Author: Anura Premakumara

ඉස්ලාමීය සංවිධාන පහක් සදහා මේ වන තෙක් පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කර තිබෙනවා . හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 වසරේදී ගැසට් නිවේදනයක් මගින් ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමටයි කටයුතු කලේ . ඒ 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එයට අදාළ විමර්ශනයන් සහ මෙම සංවිධානවල ක්‍රියාකාරිත්වය පිළිබඳව දැඩි නිරීක්ෂණයක් සිදු කිරීම සදහායි . කෙසේවෙතත් මෙලෙස තාවකාලික ඉවත්කිරීමක් සිදු කර ඇත්තේ සංවිධාන 5 ක් සදහා පමණක් වන අතර තවදුරටත් බුද්ධි අංශ විසින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ අරමුදල් රැස්කිරීම් පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන බව වාර්තා වනවා . ඕනෑම අවස්ථාවකදී මෙම සංවිධාන සදහා පනවා ඇති දැඩි කොන්දේසි උල්ලංඝනය කළහොත් යළි…

තව කියවන්​න

අමෙරිකාවේ ඇල්ස්කා ප්‍රාන්තය ආසන්නයේ සිදුවූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූකම්පනය හටගෙන ඇති බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා. භූකම්පනය ඇලස්කා ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයට කිලෝමීටර් 106ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ හටගෙන ඇති බවයි සඳහන් වන්නේ. මේ හේතුවෙන් අමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

තව කියවන්​න

සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහරදීමේදී පන්දුවාර 34ක් අවසානයේ කඩුලු 4කට ලකුණු 127ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිශාන් මධුෂ්ක ලකුණු 4ක්ද නායක දිමුත් කරුණාරත්න ලකුණු ලකුණු 29ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 12ක්ද දිනේෂ් චන්දිමාල් එක් ලකුණක්ද ලබාගැනීමට සමත් වූවා. නොදැවී පන්දුවට පහර දෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 46ක් ලබාගෙන සිටින අතර ධනංජය ද සිල්වා ලකුණු 34ක්ද ලබාගෙන සිටිනවා. පන්දු යැවීමේදී…

තව කියවන්​න

රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වු ජාත්‍යන්තර කුමන්ත්‍රණය හෙළිවෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පක්ෂයේ ඊයේ පැවති ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් එම පක්ෂයේ නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළා. මේ අතර රට ගොඩ නැගීමේ නිවරදි සැලැස්ම පවතින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සතුව බව එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඔහු කියා සිටියේ රට බංකොලොත් භාවයෙන් ගොඩ ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකිවු බවයි.

තව කියවන්​න

දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය දකුණු යුරෝපයට තවදුරටත් බලපෑම් එල්ල කර තිබෙනවා. මේ හේතුවෙන් ඉතාලියේ නගර 16කට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම ප්‍රදේශවල ජනතාවට පෙරවුරු 11ත් සවස 6ත් අතර කාලය තුළ සෘජු හිරු එළියෙන් වැළකී සිටින ලෙසට ද බලධාරීන් දැනුම් දුන්නා. රෝමය / ෆෝලෝරන්ස් සහ බොලොග්නා ඇතුළු සංචාරක කලාප වල දැඩි උණුසුම් තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට කාලගුණ අංශ පෙන්වා දෙනවා. තාප තරංග දිගු කාලයක් පවතින් බැවින් රාත්‍රී කාලයේ උෂ්ණත්වය තවදුරටත් වැඩිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ග්‍රීසිය / කැනඩාව / ස්පාඤ්ඤ ඇතුළු යුරෝපා රටවල් රැසක්ට ද මෙම තත්ත්වයෙන් බලපෑම් එල්ල විය හැකි බවටයි විදේස්…

තව කියවන්​න

සාම සාධක මෙහෙයුම් පුළුල් කිරීම මගින් රටට විදේශ විනිමය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍යට අදහස් දක්වමින් ගුවන් හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා. සාම සාධක මෙහෙයුම් තුළින් රටට අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ රටට ගෙනඒමට ගුවන් හමුවට හැකිවු බවයි උදේනි රාජපක්ෂ මහතා සදහන් කළේ.

තව කියවන්​න

එළැඹෙන මහ කන්නයේ දී තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ගොවීන්ට ලබාදීමට සැලසුම් කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා සිදු කල බවයි. ඒ සදහා ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කලේ. මේ අතර, ලබන මහ කන්නයේ දී සියලු ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා වවුචර්පත් වෙනුවට ගොවි ගිණුම්වලට මුදල් නිකුත් කිරීමට ද රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ගොවි ජනතාවට සිය කැමැත්ත පරීදි පෞද්ගලික අංශයෙන් හෝ රජයේ පොහොර සංස්ථාව මඟින් රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකි වනු ඇති.

තව කියවන්​න

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පොළි අනුපාත අඩු කිරීමේ වාසිය ජනතාවට හිමිවන්නේදැයි අවධානයෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළා. පොලි අඩු නොකරන බැංකුවලට එරෙහිව මහ බැංකුව ගනු ලබන තීරණය පිළිබද විමසිල්ලෙන් පසුවන බවයි හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේ. මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාගෙන් ලිඛිතව කරුණු විමසීමක් සිදුකරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

තව කියවන්​න

රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව වෙනුවට විපක්ෂය විසින් විකල්ප කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ, රට බංකොලොත්භාවයට පත්කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදා ගත් කූට උපායමාර්ගයක් බවයි. ආණ්ඩුව විසින් යෝජනා කොට ඇති තේරීම් කාරක සභාවේ සංයුතියත් එහි සභාපති ධුරයට රට බංකොලොත්භාවට පත්වන විට බලයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා පත්කිරීමත් පිළිබඳත් විමසා බලන විට, ආණ්ඩුවේ නිරුවත පැහැදිලි වන බවයි විපක්ෂනායකවරයා අවධාරණය කළේ. එම නිසා එවන් තේරීම් කාරක සභාවක කටයුතු කිරීම කාලය කා දැමීමක්…

තව කියවන්​න

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකුට ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් අනතුරුව අසාත්මිකතාවයක් හටගෙන තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කලේ ඒ අනුව අදාළ ප්‍රතිජීවක ඖෂධය මේ වනවිටත් භාවිතයෙන් ඉවත් කර ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද ඊයේ මේ බව ප්‍රකාශ කළා. එමෙන්ම පේරාදෙණිය රෝහලේදී මෙම ඖෂධය ලබාදීමෙන් අනතුරුව මියගිය බවට චෝදනා එල්ලවන සිද්ධිය සම්බන්ධයෙන් පත්කළ විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුව ඊයේ එම රෝහලට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක්ද ආරම්භ කරනු ලැබුවා. එමෙන්ම මහනුවර රෝහලේ අසාත්මිකතාවය ඇති වූ රෝගීන් දෙදෙනාට ප්‍රතිකාර ලබා දෙන අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.…

තව කියවන්​න