Author: Anura Premakumara
අමෙරිකාවේ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 69 කින් ජය ගැනීමට ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ටෙක්සාස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 181 ක් රැස් කළා. ඩෙවොන් කොන්වේ ලකුණු 55 ක් සහ ඩේවිඩ් මිලර් වේගවත් ලකුණු 61 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ලොස් ඇන්ජලීස් කණ්ඩායම රැස් කළේ ලකුණු 112 ක් පමණයි. තරගයේ වීරයා සම්මානය ටෙක්සාස් කණ්ඩායමේ ඩේවිඩ් මිලර් විසින් දිනා ගත්තා.
දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් මෙරටට පැමිණ තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ඔහු අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිනි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කලේ. එහිදී රැජිනි කාන්ත් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා විශේෂ පිළිගැනීමක් ද සිදු කරනු ලැබුවා. සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කේෂ්වරන් මහතා විසින් මින් පෙර ලෝකප්‍රකට දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් හට ආරාධනා කර තිබුනා. එම ආරාධනය සැලකිල්ලට ගනිමිනුයි දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් මෙරටට පැමිණ ඇත්තේ. ඔහුගේ පැමිණීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල පිටුවහලක් වන…
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශක අද වාර්තාගත ලෙස ඉහළ ගියා. ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශක සඳහන් වූයේ ඒකක 10,595 . 02 ක් ලෙසයි. අද දිනය තුළ කොටස් මිල දර්ශකය ඒකක 103 කින් ඉහළ ගිය අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 2.7 ක් ලෙසයි.
ඉන්දීය විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රයාන් 3 යානය අද දින කක්ෂගත කරනු ලැබුවා. එම යානය කක්ෂගත කරනු ලැබුවේ ශ්‍රී හරිකොටා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේදියි. මෙම චන්ද්‍රයාන් 3 යානය අගෝස්තු මස 23, 24 දිනකදී සද මත ගොඩබසිනු ඇති බවටයි අනුමාන කර ඇත්තේ. සද මත යානයක් ගෙඩබැස්සවීම සදහා මීට පෙර සමත් වුනේ අමෙරිකාව සහ රුසියාව මෙන්ම චීනය පමණයි. කෙසේ වෙතත් 2020 වසරේදී ඉන්දියාව විසින් තවත් යානයක් කක්ෂගත කළද එය සාර්ථක ලෙස සද මතට ගමන් කිරීමට හැකි වුණේ නැහැ.
පළාත් පාලන මැතිවරණ වලට අදාළ නඩුවෙන් තම පක්ෂය ජයගනු ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මෙතෙක් කල් තම පාර්ශ්වයේ තීරණය කුමක්ද යන්න පිළිබඳ මැතිවරණ කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර නොමැති බවයි. කෙසේ වෙතත් අද දිනයේදී ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. ඒ අනුව අදාළ නඩුවට පෙනී සිටිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුනිල් වටගල මහතා කියා සිටියේ මේ තුළින් සාධාරණයක් අත්වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.
රජය විසින් සිදු කිරීමට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලින් ලබා ගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සදහා දින නියම කර තිබෙනවා. අදාළ පෙත්සම් අද දින කැදවනු ලැබූ අවස්ථාවේදී ඊට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සදහා කාලය ලබා දෙන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. ඒ අනුව අදාළ ඉල්ලීම සලකා බලමින් අධිකරණය නියෝග කළේ සියලු පෙත්සම් එළඹෙන 27 වන දා දින යළි කැඳවන ලෙසයි.
එන්නත් විෂ වීම හේතුවෙන් රෝගීන් ජීවිතක්ෂයට පත්වීම සහ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් හදිස්සි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා. එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ ඉන්දිය ණය ආධාර යටතේ රටට බාල ඖෂධ ලැබී ඇත්දැයි සැක මතුවන බවයි. මේ සම්බන්ධයෙන් සියලු සෞඛ්‍ය වෘත්තිය සමිති එක්ව ඉන්දියානු රජයට සන්දේශයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි ඒ මහතා සඳහන් කළේ. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ බාල ඖෂධ මෙරරට ගෙන්වීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බවයි. එමෙන්ම පවතින තත්වය හමුවේ අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු…
2024 වසර අවසානය දක්වා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් මත පදනම්වයි. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවයට අනුව අනෙකුත් විශේෂ අවස්ථා සඳහා ද වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී මේ පිලිබඳ උපදෙස් ලබා දී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග ප්‍රමාදයකින් තොරව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවයි. එසේම…
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජූනි මාසයේදී ඩොලර් මිලියන 23 කින් පහළ ගොස් තිබෙනවා. එය සියයට 0.7 ක සුළු පහත වැටීමක් බවයි මහ බැංකුව පවසන්නේ. පසුගිය මැයි මාසයේ නිල සංචිත ප්‍රමාණය සටහන් වූයේ ඇමරිකන් ඩොලර් මිලියන 3,491 ක් ලෙසයි. එය ජූනි මාසයේදී ඩොලර් මිලියන 3,468 ක් දක්වා පහත වැටී තිබෙනවා. මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත විදෙස් මුදල් සංචිතය 2023 ජූනි මාසයේදී ඩොලර් මිලියන 3,430 ක් ලෙසින් වාර්තා වන අතර එය මැයි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 3,445 සමග සැසදීමේදී සියයට 0.4 ක පහළ යාමක් වනවා.
ආර්ථික වර්ධනය උදාකර ගැනීම සදහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවයි ජනාපධිතිවරයා සදහන් කළේ. කොළඹ පැවති ඉන්දීය ව්‍යාපාරික හමුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. දැඩි තරගකාරී ආර්ථික රටාවකට ශ්‍රී ලංකාව නතු කිරීම තම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා කියා සිටියේ හරිත හා ඩිජිටල් ආර්ථියක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවයි. ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය කරා යන ගමනේදී ඉන්දියාව සමග සමීප සබදතා පැවැත්වීමට අපේක්ෂා කරන බවයි ජනාපධිති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222