- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Anura Premakumara
යුක්තිය මෙහෙයුමෙන් පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍ය මැයි මාසය තුළ විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. පොලිස්පතිවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා විශේෂ ස්ථානයක් පුත්තලම දිස්ත්‍රික්කය ආශ්‍රිතව මේ වනවිටත් නිර්මාණය කර ඇති බවයි. නුවරඑළිය ප්‍රදේශයේ පැවැති උත්සවයට එක්වෙමින් පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා මේ බව සඳහන් කළා. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ අපරාධකරුවන් හා සම්බන්ධතා ඇති පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී සඳහන් කළේ.
රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසනවා. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ අතර ඒ නිසා රටේ ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභද එම සියලුදෙනාට හිමිවිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාවතගම පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ දොරටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ සැරයන්වරයෙක් මෙලෙස ඊයේ දිනයේදී අත් අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. මෙම සැකකරුවන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
ඊශ්‍රායලය විසින ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහාන් ප්‍රදේශයට මිෂයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඉරානය මීට පෙර ඊශ්‍රායලයට මිෂයිල ප්‍රහාර සහ ඩෝන ප්‍රහාර එල්ල කළ අතර, පසුව ඊට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගියදා ඊශ්‍රායල යුධ කැබිනට් මණ්ඩලය ද රැස් වුණා.
දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් සහ කැළණිවැලි මාර්ගයේ ගමන් වාර දෙකක් ලබන 25 වැනිදා දක්වා මෙලෙස අවලංගු කළ බවය එම දෙපාර්තමෙන්තුව සඳහන් කළේ. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ උදෑසන 07.02ට කොළඹ – කොටුව සිට රාගම බලා ධාවනය වන දුම්රිය සහ රාගම සිට උදෑසන 07.30 ට කොළඹ – කොටුව බලා ධාවනය වන දුම්රිය අවලංගු කර තිබෙනවා. එමෙන්ම කැලණිවැලි මාර්ගයේ පාදුක්ක දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.20ට කොළඹ – කොටුව බලා ධාවනය වන දුම්රිය සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 07.15 පාදුක්ක බලා ධාවනය වන…
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද ආරම්භ වනවා. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලොක් සභාව සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් රාජ්‍ය සභාව ලෙස කොටස් දෙකකින් සමන්විතයි. ඒ අනුව අද මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543ක් සඳහා නියෝජිතයින් පත් කර ගැනීම වෙනුවෙන්. මහ මැතිවරණය, මාස දෙකහැමාරක් තුළ අදියර 7 ක් යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අද දිනයේදී පළමු අදියරත්, අප්‍රේල් 26 වැනිදා දෙවැනි අදියරත්, මැයි 7 වැනිදා තෙවැනි අදියරත්, මැයි 13 වැනිදා සිවුවැනි අදියරත්, මැයි 20 වැනිදා පස්වැනි අදියරත්, මැයි 25 වැනිදා 6 වැනි අදියරත්, ජූනි 1 වැනිදා හත්වැනි අදියරත් පැවැත්වෙන බවයි ඉන්දීය…
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 33 වැනි තරඟයෙන් ලකුණු 09ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ පංජාබ් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 192ක් රැස් කළා. එහිදී සූරියකුමාර් යාදව් පන්දු 53දී ලකුණු 78ක් සහ තිලක් වර්මා පන්දු 18දී නොදැවී ලකුණු 34ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී හර්ෂාල් පටෙල් කඩුළු 3ක් සහ සෑම් කරන් කඩුළු 2ක් බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 183ක් පමණයි. එහිදී…
ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහා නැවත මෙලෙස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ට කැඳවීමක් සිදුකර ඇති බව සඳහන්. ඒ අනුව අද පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස තමන් වහන්සේට ලිකිතව දැනුම් දුන් බව සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළා.
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බොහෝ දෙනා අසීරු බව පැවසූ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළදි රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයන් සමඟ නුවරඑළිය ජනාධිපති මන්දිරයේ පැවති හමුවට එක්වෙමින්.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 32 වැනි තරඟයෙන් කඩුළු 6ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි. ගුජරාට් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ රෂීඩ් ඛාන් පන්දු 24දී ලකුණු 31ක් රැස් කළා. පන්දු යැවීමේදී මුකේෂ් කුමාර් කඩුළු 3ක් බිඳ හෙලුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ල කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 5ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 92ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222