Author: Anura Premakumara
අම්පාර ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට සිදුකළ වැටලීමක දී ගජමුතු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්පාර පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු ගජමුතු 3ක් සමඟ අත්අඩංගුවට ගැනුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 21 හැවිරිදි සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අම්පාර පොලිසිය මඟින් සිදුකරන කරනවා. සැකකරු අද අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මළල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 400 හතර සහය දිවීමේ ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ, අද පැවති දෙවන මූලික වටයේ තරගයේදී විනාඩි තුනයි තත්පර හතරයි දශම හයයි දෙකක කාලයක් වාර්තා කරමින්. එමෙන්ම මීටර 400 හතර මිශ්‍ර ඉසව්වේ අවසන් තරගයටද ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ සහභාගිවනවා. ගයන්තිකා අබේරත්න සහ තරුෂි කරුණාරත්න සහභාගිවන කාන්තා මීටර 800 මූලික වටයේ තරගයක්ද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා .
ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පුද්ගලයින් 292කට මරු කැඳවමින් සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් දෙදෙනෙක් සහ කාර්මික ශිල්පියෙක් . පසුගිය ජූනි දෙවැනිදා රාත්‍රියේ සීග්‍රගාමී මගී ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමට ලක් වුනා . එම අවස්ථාවේදී දුම්රියේ මැදිරි කිහිපයක් අසල රේල් මාර්ගයක නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියකද ගැටුණු අතර ඉන් විනාඩි කිහිපයකට පසුව තවත් සීඝ්‍රගාමී මගී ප්‍රවාහන දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබූ දුම්රියේ ගැටී මෙම දරුණු අනතුරව තිබුනා . අනතුරින් පුද්ගලයින් 292 දෙනෙකුට දිවි අහිමිවූ අතර තුවාල ලැබූ පිරිස දහසක් පමණ වනවා . මෙහිදී අනාවරණය වී ඇත්තේ දුම්රිය සංඥා පරිපථයේ සිදු කරන…
අක්ෂි ශල්‍යකර්මයකදී කාන්තාවක් මියයාම පිළිබඳ වැඩිදුර විමර්ශනය සඳහා කමිටුවක් පත්කර ඇතැයි ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා පවසනවා . ඔහු පැවසුවේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කළ බවයි. ජාතික අක්ෂි රෝහලේ අක්ෂි ශල්‍යකර්මයකදී එලෙස මියගොස් ඇත්තේ, කොස්ගොඩ, බොරලුකැටිය පදිංචි 34 හැවිරිදි දෙදරු මවක් . කෙසේ වෙතත් අක්ෂි කාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා ප්‍රකාශ කලා . මේ අතර ගැටළු සහගත නිර්වින්දන එන්නත් කාණ්ඩය භාවිතයෙන් තවකාලිකව ඉවත් කල බව සවුක්ය සේවා අධ්යක ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා .
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට යළිත් මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා. පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 25 වැනි දා විශ්‍රාම යෑමට නියමිතව තිබුනා. නමුත් ජනාධිපතිවරයා විසින් ඔහුට මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දෙනු ලැබුවා. එම සේවා දිගුව අවසන් වීමත් සමගයි හිටපු පොලිස්පතිවරයාට යලිත් වාරක් මෙසේ සේවා දිගුවක් ලැබි ඇති බව සඳහන් වන්නේ. පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර සිටියේ හිටපු පොලිස්පතිවරයා ඉදිරි දින දේකා තුල යළි සේවයට වාර්තා කිරීමට නියමිතව බවයි.
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩුකර තිබෙනවා. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත්තේ අවම ගාස්තු රුපියල් 50,000 සිට 15,000 දක්වා අඩු කිරීමටයි. නව විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මෙම ගාස්තු අඩු කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස පක්ෂ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව අද රැස්වීමට නියමිතයි. එහිදී නව තනතුරු කිහිපයක් සම්මත කර ගැනීමය නියමිත බවයි පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කලේ. මේ අතර ඊයේ පැවති සාකච්ඡාව සඳහා නිදහස් පක්ෂයේ විනය ක්‍රියාමාර්ග මත තාවකාලිකව ඉවත් කරන ලද සාමාජිකයන්ට ද පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබුනා. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස පක්ෂයේ යහපත උදෙසා සිදුකරන ඕනෑම දෙයකට සහාය දෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිද මාධ්‍යය වෙත අදහස් දක්වමින් කියා සිටියේ .
චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුව අද පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි . සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් චමෝදිගේ මරණයට හේතුව තහවුරු කර ගැනීමට මෙම පරීක්ෂණ කමිටුවට හැකි වන බවයි. අදාළ එන්නත ලබාදුන් 12 දෙනෙකු මේ වනවිටත් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බව සදහන් . 21 හැවිරිදි චමෝදි සංදීපනී පසුගිය සඳුදා පාචන රෝග තත්ත්වයක් හේතුවෙන් කැටපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබුනා . එදින රාත්‍රියේ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරු කර තිබුණි. ඥාතීන් පවසන්නේ, ඇයට ලබාදුන් එන්තකින් පසුව ඇය රෝගී වී මිය ගිය බවයි. මේ අතර රජයේ…
ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී යලි ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා , මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. මේ වන විට ආනයන තහංචි ඉවත් කර ඇති භාණ්ඩ සංඛ්‍යාව 286ක්. කෙසේවෙතත් වාහන ඇතුළුව තවත් භාණ්ඩ 930ක ආනයන තහනම පෙර පරිදිම ක්‍රියාත්මක වනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 500 ක් ආනයන තහනම් කාණ්ඩයේ පැවැති අතර ඉන් 250 ක ආනයන තහනම ඉවත් කිරීමට රජය පියවර ගනු ලැබුවා. ඒ අනුව මේ වන විටත් ආනයන…
ජනාධිපති ධූරයට පත්වී වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිදු පදවිප්‍රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබූවේ ජනාධිපති පදවිප්‍රප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම ගැන විවිධ පාර්ශව වලින් කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් . රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව ලබන 20 දාට වර්ෂයක් සම්පූර්ණ වනවා. 2022 ජුලි මස 20 දින පාර්ලිමේන්තුවේ ඡන්ද 134 ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්වූනා. එදිනට පසු දින එනම් ජුලි 21 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අට වැනි ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබුවා. මේ අතර පදවිප්‍රාප්ත දිනයේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222