- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
- ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
- 16 හැවිරිදි දැරියක් අතුරුදන්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
Author: Anura Premakumara
.මැතිවරණ කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩු සදහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා දීම කල් දමා තිබෙනවා. ඒ සම්බන්ධව තීරණය කිරීමට මෙම මස 22 වන දින ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බවයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ. ඊයේ දිනයේදී රැස් වූ ව්‍යවස්ථාදායක සභාවේදී මැතිවරණ කොමිෂන් සභාවේ පවතින නිර්දේශ ලබා දීම සිදු නොවූ බවද කතා නායකවරයා කියා සිටියා. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනා සහ පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු සාමාජිකයන් පත් කිරීම පිළිබදව අනුමැතිය ලබා දීම 22 වන දා සිදු වනු ඇති බවටයි වාර්තා වන්නේ.
මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට කුවේට් හිදී මරණ දඩුවම හිමි වුණා. මේ අනුව අදාල ශ්‍රී ලාංකිකයාගේ මෘත දේහය භාරගැනීම සඳහා ඔහුගේ බිරින්දැවරුන් බව පවසමින් කාන්තාවන් තිදෙනකු ඉදිරිපත් වී ඇති බව සදහන්. අදාළ මරණ පරීක්ෂණය මීගමුව රෝහලේදී ඊයේ දින සිදු කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් එම කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ බිරින්දැවරුන් බව පවසමින් කාන්තාවන් තිදෙනෙකු ඔහුගේ දේහය භාර ගැනීමට පැමිණ ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් අදාළ දේහය පිළිබඳ මරණ පරීක්ෂණ කටයුතු අද දිනය දක්වා කල්දමා ඇති බව සඳහන්. මෙලෙස මියගොස් තිබුණේ අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලක් වන අතර කුවේට් රාජ්‍ය විසින්…
එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය ලබන මස 10 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මේ අතර හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් හට පනවා තිබූ තහනම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඉවත් කර යළි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර තිබෙනවා. ඒ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත් වුණා.
ආබාධ තත්වයක් නිසා මෙම වසරේ පැවැත් වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවය සඳහා තමන් සහභාගී නොවන බව කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් බලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා. පසුගියදා යුපුන් අබේකෝන් සහභාගී වූ පළමු මීටර් 100 තරගයේ දී ඔහු ආබාධයට ලක් වූ අතර එම නිසා ඔහුට මෙම වසරේ සහභාගී වීමට තිබූ තරග කිහිපයකින්ම ඉවත් වීමට සිදු වුණා. මීටර් 100 ඉසව්ව තත්පර 10 කට අඩු කාලයකින් අවසන් කළ පළමු සහ එකම දකුණු ආසියානු ක්‍රීඩකයා වන යුපුන් අබේකෝන් නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සමත් වුණා.
බලය බෙදීමේ සංකල්පය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නම් ප්‍රථමයෙන් කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඉන්දියාව වැනි රටක උපකාර ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නම් බලතල බෙදීමේ කටයුතු නිසියාකාරව සිදු කළ යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. ඩිලාන් පෙරේරා 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය කිසිවිටෙකත් පිලිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා කියා සිටියා. මේ අතර විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා ද 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආෂු මාරසිංහ මහතා කියා සිටියේ සර්ව පාක්ෂික සමු`ඵවේදී සාකච්ඡා වූ…
ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා සැප්තැම්බර් මස 4 වන දා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබා දී ඇති ස්ථාන මාරුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා. විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ වෙනත් නඩු විභාගයක් අද දින පැවැත්වීමට නියමිත වීම හේතුවෙන් අදාළ පෙත්සම සලකා බැලීම කල්තබන බවයි.
කඩුවෙල ප්‍රදේශයේ නාදුනන මළසිරුරක් ඊයේ දින හඳුනා ගැනීමත් සමග ඒ පිළිබදව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වුණා. මේ අනුව අනාවරණය වී ඇත්තේ මරණකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බවයි. සැකකරුවන් සහ මරණකරු අතර පැවති ආරවුලක් හේතුවෙන් මරණකරු පැහැර ගෙන ගොස් මුල්ලේරියාව ප්‍රදේශයේදී පහර දී ඝාතනය කර ත්‍රිරෝද රථයකින් අදාළ ප්‍රදේශය වෙත රැගෙන විත් අතහැර දමා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන්ගේ ප්‍රකාශ මත අනාවරණය වී ඇත්තේ මරණකරු ඝාතනය කිරීම සදහා මුගුරක් සහ වයරයක් භාවිත කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 36, 46…
ලොව පුරා ආහාර සදහා භාවිතා කිරීම තහනම් කර තිබූ ඇස්පාටේම් නමැති රසකාරකය පිළිකා ඇති කිරීමට සමත් රසායනිකයක් බවට තහවුරු කර තිබෙනවා. මෙම රසකාරකය ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිත කරන බවටයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සභික රොෂාන් කුමාර මහතා සදහන් කළේ. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගියදා ඇස්පාටේම් රසකාරකය පිළිකා කාරකයක් බවට ප්‍රකාශ කළද එය පිළිනොගන්නා බවට අමෙරිකාව කියා සිටියා. කෙසේ වෙතත් මේ වන විට වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී අනාවරණය කරගෙන ඇත්තේ මෙම රසායනිකය ස්ථිරවම පිළිකා කාරකයක් වනු ඇති බවයි.
බ්‍රසීලයේ ප්‍රධාන නගර තුනක මත්ද්‍රව්‍ය කල්ලි ඉලක්ක කර ගනිමින් පොලිසිය සිදු කළ වැටලීමකදී පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ, දින 5 ක් පුරා මෙම වැටලීම සිදුකර ඇති බවයි. මේ අනුව රියෝ ද ජැනයිරෝ නුවර සිදු කළ වැටලීමේදී පොලිසිය සමඟ වෙඩි හුවමාරුවේදී පුද්ගලයින් 10 දෙනෙකු මිය ගියා. එමෙන්ම සාපාලෝ නුවර සිදු කළ වැටලීම්වලදී 16 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එම වැටලීමේදී මත්ද්‍රව්‍ය කිලෝ 385 ක් සහ ගිනි අවි ද පොලිසිය සොයා ගත්තා.
මන්නාරම නගරයට පිවිසෙන පාලම අසළ කලපුවේ තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් හමුවු බව මන්නාරම පොලිසිය පවසනවා. එම පුද්ගලයා අවුරුදු 35 – 45 ත් අතර වයසක පසුවන, උස අඩි 05 යි අඟල් 10 ක් පමණ වන පුද්ගලයෙකු බවටයි පොලිසිය සදහන් කළේ . අදාළ පුද්ගලයා මියයන විට, කළු පාට අත් දිග කමිසයක් සහ නිල් හා සුදු කොටු සරමක් හැඳ සිට තිබෙනවා. මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222