Author: Anura Premakumara

රජය රටතුළ සෞඛ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී සෞඛ්‍ය වෘත්තිය සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළා. සත්‍ය රටට හෙළි කරන රාජ්‍ය සේවකයින් මර්දනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ද සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

තව කියවන්​න

ප්‍රමුඛ පෙළ් චීන ආයෝජකයින් පිරිසක් ගවේෂණ චාරිකාවක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා. අදාළ අයෝජකයින් පිරිස ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා. මෙරට ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබදව මෙහිදී චීන ව්‍යවසායකයින් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ. සංචාරක හා හෝටල් කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ , කෘෂිකර්මය , ඖෂධ , ආහාර සැකසුම් යන ක්ෂේත්‍ර ඒ අතර වැඩි අවස්ථාවක් පවතින බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

තව කියවන්​න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කතානායක මහින්ද යාපා අබේව්ර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 09.30 ව්‍යවස්ථා සභාව රැස්වනු ඇති. මෙහිදී කොමිෂන් සභා සාමාජිකයින් පත්කිරම සම්බන්ධයෙන් සහ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 20 වනදා පැවැත්වීමයි කටයුතු යොදා ඇත්තේ. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය මේ බව සදහන් කළා. එමෙන්ම දුෂණ විරෝධි පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදය ලබන 19 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. පාර්ලිමේන්තුව ජුලි 18 වනදා සිට 21 වනදා දක්වා යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

ඉන්දියාව ඓතිහාසික සඳ තරනය කිරීමේ තුන්වන මෙහෙයුම දියත් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙහිදී චන්ද්‍රයාන් 3 නැමැති යානය කක්ෂගත කිරීම, ගොඩබෑම සහ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යෑමට සැලසුම් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ. ඒ අනුව ලබන අගෝස්තු 23 සහ 24 යන දෙදින තුළ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම සඳ තරනය කිරීමේ මෙහෙයුම සාර්ථක වුවහොත් ඇමරිකාව, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසු සඳ මත මෘදු ගොඩබෑමක් සිදු කළ සිව්වන රට බවට ඉන්දියාව පත්වනු ඇති. ඉන්දායාව මීට පෙර අවස්ථා දෙකකදී සඳ තරනය කිරීමට උත්සහ කර තිබෙනවා.

තව කියවන්​න

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරාගවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුලත්. මෙහිදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක යළි ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා. එමෙන්ම වමතින් වේග පන්දුයවන ක්‍රිඩක දිල්ෂාන් මදුශංඛ ද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුලත්. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 16 වැනිදා ගාල්ලේ දී ද, දෙවැනි ටෙස්ට් තරගය ජූලි 24 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන කටයුතු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා. අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ සිදුකෙරුණු සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්‍රයෙහි අමාත්‍යවරයාගේ විසින් දුර්ලභ ”පඬු කරඳ” ශාකයක් රෝපණය කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. මීට අමතරව කිලිනොච්චිය සහ යාපනය දුම්රිය ස්ථානවලද ”පඬු කරඳ” ශාක රෝපණය කිරීමට කටයුතු කළා. එහිදී වැඩිදුරටත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා.

තව කියවන්​න

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 10ක මුදල මේ වන විට ගෙවා අවසන් කර තිබෙනවා. එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ගෙවීමට නියමිත රුපියල් මිලියන 50ක මුදලින් මේ වන විට රුපියල් මිලියන 2ක මුදලක් ගෙවා අවසන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රානාන්දු මහතා රුපියල් මිලියනයක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා රුපියල් මිලියන 05ක් ලෙස නැවත ගෙවා ඇති මුදල රුපියල් මිලියන 6ක් බව හානි පූර්ණය සදහා වන කාර්යාලය සදහන් කළා. ඒ අනුව මේ දක්වා පාස්කු ප්‍රහාරයේ විනිදිතයන්ට රුපියල් තුන්කෝටී තිස් අට ලක්ෂ…

තව කියවන්​න

ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු සාමාන්‍ය පරිදි සිදකෙරන බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසනවා. එහි සභාපති දීප්ති කුලරත්න මහතා කියා සිටියේ බෙදා හැරීමේ කටයුතු ද මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බවයි. මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13ක ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන බව ද සභාපතිවරයා සදහන් කළා. මේ වසරේ මේ දක්වා ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 37ක් බෙදා හැරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම කටයුතු කර තිබෙනවා. ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා අවශ්‍ය බඩ ඉරිගු ඉන්දියාවෙන් ආනයනය කිරීමටයි කටයුතු කර ඇත්තේ. මාසයක් සදහා අවශ්‍ය ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා බඩ ඉරිගු මෙටි්‍රක් ටොන් 15ක් පමණ අවශ්‍ය වන අතර එය දේශීයව සපයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

තව කියවන්​න

ගැබිණි මව්වරුන්ට ලබාදුන් ගෙවීම්, තහවුරු කර එවන ලෙස ආසියානු සංවර්ධන බැංකුව විසින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ 2022 වසරේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ගර්භනී මව්වරුන්ට රුපියල් 2500 බැගින් ලබාදීම සිදු කෙරුණා. ඒ අනුව ඊට අදාළ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙසයි ආසියානු සංවර්ධන බැංකුව දැනුම් දී ඇත්තේ. ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වුණු මෙම වැඩසටහන මගින් මාස 4 ක් තුළ එක් අයදුම්කරුවෙකුට රුපියල් 10,000 බැගින් ලබා දී තිබෙනවා.

තව කියවන්​න

මහ නගර සභා හා ප්‍රාදේශීය සභා වලට අදාල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමක් ගොනු කර තිබෙනවා. සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසිනුයි අදාළ පෙත්සම ගොනු කර ඇත්තේ. අදාළ කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. මෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවලට අදාළ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ද ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා.

තව කියවන්​න