- කුවේට් අගමැති හා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක්
- සියලුම රාජ්‍ය ආයතනවලට අභ්‍යන්තර කටයුතු ඒකකයක්
- වැඩිම සුනඛ සපාකෑම් ගම්පහෙන්
- අදත් ප්‍රදේශ රැසකට වියළි කාලගුණ තත්ත්වයක්
- ගනේමුල්ලේ සංජීවගේ ඝාතනය සිද්ධියට අනුබල දුන් කාන්තාව සෙවීමට මහජන සහය පතයි
- ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික පාතාල සාමාජිකයින් දිවයිනට රැගෙන එයි
- විදේශිකයින් රැගත් ත්‍රීරෝද රථයක් අනතුරට
- ප්‍රවීණ ගායන ශිල්පිනි අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වෙයි
Author: Anura Premakumara
ඖෂධ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිදුකරන චෝදනා පිළිබද සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. වෛද්‍යවරුන් පස් දෙනෙකෙුගෙන් සමන්විත කමිටුවක් ඒ සදහා පත් කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ඒ අනුව අදාළ කමිටුව මගින් කඩිනම් පියවර ගැනීම සදහා නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවයි කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ. මේ අතර ඖෂධවල ප්‍රමිතිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව මේ සතියේ කතානායකවරයා වෙත භාර දෙන බව, සමගි ජන බලවේගය පවසනවා.. එහි සහකාර ලේකම් වෛද්‍ය…
මෙරට සරම්ප රෝගය වැළඳුණු ළමයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, එවැනි ළමුන් 20ක් හඳුනාගෙන ඇති බවයි. සරම්ප වැළඳුණු දරුවන් 7දෙනකු මේ වනවිට රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය දිපාල පෙරේරා මහතා සඳහන් කලේ. ඔහු පැවසුවේ, ප්‍රතිශක්තිකරණය නොවූ බොහෝ දරුවන් අතරේ යළිත් සරම්ප රෝගය පැතිර යමින් ඇති බවයි. සරම්ප රෝගය සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොගත් ළමුන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක බවද ඒ මහතා සඳහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ලබන අගහරුවාදා පස්වරු 03ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව පැවැත්වෙනු ඇති. බලය බෙදීම සහ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබුණා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයට ප්‍රථම උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හයක් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඊ.පී.ආර්.එල්.එෆ්., ප්ලොට්, ටෙලෝ, දෙමළ ජනතා ජාතික පෙරමුණ, දෙමළ ජාතික පක්ෂය සහ පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂය යන පක්ෂ හයේ නායකයන්ගේ අත්සනින් යුතුවයි මෙම ලිපිය යොමුකර ඇත්තේ. ඔවුන් සිය…
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ හතක මුදලක් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පොලිස් කොස්තාපල්වරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අගලවත්ත පොලිසියට අනුයුක්තව රාජකාරි කළ කොස්තාපල්වරයෙකු වන අතර, ඔහු ඉමදූව,විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කොස්තාපල් කොටු බටේමුල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු දකුණ කළුතර පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී අගලවත්ත, නායදොල, මහගම ලිපිනයේ පදිංචි පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් දියත් කිරීම රටවල් රැසක් හෙළා දැක තිබෙනවා. ඇමෙරිකාව ,දකුණු කොරියාව සහ ජපානය හා එක්ව මෙම ක්‍රියාව හෙළා දකිමින් නිවේදන නිකුත් කළා. එමෙන්ම උතුරු කොරියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සදහා අත්වැල් බැදගන්නා බවද එම රටවල් සඳහන් කරනවා.
දිවයිනේ පළාත් කිහිපයක අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර , නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසිවාර කිහිපයක් ආපේක්ෂා කරන බව කාලගුණ නිවේදනයේ සදහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
දෙහිවල මල්ලවත්ත පාරේ ලියාපදිංචියකින් තොරව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය දේවගැතිවරයෙකු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මධ්‍යස්ථානයේ නේවාසිකව සිටි පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙන අතර ඔවුන්ව එහි රඳවා තබා තිබුණේ අවම පහසුකම්වත් නොමැතිව බවයි පොලිසිය සදහන් කළේ. ආගමික සංවිධානයකට අයත් දේවගැතිවරයෙකු විසින් දෙහිවල මල්වත්ත පාරේ පවත්වාගෙන ගිය මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය දෙහිවල පොලිස් නිලධාරීන් විසින් වටලනු ලැබුවා. මෙහිදී අනාවරණ වුණේ මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ, රජයේ ලියාපදිංචියකින් තොරව බවයි.
ජාතික වාර්තාව අලුත් කරමින් ශ්‍රී ලංකාව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මිටර 400 4 මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය නිම කළ කාලය සටහන් වී ඇත්තේ 3 යි තත්ත්පර 15ක් ලෙසයි. එහිදී අරුණ දර්ශන, තරුෂි කරුණාරත්න, කාලිංග කුමාරගේ සහ නදීෂා රාමනායක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවරදීයි.
ඉරාන තර්ජන හමුවේ ඇමෙරිකාව එෆ් 16 ප්‍රහාරක ජෙට්යානා ගල්ෆ් තීරයට යැවීමට පියවර ගෙන තිබෙනවා. ඉරාන ග්‍රහණයෙන් සිය නැව් ආරක්ෂා කර ගැනීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය වටා අතිරේක ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ද ඇමෙරිකාව ක්‍රියා කළා. සතියක කාලයක් මෙම කලාපයේ මුර සංචාරයේ නිරත ඒ 10 ප්‍රහාරක ගුවන් යානා වැඩි කිරීම සඳහා ඇමෙරිකාව සති අන්තයේදී එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා ගල්ෆ් කලාපයට යවන බවයි පෙන්ටගනය සඳහන් කරන්නේ. හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරානය තෙල් ටැංකි දෙකක් අත්පත් කරගැනීමත් සමග ඇමෙරිකාව මෙලෙස ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රගතියක් ලබමින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. අමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවකදී එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය මේ බව ප්‍රකාශ කළා. ඇය පෙන්වා දුන්නේ ජී -20 පොදු යාන්ත්‍රණයට ඇතුළත් නොවුවද ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. අදාළ ක්‍රියාවලිය වේගවත් විය යුතු බවත් සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ ණය ගැති රටවලට යම් සහනයක් හිමිවිය යුතු බවත් ජුලි කොසැක් මහත්මිය පෙන්වා දුන්නා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222