Author: Anura Premakumara

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියැදුරන් සිදු කරනු ලබන වැරදි ලේඛනගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, අනතුරු වළක්වා ආරක්ෂිත රිය ධාවනයකට පෙළඹවීම සඳහායි. මේ යටතේ ලංගම රියැදුරන්ට අකුසලතා පරීක්ෂණ පොතක් හඳුන්වා දීමට කටයුතු කරනු ඇති. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා මහතා සඳහන් කළේ, මෑත කාලයේ ලංගම බස් අනතුරට ලක්වීම් සළකා බලා මේ තීරණයට එළඹි බවයි. වසරේ ගත වූ කාලය තුළ ලංගම බස් රථ සම්බන්ධ අනතුරු 218ක් සිදු වී තිබෙනවා. එහිදී සිදුව ඇති මාරක බස් රථ අනතුරු සංඛ්‍යාව 19ක් වන අතර, ඉන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙම අනතුරු හේතුවෙන්…

තව කියවන්​න

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පොලිස් වැටලීමක් අතරතු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයන් විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ අපරාධ කල්ලියක පුද්ගලයන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙලෙස පොලීසිය විසින් සිදු කළ වෙඩිතැබීමේදී මෙම අපරාධ කල්ලියේ සාමජිකයන්ද ප්‍රති ප්‍රහාර එල්ල කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරියෙකු ඇතුළු තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පසුගිය දින 06 තුළ මීට සාමාන වැටලීම් සිදු කර ඇති අතර, එහිදී පුද්ගලයන් 42ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

තව කියවන්​න

නවකම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ නිවේදනය කළා. ඊට අනුව එංගලන්ත-ඔසටේ‍රලියා අළුබදුන ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා. හිටපු එංගලන්ත නායක ජෝ රූට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා. තවදුරටත් එහි පෙරමුණේ පසුවන්නේ නවසීලන්තයේ කේන් විලියම්සන්. එංගලන්තයේ හැරී බෲක් 09 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ. ඔස්ටේ‍රලියාවේ ස්ටීවන් ස්මිත් තෙවැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ද, උස්මාන් කවාජා 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද ඉදිරියට පැමිණ තිබෙනවා. 9 වැනි ස්ථානයේ රැදී…

තව කියවන්​න

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ ලබන 05 වනදා සිට සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ ජෛව පද්ධති තාක්ෂණ වේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන 05, 06 සහ 07 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 77කදීයි අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන්නේ. ඊට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අයදුම්කරුවන් වෙත යොමු කර තිබෙනවා. විභාග කොමසාරිස්වරයා පැවසුවේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන්ට සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් ද ඔවුන්ට යොමු කර ඇති බවයි.

තව කියවන්​න

මහවැලි කලාපයේ පවුල් 15000ක් වෙනුවෙන් ඉඩම් හිමිකම්පත් ලබා දීම ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව ක්‍රිඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොශාන් රණසිංහ මහතා පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල කඩිනම් කළ බවයි අමාත්‍යවරයා සදහන් කළේ. මේ වන විටත් පවුල් 20,000ක් වෙනුවෙන් ඉඩම් හිමිකම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. වසර 05කට වැඩි කාලයක් ඉඩම් හිමිකම් නොමැතිව සිටි පවුල් වෙනුවෙන් මෙලෙස ඉඩම් හිමිකම් ඔප්පු ලබා දෙන බවයි අමාත්‍ය රොශාන් රණසිංහ මහතා සදහන් කළේ.

තව කියවන්​න

ජල ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියයට 30 සිට කාණ්ඩ කිහිපයක් යටතේ ජල ගාස්තු ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ. ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ, අඩු ආදායම්ලාභි පවුල් සඳහා ජල ගාස්තු ඉහළ නොදමන බවයි. ජල ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා විසිනුයි නිකුත් කර ඇත්තේ.

තව කියවන්​න

එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසනවා. එමෙන්ම හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන්ට නැවතත් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ලබා දුන් බව මෙම සාකච්ඡාව අවසන් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සදහන් කළා. එහිදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද පක්ෂ සාමාජිකත්වය ලැබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් මෙලෙස අදහස් පළ කළා. මේ එම අවස්ථාවේ අදහස් පළ කළ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා.

තව කියවන්​න

ජාතික මැතිවරණයකට සුදානම් විය යුතු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩල රැස්මවීකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ලබන වසරේ නව ආණ්ඩුවක් බිහි කිරීම වෙනුවෙන් එක්වන්නැයි මෙහිදී මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක්ද කළා.

තව කියවන්​න

මේ වසරේ පළමු අර්ධයේදී මෙරට අපනයන ආදායම සැළකිය යුතු ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2023 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ආනයන 18.6% කින් පහත වැටී ඇති අතර එම වියදම දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 8.16 ක් ලෙසයි. නමුත් එම කාලය තුළ මෙරට අපනයන ආදායම ද ඩොලර් බිලියන 5.87 ක් දක්වා 10%කින් පහත වැටීම විශේෂත්වයක්. මේ අතර පසුගිය ජුනි මාසයේ ආනයන වියදම 11.6% කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එම මාසයේ ඉන්ධන ආනයන වියදම 45%කින් වැඩිවීම මීට හේතුව බවයි. පසුගිය ජුනි මාසයේ අපනයන ආදායම 19.5% කින් පහත වැටීම ද…

තව කියවන්​න

වියළි කාලගුණයත් සමග ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළ යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය සදහන් කළේ ජලාශවල ධාරිතාව සියයට 33 යි දශම 3 ක් දක්වා පහළ ගොස් ඇති බවයි. එමෙන්ම මහවැලි ජලාශ පද්ධතියේ ධාරිතාව ද සියයට 34 ක් දක්වා පහළ ගොස් ඇති බව සදහන්. මේ හේතුවෙන් ජල විදුලි ජනනය සමස්ත විදුලි ජනනයෙන් සියයට 16 ක් දක්වා පහළ ගොස් තිබෙනවා. මේ අතර පවතින දැඩි නියගයේ බලපෑම් හේතුවෙන් උඩවලව ජලාශයේ ජල මට්ටම සියයට 2 ක් දක්වා අඩු වී ඇති බව සදහන්. මේ හේතුවෙන් උඩවලව ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දනු ලබන කුඹුරුවලින් අක්කර 65,000 ක් හානි වීමේ…

තව කියවන්​න