Author: Anura Premakumara
අධික උණුසුමෙන් දකුණු දිග යුරෝපයේ ජනතාව පීඩාවට පත්ව සිටිනවා. මේ දිනවල යුරෝපයේ මෙන්ම ඊසාන දිග අප්‍රිකාවේ රටවල් රැසකට අධික උෂ්ණත්වයක් බලපා තිබෙනවා. ඉතාලිය , ස්පාඤ්ඤය, ප්‍රංශය , ග්‍රීසිය , ක්‍රෝඒෂියාව හා තුර්කිය යන රටවලටයි එය දැඩිව බලපා ඇත්තේ. ඉතාලියේ රෝමය හා ෆ්ලෝරන්ස් යන නගරවල උෂ්ණත්වයේ ඉහළම අගය ලෙස සෙල්සියස් අංශක 48.8 ක් වාර්තා වුණා.
මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් නිකුත් කරන ලද මගි ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ බස් රථ තුනකට එරෙහිව හැටන් මහෙස්ත්රාරත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනිමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (13) දින කටයුතු කර තිබෙනවා. ඒ අනුවල හැටන් නුවරඑලිය මාර්ගයේ ධාවනය කල සුඛෝපභෝගි බස් රථ දෙකකට සහ හැටන් විග්ටන් මාර්ගයේ ධාවනය කළ බස් රථයකට එරෙහිව අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනිමටයි පියවර ගෙන ඇත්තේ. හැටන් බස් නැවතුම්පොලේ සිට ගමන් ආරම්භ කරන මෙම පෞද්ගලික බස් රථ තුන පෞද්ගලික බස් නැවතුම්පොලේ වේලා සටහන්කරුවන්ගේ සහය ඇතිව ධාවනය කර ඇති බවද අනාවරණ වී තිබෙනවා. ධාවනයෙන් ඉවත් කල බස් රථ තුනේ අයිතිකරුවන්ට මධ්‍යම…
කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 14 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට පවසනවා. ඒ අනුව අනිද්දා පෙරවරු 8 සිට ජලකප්පාදුව සිදු කෙරෙනු ඇති. කොළඹ 01, 02, 03, 04 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කළේ. එමෙන්ම කොළඹ 07, 08, 09, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලටද අදාළ කාලය තුළ ජලසැපයුම අත්හිටුවනු ඇති.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බලපත්‍ර නොමැතිව ධාවනය කළ බස් රථ තුනකට එරෙහිව නඩු පවරා ඇති බව පොලිසිය පවසනවා. හැටන් ප්‍රදේශයේ ධාවනය වු බස් රථ තුනකට එරෙහිව මෙලෙස නඩු පැවරීමට පියවර ගත් බවයි පොලිසිය සදහන් කළේ. හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙලෙස අදාල බස්රථ හිමියන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා. හැටන් පුද්ගලික බස් නැවතුම්පොලේ සිට ධාවනය වන සියලු බස් රථ පොලිස් පරීක්ෂාවට ලක් කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
සේවක අර්ථසාධක අරමුදලේ විශ්‍රාම පුර්ව ප්‍රතිලාභ අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව පැවසුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට මෙම පහසුකම ලබා දී ඇති බවයි. ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබා ගත හැකි බවයි. මේ අතර සේවක අර්ථසාධක අරමුදල් පනතට සංශෝධන එක් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගය පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ප්‍රතිලාභ සුරැකීමට කටයුතු කරන බවයි.
ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් හෙට(14) පැවැත්වීමට නියමිතව තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනුයි මෙම විශේෂ රැස්වීම කැදවා ඇත්තේ. ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට පෙරවරු 09.30 ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතයි. කොමිෂන් සභා සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුවනු ඇති.
සෞඛ්‍ය වෘත්තිය සමිති සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද පැවැත් වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. ඖෂධ හිඟය, එන්නත් ගැටළුව සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවක ලක්ව තිබුණා. විපක්ෂ නායකවරයාට පැවරී ඇති බලතල අනුව සෞඛ්‍ය වෘත්තිය සමිති මෙලෙස පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවූ බවයි විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේ. මෙම අවස්ථාවට එක්ව සිටි සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා මෙලෙස මාධ්‍යට අදහස් පල කළා.
රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා පැවසුවේ රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හදුන්වාදෙන බවයි. රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සදහා උපාය මාර්ග සෙවීමට පත් කළ කමිටු වාර්තාව පිළිගනිමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. අදාළ වාර්තාව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්වනු ලැබුවා. රජය වැය කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගත යුතු නමුත් බොහෝ විට එය රාජ්‍ය වියදම් ක්‍රියාවලිය තුළ සිදු නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. කිසිදු ප්‍රතිලාභයක් නොමැති කටයුතු සදහා රාජ්‍ය මුදල් සීමාවකින් තොරව වැය කිරීම ද මෙරට ආර්ථික අර්බුදයට…
ගොවීන් වගා කරන එළවළු සහ පළතුරු එම ගොවීන්ගෙන් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන්ගේ බදු බලපත්‍ර අහෝසි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඇතැම් වෙළඳුන් අතරමැදියන්ගෙන් එළවළු හා පළතුරු මිලදී ගෙන ගොවීන් මෙන්ම, පාරිභෝගිකයින් ද සූරාකෑමේ ජාවාරමක් දියත් කරමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ. ඒ අනුව එලෙස කටයුතු කරන වෙළඳුන්ගේ බලපත්‍ර අහෝසි කර වෙනත් පුද්ගලයින්ට පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
හැටන් ප්‍රදේශයේ පාසල් ළමුන් සහ ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් ප්‍රවාහනය කරන බස් රථ හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. මෙලෙස පරීක්ෂාවට ලක් කෙරුණු බස් රථ 17 ක තිබූ අඩුපාඩුකම් සහ එම බස්රථවලට සවි කර තිබූ අමතර උපාංග ගලවා ඉවත් කිරීමට දින 14 ක කාලයක් ලබා දුන් බවයි හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පවසන්නේ. ඇතැම් රියදුරන් හට මගී සේවා රියදුරු බලපත්‍රයක්වත් නොමැති බවට මෙහිදි අනාවරණය වී තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ බස්රථ අනතුරු හේතුවෙන් හැටන් පොලිසිය විසින් මෙම හදිසි පරීක්ෂාව සිදු කරනු ලැබුවා. – Vide
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222