- කුවේට් අගමැති හා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
- සියලුම රාජ්‍ය ආයතනවලට අභ්‍යන්තර කටයුතු ඒකකයක්
- වැඩිම සුනඛ සපාකෑම් ගම්පහෙන්
- අදත් ප්‍රදේශ රැසකට වියළි කාලගුණ තත්ත්වයක්
- ගනේමුල්ලේ සංජීවගේ ඝාතනය සිද්ධියට අනුබල දුන් කාන්තාව සෙවීමට මහජන සහය පතයි
- ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික පාතාල සාමාජිකයින් දිවයිනට රැගෙන එයි
- විදේශිකයින් රැගත් ත්‍රීරෝද රථයක් අනතුරට
- ප්‍රවීණ ගායන ශිල්පිනි අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වෙයි
Author: Anura Premakumara
රටේ ශක්තිය වූ රාජපක්ෂවරුන් බිද දැමීමේ කුමන්ත්‍රණයක් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා . ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් . පසුගිය දිනවල පැවති අරගලයට සම්බන්ධවූ රටට ආදරය කරන තරුණ පිරිස් සමග එක්ව කටයුතු කිරීමට තම පක්ෂය අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා මෙහිදී තවදුරටත් කියා සිටියා .
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වනවා . ඒ අනුව පළමු තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙරවරු 09.30 ටයි . ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වෙනවා . මේ තරගාවලිය සදහා ඇති සුදානම පිලිබදව මාධ්‍ය වෙත අදහස් පල කල ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න .
වසරේ මේ දක්වා කාලය තුල මාරක බස් අනතුරු 137ක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා . එමෙන්ම පසුගිය ජුලි 10වනදා වන විට මාරක රිය අනතුරු 1,135 ක් සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 1,202 ක් මිය ගොස් ඇති බවයි ඒ මහතා කියා සිටියේ . මීට අමතරව බරපතළ තුවාල ලැබූ අනතුරු 2,088 ක් සහ සුළු තුවාල ලැබූ අනතුරු 4,450 ක් ද සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සදහන් කළා .
බියගම ජල පවිත්‍රාගාරයට පැය අට හමාරක කාලයක් අද දිනයේ දී ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා. ඒ සපුගස්කන්ද විදුලි බලාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවනු ඇති. පෑලියගොඩ, වත්තල, ජා-ඇල කටුනායක, සහ සීදුව නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම් මේ අනුව අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කලේ. එමෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන සහ මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වලටත් ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටත් ජල සැපයුම් අත්හිටවන බව එම මණ්ඩලය සඳහන් කළා.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබන ග්ලෝකල් ෆෙයාර් 2023 වැඩසටහන දෙවන දිනටත් අද දිනයේදී පැවැත්වෙනවා . යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී ඊයේ ආරම්භ කෙරුණු මෙම වැඩසටහනේ අරමුණ සංහිඳියාවේ පණිවුඩය ජන හදවත් තුළ ඇති කිරීම බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කලේ . මෙම වැඩසටහනේ අවසන් දිනය අද වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යාංශය හරහා ඉටු කර ගත යුතු කාර්යයන් මෙහිදී ඉටු කර ගැනීමට හැකියාව තිබෙනවා . ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රාජ්‍ය නිළධාරීන් සහ පොලිස් නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මෙයට අදාලව ඊයේ දිනයේදී පැවැත්වුණා . මෙහිදී විදේශ රැකියා සම්බන්ධයෙන් දැනුවත්…
ගෙවීම් පැහැර හැර ඇති බදු සඳහා අදාළ ව්‍යාපාරවලට උපරිම වසර එකහමාරක සහන කාලයක් ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. පසුගිය කාලයේ ඇති වූ මෙන් ම වර්තමානයේ ද ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්. ගෙවීම් පැහැර හැර තිබෙන බදු ප්‍රමාණය රුපියල් කෝටි අනූදහස් හාරසියයක් බව පාර්ලිමේන්තුවේ පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී මෙන්ම රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දී ද අනාවරණය වූනා. නමුත් ඒ අතරින් කෝටි හැත්තෑ දහසක් සඳහා ම ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාග වෙමින් පවතින බවයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඒ අනුව අය කර ගැනීමට හැකියාව ඇත්තේ රුපියල්…
හෙට දිනයේ පැය අට හමාරක කාලයක් බියගම ජලපවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය සඳහන් කරනවා. ඒ සපුගස්කන්ද විදුලි බලාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව උදෑසන 08.30 සිට පස්වරු 05.00 දක්වා බියගම ජලපවිත්‍රාගාරයට ජලසැපයුම අත්හිටුවනු ඇති. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා-ඇල කටුනායක, සහ සීදුව නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම් අත්හිටවනු ලබන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කලේ. එමෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන , මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම් අත්හිටවන බව එම මණ්ඩලය සඳහන් කළා.
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනය අද යළි ආරම්භ කෙරුණා. ඒ, දුම්රිය මාර්ගය අලුත්වැඩියාව සඳහා අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය මාස 6 කට අධික කාලයක් වසා දැමීමෙන් අනතුරුවයි. කිලෝමීටර් 62ක දුරකින් යුත් අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය මාර්ගය ඉන්දියානු ණය ආධාර යටතේ අලුත්වැඩියා කළ අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 33 කි. මාර්ගය ප්‍රතිසංස්කරණයත් සමග එම කොටසේ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකිවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, යාපනය කොළඹ දුම්රිය ආසන වෙන් කිරීමේ සේවාව ද නැවත ආරම්භ කළ බවයි. නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ආර්…
ජල ගාස්තු සංශෝධනයකට අවසර ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසිනුයි අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ. කෙසේ වෙතත් ඊට අනුමැතිය හිමිව නැති අතර ල එය සළකා බැලීම පසුවට කල් දමා ඇති බව සඳහන්.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා යළි එම මන්ත්‍රී ධුරය ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර තිබෙනවා පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුනා. නමුත් මේ වන විට දින නියමයකින් තොරව මැතිවරණය කල් ගොස් ඇති බැවින් , තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යලි තමාට හිමි විය යුතු බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222