Author: Anura Premakumara

නව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ නිර්දේශය මතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැමිනට් මණ්ඩලය මෙම පත් කිරීම සිදු කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ක්‍රීඩා විද්‍යව පිළිබඳ දර්ශන ආචාර්ය උපාධියක් ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ආචර්ය ප්‍රනාන්දු මහතායි. ඔහු 2017 සහ 2018 වසරවලදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කුසලතා පූර්ණ ක්‍රීඩා විද්‍යාර්ථියා සදහ පිරිනැමෙන ජනාධිපති ක්‍රීඩා සම්මානය මෙන්ම 2018 වසරේ විශිෂ්ටතම කුසලතා පූර්ණ ක්‍රීඩා විද්‍යාර්ථියා සදහා වන සේද ක්‍රීඩා සම්මානයෙන්ද පිදුම් ලබා තිබෙනවා.

තව කියවන්​න

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් නව වාර්තා කිහිපයක්ම අලුත් කිරීමට සමත් වුණා. එම වාර්තා අතරට ලෝක වාර්තාවක් ද ඇතුළත් වීම විශේෂත්වයක්. කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 140 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 3 ක් පමණක් වැය කරමින් ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදීයි. චමරි අතපත්තු පන්දු 47 කින්…

තව කියවන්​න

ගුරු හිගයට විසදුම් ලබා දීමෙන් පසුව පාසල් කළමණාකරණ සේවයක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඊයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශය කළා. වෘත්තිය ගැටළුවලට විසදුම් ලබා දීම තුළින් ධනාත්මක ප්‍රතිපල අත්කර ගැනීමට හැකි වනු ඇති බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කළේ.

තව කියවන්​න

ජනාතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකදෙන්නැයි සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ ඡන්ද නොමැතිකම හේතුවෙන් ආණ්ඩුව මැතිවරණ කල්දමා ඇති බවයි. පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිසම හමුවට පැමිණි අවස්ථාවේ මන්ත්‍රිවරයා මෙම අදහස් පලකළා. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා ද මාධ්‍යට අදහස් පලකළා.

තව කියවන්​න

අස්වැසුම වැඩසටහන සදහා රජය රුපියල් බිලියන 206ක් වැය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් රජය පසුගිය වසරේදී රුපියල් බිලියන 144ක් වෙන්කර තිබු බවයි ශෙෂාන් සේමසිංහ මහතා සදහන් කළේ. විරෝධතා සහ උද්ඝෝෂණ මගින් අස්වැසුම වැඩපිළිවෙල අඩාල කිරීමට කිසිවෙකුට නොහැකි බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළා.

තව කියවන්​න

හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 135ක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට වව්නියාව මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. වව්නියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලිවන් මහතා විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ. 2017 වසරේ වව්නියා පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. අදාළ සිද්ධියට ඔහුට වසරකට පමණ පසු ඇප නියම කර තිබුණු අතර දීර්ඝව පැවති නඩු විභාගයේ දී රජයේ රස පරීක්ෂකවරයා නිර්දේශ කර තිබුණේ සැකකරු ප්‍රවාහණය කර ඇත්තේ ශූද්ධ හෙරොයින් බවයි. එහි වෙනත් කිසිදු ද්‍රව්‍යක් අඩංගු වී නොමැති බව ද ඔහු අධිකරණයට දැනුම් දී තිබුණා. ඒ අනුව කරුණු විමසා බැලු මහාධිකරණය විනිසුරුවරයා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහුට මරණීය දණ්ඩනය නියම…

තව කියවන්​න

නිර්වින්දන එන්නතක් ලබා දීමෙන් පසුව තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ තරුණිය උදරාබාධයක් හේතුවෙන් ප්‍රේරාදෙනිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබුණා. එහිදී මෙම තරුණියට එන්නත් දෙකක් ලබා දී ඇති අතර ඉන් පසුව ඇති වු සංකූලතා හේතුවෙන් තරුණිය මියගිය බවයි ඇගේ ඥාතීන් පවසන්නේ. අදාළ සිදුවීමට පිළිබද එම තරුණියගේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා. මේ අතර ගැටළු රැසක් මතුවු නිර්වින්දන ඖෂධ දෙකක් භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් වෙනත් නිර්වින්දන ඖෂධයක් ආනායනය කිමරීට පියවර ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ අදාළ ඖෂධ තොගය අද…

තව කියවන්​න

නීති විරෝධිව මෙරටට රැගෙන ආ උඳු කිලෝ 39,000ක් ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබෙනවා. රේගුව පැවසුවේ පරිප්පු ලෙස හගවමින් මෙම උඳු තොගට මෙරටට රැගෙනවිත් ඇති බවයි. කඩල පරිප්පු කිලෝ ග්‍රෑම් 48,000ක් ලෙස ප්‍රකාශ කර රේගු බදු ලෙස රුපියල් 482,550ක මුදලක් ගෙවා ආනයනය කළ බහාලුම් දෙකක තිබියදීයි මෙම උදු තොගය සොයාගෙන ඇත්තේ. එහි වටිනාකම රුපියල් මිලියන 62ක් පමණ බව රේගුව සදහන් කළා. අදාළ බහාලුම් පරීක්ෂා කිරීමකින් තොරව බැහරට ගියේ නම් රජයට රුපියල් ලක්ෂ 78ක මුදල් අහිමි වීමට තිබු බවයි රේගුව සදහන් කළේ.

තව කියවන්​න

යුක්‍රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම සඳහා වන කාල රාමුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බව නේටෝ සංවිධානය නිවේදනය කරනවා. තම රටට සාමාජිකත්වය ලබාදීම කල් දැමීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන බවයි යුක්‍රේන ජනාධිපති වොල්දොමියර් සෙලෙන්ස්කි සඳහන් කරන්නේ. නේටෝ සංවිධානයට අයත් සියලු සාමාජිකයින්ගේ එකඟතාව හා කොන්දේසි ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණෙන බව නේටෝ සංවිධානය පවසනවා. රුසියාව සමඟ යුද ගැටුම් පවතින අතරතුර දී යුක්‍රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට හැකියාවක් නොමැති අතර යුද ගැටුම් අවසන් වූ වහාම සාමාජිකත්වය ලබාගැනීමට හැකියාව ලැබෙන බවයි එම සංවිධානය පවසන්නේ. කෙසේ වුවද තමාට සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් නේටෝ සංවිධානය පසුගාමීව කටයුතු කරන බවයි…

තව කියවන්​න

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා . වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි සතියේදී මෙලෙස භාණ්ඩ වර්ග 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගැනීමට නියමිත බවයි .

තව කියවන්​න