Author: Anura Premakumara

යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලද 22 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක්, යාපනය,කලඩ්ඩිප් ප්‍රදේශයේ පැවති ඇයගේ නවාතැන්පොළ තුළදි  සොයාගත් බව යාපනය පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ මන්නාරම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක් වන 22 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් එලෙස ඇය නවතැන්ගෙන සිටි නවාතැන්පොළේ කාමරයක තිබි සොයාගෙන ඇති බවයි. ආදර සම්බන්ධතාවයක් බිඳ වැටීම හේතුවෙන් අදාළ තරුණිය සියදිවි නසාගෙන ඇති බවට ආරංචියක් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. මියගිය තරුණියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

තව කියවන්​න

වවුනියාව සිට යාපනය දක්වා ගමන්ගත් බස් රථයක් වුනියාව,පුලියන්කුලම,පුතූර් මංසන්ධිය ආසන්නයේදී අනතුරට ලක්ව පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පුලියන්කුලම පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ බස් රථය මාර්ගය අසළ බෝක්කුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් බස් රථයේ රියදුරු හා මගියෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි. බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති අතර, තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසුවා. පසුගිය දින කිහිපයක කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ කිහිපයක්ම අනතුරට පත්විණා. සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

තව කියවන්​න

එෛතිහාසික මිහින්තලා පුදබිමේ විදුලිය විසංදි කිරීම දැඩිව හෙළා දකින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පක්ෂ මුලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මිහින්තලා පුදබිම අන්දකාරයට ගෙනයාමේ රජයේ උත්සහය පරාජය කිරීමට කැපවන බවයි. මිහින්තලා පුදබිම අදුරේ දැමීමට කටයුතු නොකර අදාළ හිගමුදල් ජනාධිපති අරමුදලින් හෝ ලබා දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනාපධිතිවරයාගෙන් ඉල්ලීමක් ද කළා. ලක්ෂ 41 විදුලි බිල නොගෙවීම හේතුවෙන් මිහින්තලේ රජමහා විහාරස්ථානයේ විදුලිය විසංදි කළ බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කළා. මෙලෙස විදුලිය විසංදි කිරීම සම්බන්ධයෙන් මහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති ජුජ්‍ය වලවාහැංගුනාවැවේ ධම්මරතන හිමින් මාධ්‍ය හමුවක් කැදවමින් මෙලෙස අදහස් පලකළා.

තව කියවන්​න

අක්ෂි කාච වංචාව සම්බන්ධයෙන් අද අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. බාල ඖෂධ රටට ගෙන්වීම සම්බන්ධයෙන් අනාවරණය කිරීමෙන් පසුව එල්ල වු මරණීය තර්ජන පිළිබදව මන්ත්‍රිවරයා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. මේ සම්බන්ධයෙන් කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි කාවින්ද ජයවර්ධන මහතා සදහන් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා මෙලෙස මාධ්‍යට අදහස් පලකළා.

තව කියවන්​න

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයන් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ජීවිතක්ෂයට පත් පිරිස අතර ළමුන් තිදෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයන් 14 දෙනෙකු සිටින බවද අනාවරණය වී තිබෙනවා. මෙම බස් රථය අනතුරට පත්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළමු තරගය බී ලව් කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතරයි පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ. මෙම තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර අද පැවැත්වෙන දෙවැනි තරගය පස්වරු 7.30ට ආරම්භ වන අතර, එහිදී ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරග වැදීමටයි නියමිතව ඇත්තේ.

තව කියවන්​න

පෙරපාසල් ගුරුවරුන්ට විධිමත් හෝ නිශ්චිත පුහුණුවක් නොමැතිව අනාගතයේදී පෙරපාසල් ආරම්භ කිරීමට ඉඩ ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. ඒ අනුව පෙරපාසල් ගුරුවරුන්ට නිශ්චිත පුහුණුවක් හා ඩිප්ලෝමාවක් ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරයා සදහන් කළා.

තව කියවන්​න

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද  සිට ලබන 07 වැනිදා දක්වා ඉරානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ඒ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතාගේ ඇරයුමක් අනුවයි. අමාත්‍යවරයා මෙම සංචාරය තුළ දී ඉරාන ජනාධිපතිවරයා මෙන්ම එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී දෙරට අතර පවත්නා සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉරාන දේශපාලන හා ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ දී දේශනයක් පැවැත්වීමට නියමිතව ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

තව කියවන්​න

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල සංශෝධනය කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේ ලෝක වෙළදපලේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන මෙම සංශෝධනය සිදුකරන බවයි. ගෑස් මෙටි්‍රක් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 78 සිට 85 දක්වා ඉහළගොස් ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ. ඒ අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධයන සම්බන්ධයෙන් අද නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පුනර්ජිවනයක් ඇති කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍ර යළි නගාසිටුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අමරමුණ බවයි ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සදහන් කළේ. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා ඉදිකිරීම් කර්මාන්තය පුළුල් ලෙස දායක කර ගන්නා බවයි සාගල රත්නායක මහතා කියා සිටියේ. ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජිවනය පිළිබද විධායක කමිටුව ජනාධිපති කාර්යාලයේදී රැස් වු අවස්ථාවේදීි ඔහු මේ බව ප්‍රකාශ කළා. ඉදිකිරීම් කර්මාන්තකරුවන් වෙත රජය මගින් ගෙවීමට ඇති හිග බිල්පත් අගොස්තු මාසය අවසන් වීමට ගෙවා නිම කිරීමට මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.

තව කියවන්​න