Author: Anura Premakumara

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් චීනවරාය ගුවන් හමුදා  කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් එහි ගමන් ගත් නිලධාරීන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ගුවන් හමුදාව පවසන්නේ. ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. ගුවන් යානය චීන වරාය කඳවුරු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව ඇත්තේ අද (07) උදෑසන 11.27ට පමණයි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් අනතුර පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කර ඇති බව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියා සිටියා.

තව කියවන්​න

ගල්කිස්ස හා කන්කසන්තුරය අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද රාත්‍රියේ ගමන් ආරම්භ කිරීමට නියමිතයි. දුම්රිය පාලක මැදිරි කාර්යාලය සඳහන් කලේ අද රාත්‍රී 10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් එය ගමන් ආරම්භ කරන බවයි. යාල් නිලා ලෙස නම් කර ඇති මෙම වායුසමනය කළ දුම්රිය කන්කසන්තුරය දුම්රිය ස්ථානයට ළගා වීමෙන් අනතුරුව ලබන ඉරිදා රාත්‍රි 10 ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් පිටත්ව කොළඹ කොටුව හා ගල්කිස්ස බලා ධාවනය වීමට නියමිතයි. මෙම යාල් නිලා සංචාරක දුම්රියක් වන අතර මෙහි පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 4000 ක් වන බවයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය සඳහන් කලේ. දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 3000 ක් හා තුන්වන…

තව කියවන්​න

කොරියාවේ සෝල් අගනගරයට ආසන්න ප්‍රදේශයකදී තරුණයෙකු විසින් මාර්ගයේ ගමන්කරමින් සිටි පිරිසක් සිය මෝටර් රථයෙන් යට කර පසුව ඔවුන්ට තියුණු ආයුධයකින් පහර දී ඇති බව වාර්තා වනවා. මෙම සිදුවීමෙන් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. මීට සති කිහිපයකට පෙර ද එරටින් තියුණු ආයුධවලින් පහරදීම් කිහිපයක් වාර්තා වුණා. විදෙස් මාධ්‍ය පවසන්නේ සෝල් අගනුවර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු 20 හැවිරිදි වියේ පසුවන මානසික රෝගයකින් පෙළෙන භාණ්ඩ ප්‍රවාහන රැකියාවක නිරතවන පුද්ගලයෙකු බවයි.

තව කියවන්​න

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. ලෝක වෙළඳපොළේ ගෑස් මෙටි්‍රක් ටොන් එකක මිල ඉහළ අගයක පැවතියද ජනතාවට පීඩනයක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් මෙවර ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවයි ඒ මහතා කියා සිටියේ. වසරේ මේ දක්වා අවස්ථා 04 කදී ගෑස් මිල සංශෝධනය වූ අතර ඒ සෑම අවස්ථාවකදීම මිල අඩු කෙරුණා. මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ලිට්රෝ සමාගෙම් සභාපති මුදිත පීරිස් මහතා.

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුන්ට එරෙහිව මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ, ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනීතික ලෙස ඇතු`ඵ වී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇතු`ඵ පිරිසක් ඊයේ පස්වරුවේ මෙම පැමිණිල්ල සිදු කර තිබෙනවා.

තව කියවන්​න

තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේ සිදූ වු රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා . පොලීසිය සඳහන් කළේ, කුරුණෑගල සිට අනුරාධපුරය බලා ධාවනය වූ ලොරි රථයක පිටුපස වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතළ තුවාල ලැබු පුද්ගලයින් 08 දෙනෙකු තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ 36 සහ 46 හැවිරිදි වියේ පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ 36 හැවිරිදි මෙන්ම 43 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙක් . ඔවුන් අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයින් පිරිසක් බව පොලීසිය සඳහන් කළා. වෑන් රථයේ රියැදුරු අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් රිය ධාවනය කිරීමෙන් රථයේ වේගය…

තව කියවන්​න

මෙම වසරේ පළමු සහ දෙවන කාර්තුවල ආර්ථිකය සෘණ අගයක් ගත්තද තුන්වන සහ හතරවන කාර්තුවලදී එය ධන අගයක් ගනු ඇති බවට මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා. මෙරට ආර්ථිකය යහපත් දිශානතියකට ගමන් කරමින් සිටින අතර විදේශ ප්‍රේෂණ සහ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම ඊට හේතු වී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. ජුලි මාසයේදී මෙරට උද්ධමනය 6 යි දශම 3 ක අගයක පැවති අතර මෙරටට දරාගත හැකි වන්නේ සියයට 4 ත් 6 ත් අතර උද්ධමනයක් බව මහ බැංකුව ප්‍රකාශ කළා. ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර වනු ඇති බවටයි මහ බැංකුව පුරෝකථනය කරන්නේ. මේ අතර අභියාචනා සහ විරෝධතා…

තව කියවන්​න

මහජන ආරක්ෂාව සඳහා ඕනෑම ගුවන් තොටුපළක කිලෝමීටර් 5 ක් ඇතුළත සරුංගල් පියාසර කිරීමට අවසර නොමැති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම දැනුම් දී තිබෙනවා. නිවේදනයක් කිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිත කිලෝමීටර 5 ක වපසරිය තුල අඩි 300 ඉක්මවා සරුංගල් හෝ එවැනි මොනයම් හෝ වස්තුවක් ගුවනේ යැවීම ගුවන් යාන මෙහෙයුම් වලට බාධා ඇති කරන බවයි.

තව කියවන්​න

ගන්නෝරුව කෘෂි තාක්ෂණ උද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබෙනවා. විශේෂයෙන් ගොවිජනතාවට සහ පාසල් දරුවන්ට නව කෘෂි තාක්ෂණය සම්බන්ධව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකිවන පරිදියි මෙම ප්‍රදර්ශන භූමියේ කටයුතු සංවිධානය ඇත්තේ.

තව කියවන්​න

උතුරු පළාතට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් උතුරු පළාතේ කුඩා වැව් රැසක් සිදී ගොස් ඇති අතර, වැව්වල සිටින මාළු දහස් ගණනාවක් ඒ හේතුවෙන් මියගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. මුලතිව්,මාන්කුලම වැවේ ජලය සිදී යාම හේතුවෙන් වැවේ මාළු දහස් ගණනාවක් මියගොස් සිටි අයුරු මේ දිනවල දැක ගැනීමට හැකි බව වාර්තතා වෙනවා. උතුරු පළාතට බලපා ඇති නියඟ හේතුවෙන් වගාවන්ට ජලය ලබා ගැනීමට නොහැකිව ගොවි ජනතාව අසරණව සිටින අතර, ඇතැමෙක් වගාවන් අතහැර දමා තිබෙනවා. පවතින උණුසුම් තත්වය මත වැව්වල පවතින සීමිත ජල ප්‍රමාණය රත්වීමෙන් මාළුන් විශාල වශයෙන් මියයන බව ගොවි ජනතාව සඳහන් කරනවා. මාන්කුලම වැවේ අඩි 14 ක ජල ධාරිතාවයක් පැවති නමුත්, මේ වන…

තව කියවන්​න