Author: Anura Premakumara
නුගේගොඩ මිරිහාන පාර අලෙවි සැලක තිබු සැහැල්ලු ඩ්‍රෝන යානා 15 ක් සොරාගත් සැකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසනවා. සැකකරුවන් එහි සේවකයන් වශයෙන් සිටියදී ඉකුත් ජූනි මස 20 දින මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් විමර්ශන අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරුවන් නුගේගොඩ, පන්නිපිටිය සහ මාවතගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සදහන් කළේ .
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල අද දිනයේද තවත් දුර්වල වී ඇති බව වාර්තා වුණා. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 310.49 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 324.67 ක් ලෙස සටහන් වුණා.
ඩයලොග් පාසල් රග්බි තරගාවලියේ තවත් තරග කිහිපයක් අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද දිනයේ කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය සහ නුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරගය පස්වරු 4 ට හැව්ලෝක් පාර්ක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට පස්වරු 4 ට පැවැත්වීමට නියමිතයි. එමෙන්ම කොළඹ සහිරා විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය අතර තරගය මෙන්ම කොළඹ ඉසිතපතන සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගයක් හෙට පස්වරු 4 ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මිට අමතරව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය අතර තරගය ද හෙට පස්වරු 4 ට ආරම්භ කිරීමට නියමිතව…
රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිව යුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පැමිණිල්ලක් සිදු කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම කෙරෙහි ද සිය පක්ෂයේ අවදානය යොමුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සදහන් කළා. විපක්ෂ නායකවරයා සමග පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙම අදහස් දැක්වීම සිදු කර තිබෙනවා.
ඇස්පාටෙම් නම් කෘතිම රසකාරකය හේතුවෙන් පිළිකා කාරක සෛල මිනිස් සිරුර තුළ වර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිවේදනය කර තිබෙනවා. පැණි බීම, අඩු සීනි ආහාර වර්ග මෙන්ම, යෝගට් වර්ග, අයිස් ක්‍රීම්, ජෙලටීන් අඩංගු ආහාර වර්ග, චුයින්ගම්, දත් බෙහෙත් වර්ග මෙන්ම උදැසන ආහාරයට ගන්නා සීරියල් වර්ගවල ද මෙම කෘතිම රසකාරකය අඩංගු බවයි එම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ. ලොව ප්‍රමුඛතම සංවිධානයක් කෘතිම රසකාරකයක් සම්බන්ධයෙන් පළමුවරට නිවේදනය කිරීම විශේෂත්වයක් බවටයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ඇස්පාටෙම් දශක ගණනාවක සිට ආහාර මෙන්ම පැණි බීම සදහා ද භාවිතා කරනු ලබනවා. කෙසේ වෙතත් අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන ආයතනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කරන ලද නිවේදනය…
රාජ්‍ය සේවකයින් හට නව චක්‍ර ලේඛණයක් නිකුත් කොට තිබෙනවා. රාජ්‍ය සේවකයින් සඳහා පඩි රහිත නිවාඩු ගැනීමේ ක්‍රමවේදයක් නිවේදනය කරමින් මෙම චක්‍ර ලේඛණය නිකුත් කොට තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මෙම චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව සඳහන්. ඒ අනුව අදාළ නිවාඩු ලබාගන්නා රාජ්‍ය සේවකයින්ට විදේශගත වීමට හෝ මෙරට රැඳී සිටීමට අවස්ථාව උදා වෙනවා. අදාළ නිවාඩු ලබාගැනීමේදී ඔවුන්ගේ ජේ්‍යෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුපට කිසිඳු බාධාවක් ඇති නොවන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් තුළින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කවලින් බිහි වූ සුපිරි ජයමල්ල ඇතුලුව රුපියල් ලක්ෂ 10 යේ ජයග්‍රහකයින් කිහිප දෙනෙකු සදහා චෙක්පත් ප්‍රධානය ඊයේ දින සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේ දී සිදු වුණා. ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන්. දශක 4 ක් පුරා සිය ජාතික මෙහෙවර ඉටු කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් පාරිභෝගික ජනතාව හට ජයග්‍රහණ ලබා දීමට අමතරව ජනාධිපති අරමුදල හරහා අසාද්‍ය රෝගවලින් පෙළෙන රෝගීන් සුවපත් කිරීම ද මේ හරහා සිදු වනවා. එමෙන්ම මහපොළ උසස් ශිෂ්‍යත්ව අරමුදල පෝෂණය කිරීම සදහා රාජ්‍ය ආයතනයක් වශයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විශාල දායකත්වයක් ද ලබා දෙනු ඇති.
ලොවට පණිවිඩයක් ලබා දිය හැකි නායකයෙක් සිටීම ජාතියක් ලෙස අප සතුටු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. රට ගොඩනැගීමට නම් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා නව ක්‍රමවේද රැසක් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එමෙන්ම තරගකාරිත්වය හඳුනා ගනිමින් කටයුතු කිරීම ද අනිවාර්ය වනු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
නිෂ්කාශන කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් කන්ටේනර් රථ රැසක් කොළඹ වරායේ සිර වී ඇති බව රියදුරන් පවසනවා. මෙලෙස සිර වී ඇති කන්ටේනර් රථ කාර්යක්ෂමව මුදා හැරීමට රේගුව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවටයි වාර්තා වන්නේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා කියා සිටියේ ආනයනික බහලුම් සංඛ්‍යාව මෙම දිනවල ඉහළ යාම හේතුවෙන් නිෂ්කාශන කටයුතු සිදු කිරීමට වැඩි කාලයක් යනු ඇති බවයි. මේ වන විට සාමාන්‍ය මාර්ග පද්ධතියේ රථවාහන තදබදයක් ඇති නොවන පරිදි බහාලුම් නිදහස් කිරීමේ නව ක්‍රමවේදයක් රේගුව විසින් ආරම්භ කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222