Author: Anura Premakumara
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමීම හේතුවෙන් වාණිජ බැංකු රැසක සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය සියයට 2.5 ත් 3.5 ත් අතර පරාසයක් දක්වා අඩු කර තිබෙනවා. මෙම වසරේ අප්‍රේල් මාස වන විට වාණිජ බැංකු සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය සියයට 12 ක් දක්වා ඉහළ දමා තිබුනා. කෙසේවෙතත් අප්‍රේල් මාසයේ සියයට 30 ක්ව පැවති ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලිය සියයට 9 ත් 12 ත් අතර පරාසයක් දක්වා අඩු කර තිබෙනවා. එමෙන්ම වාණිජ බැංකු රැසක ණය පොලී අනුපාත මේ වන විටත් සියයට 20 ත් 28 ත් අතර පවතීනවා .
ශ්‍රී ලංකාව වැනි රටවල්වලට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ උපකාරී නොවන බව නෙදර්ලන්තයේ රොටර්ඩෑම්හි විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයකු වන හොවාඩ් නිකලස් පවසා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම වාතාවරණය තුළ අදාළ රටවල් සමඟ ක්‍රීඩාවක නිරත වන බවයි ඔහු පවසා ඇත්තේ. කොවිඩ් 19 අර්බුදයට මුහුණ දීම සඳහා අයවැය හිඟයක් පවත්වා ගත යුතු බව 2020 වසරේදී ලොව පුරා රටවලට පැවසූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම ඉන් වසර 02 කට පසුව එමගින් අවුල් ජාලයක් නිර්මාණය විය හැකි බවයි ආචාර්ය හොවාඩ් පවසා ඇත්තේ. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම හැර රජය අන් කිසිවක් නොකරන බවත්, මෙවන් ක්‍රියාමාර්ග කිසිදු රටක ආර්ථික වර්ධනය සඳහා උපකාර නොවන බවත් ආචාර්ය…
ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සදහන් කළා. ඒ අනුව ජුලි 16 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය මෙන්ම ජුලි මස 24 වනදා කොළඹ දී ඇරඹෙන දෙවන ටෙස්ට් තරගයද නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇති. මේ අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මේ වනවිටත් එම තරගාවලියේ තරග නැරඹීම සඳහා මුදල් ගෙවා ටිකට් පත් මිලදී ගත් පුද්ගලයින් වෙත අදාළ මුදල් නැවත ගෙවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ කනිෂ්ඨ අංශයේ රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ එල්.කේ.එම්.ඩී කරුණාරත්න සමත් වුණා. ඒ කිලෝග්‍රෑම් 73 බර පන්තිය යටතේයි. කිලෝග්‍රෑම් 89 බර පන්තියෙන් ඉවත් වූ චින්තන ගීතාල් විදානගේ රිදී පදක්කමක් දිනා ගත්තා.
දේශපාලන සිරකරුවන් ඝාතනය කළ බවට මියන්මාර හමුදා පාලනයට චෝදනා එල්ලවී තිබෙනවා. 2021 හමුදා කුමන්ත්‍රණයට එරෙහි වීම හේතුවෙන් දහස් ගණනක් අත්අඩංගුවට ගැනුණා. ඔවුන්ට දැඩි වද හිංසා පැමිණවීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට චෝදනා එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකළේ. බගෝ කලාපයේ පිහිටි බන්ධනාගාරයෙන් දේශපාලන සිරකරුවන් ඉවත්කළ අවස්ථාවේ තිස් හත් දෙනෙකු අතුරුදන් වී ඇති බවයි දේශපාලන සිරකරුවන් සදහා වන සංගමයක් සදහන් කර තිබුණේ
අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සංජය වනසිංහ පත් කර තිබෙනවා. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් සී ඩී වීරසූරිය මහතා වසර 36 ක සේවා කාලයක් නිමා කරමින් විශ්‍රාම ගැනීම හේතුවෙනුයි නව තනතුරට සංජය වනසිංහ පත් කර ඇත්තේ. 1988- 1991 වසර දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ 11,වන හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ. ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ පුත්‍රයා වන මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා සිය පියා යුද හමුදාපති ධූරය දරන වකවානුවේදී කැඩෙට් නිලධාරියකු වශයෙන්ද හමුදාවට එක් වී පියා අතින් ම අධිකාරියට පත් වීමට සමත් ව තිබෙනවා.
අද සිට බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සංවර්ධන කමිටු රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙම කන්නය ආරම්භ වන විට රුපියල් 22,000 ඉක්මවා පැවති පොහොර මිල රජය විසින් රුපියල් 19,500ට අඩුකර තිබුණා. එමෙන්ම යල කන්නය ආරම්භයේදීම එම පොහොර මිල තවත් රුපියල් 4,500කින් අඩු කිරීමට රජය කටයුතු කළා. ඒ අනුව මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රුපියල් 15,000ක් බැගින් අලෙවි කරන ඵධඡ පොහොර මිල අද සිට රුපියල් 14,000 දක්වා අඩු වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා. ගොවීන්ට අද සිටම එම…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිදු අර්බුදයක් මතුව නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වු අතර ඉන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ද මෙලෙස අදහස් පලකළා.
ප්‍රමිතයෙන් තොර ඖෂධ ගෙන්වීමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක බව ජාතික ජන බලවේගය පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ අමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව ඖෂධ ගෙන්වා ඇති බවයි. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී නලීන්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුරදී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙි ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවී කළ සාකච්ඡාවේදීයි මේ බව තහවුරු කර ඇත්තේ. මෙම ගිවිසුම් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා ද සාගල රත්නායක මහතා දැනුම්වත් කර තිබෙනවා. ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර තිබෙන මිත්‍රත්වය වර්ධනය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම වෙනුවෙන් මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222