- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Anura Premakumara
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු යන පළාත්වල අද සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මාළදිවයින මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර , මාළදිවයිනේ මෝල්ඩිවියන්ස් ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ රාත්‍රී 09.55ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ. මෙහිදී ජල ආචාර පවත්වමින් මෙම ගුවන් යානය පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණා. ඒ අනුව ඉදිරියේදී මෙම ගුවන් සේවයේ යානා සෑම සතියකම දින දෙකක් , එනම් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා කටුනායක සහ මාළදිවයින අතර ගුවන් ගමන් වල නිරත වීමට නියමිතයි.
කලවාන නගරයේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයක් බිඳ රුපියල් හය කෝටි අසූ නව ලක්ෂ 78,357ක් වටිනා රන්භාණ්ඩ සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ආයතනයේම අලෙවි නිලධාරියෙකු හා රන් භාණ්ඩ අංශය භාර නිලධාරියෙක් බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කලවාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ත් 33ත් අතර වයස්වල පසුව පුද්ගලයින් වනවා.
මෙම වසරේ පළමු කාර්තුව තුළ රජයේ අදායම් ඇතුලත් ඉලක්ක අභිබවා යාමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඒ අනුව එම කාලය තුළ රේගුව, සුරාබදු සහ දේශීය ආදයම් යන දෙපාර්තමේන්තු උපයා ඇති අදායම රුපියල් බිලියන 834ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳව දැනුම්දෙන ලෙසට ඉල්ලා සිටිමින් ජාතික ජන බලවේගය විසින් සමගි ජන බලවේගය වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එම ලිපිය මගින් ජාතික ජන බලවේගය එම යෝජිත විවාදය සඳහා මැයි මස 07, 09, 13 සහ 14 යන ලබා දී ඇති අතර, ඒ අනුව මෙම දින වලින් සමගි ජන බලවේගය කැමති දිනයක් විවාදය සඳහා යොදාගැනීමට හැකි බවයි එමගින් දන්වා ඇත්තේ. එමෙන්ම සමගි ජන බලවේගයේ සූදානම අනුව දිනය තෝරාගැනීමෙන් අනතුරුව විවාදය පැවැත්වීමට අදාළ වෙලාව සහ විවාදයේ කාලසීමාව ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කරගත හැකි බවද මෙම ලිපිය මඟින් වැඩිදුරටත්…
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 38 වැනි තරඟයෙන් කඩුළු 09ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 179ක් රැස් කළා. තිලක් වර්මා පන්දු 45දී ලකුණු 65ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සන්දීප් ෂර්මා ලකුණු 18 කඩුළු 05ක් බිඳ හෙලුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 183ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ යෂස්වි…
නැගෙනහිර තායිවානයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් යුතුව එම භූ කම්පනයක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති අතර ගොඩනැගිලි රැසක් සෙලවීමට ලක්ව ඇති බව සඳහන්. කෙසේවෙතත් භූ කම්පනයක් සිදුව ඇති හානිය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
චීනයේ ගුවැන්ඩොං පළාතට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයන් 10 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙම ගංවතුර තත්ත්වයත් සමග එම පළාතේ පුද්ගලයන් එක් ලක්ෂ 10,000ක ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන 25,800ක රඳවා තැබීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එම ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති අතර, ගුවැන්ඩොං පළාතේ නගර තුනක පාසල් වසා දැමීමටද කටයුතු කර තිබෙනවා. මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් යුවාන් මිලියන 140.6ක් හෙවත් ඩොලර් මිලිය 18.8 ඍජු ආර්ථික අලාභයක් සිදුව ඇති බවට එරට බලධාරීන් ඇස්තමේතු ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන පහක් මෙම සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා. මෙසේ කැඳවා ඇති සෙසු ආයතන වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදලයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධානීන් මෙට පස්වරු 2.00ටද, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදල යන ආයතන වල ප්‍රධානීන් ලබන 25 දිනයේද කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් ලබන 26 දිනයේදී කෝප් කමිටුව හමුවට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222