගම පොලිස් ස්ථානයට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමෙන් අනතුරුවයි පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

තව කියවන්​න