Author: Anura Premakumara

කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස යෝජනා ක්‍රම රැසක් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ඉවත් කිරීමට සුදානම් වන බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . පසුගිය මැතිවරණ වල කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වැඩිම මනාප ලබා ගත් වත්මන් ජනාධිපතිවරයා විසින් කොළඹ වතු ආශ්‍රිත සහ මධ්‍යම පාන්තික ජනතාව තම ප්‍රදේශයෙන් එලවා දැමීමට උත්සාහ කිරීම බරපතල ගැටලුවක් බවයි විපක්ෂ නායකවරයා මෙහිදී සදහන් කලේ . ඔහු මේ බව කියා සිටියේ විපක්ෂයේ විධායක සභාව ඊයේ දිනයේ රැස්වූ අවස්ථාවේදීයි .

තව කියවන්​න

ශ්‍රී ලංකා දැල්පන්දු පිටියේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩිකාවක් ලෙස සැලකෙන තර්ජිනී සිවලිංගම් ශ්‍රී ලංකා දැල්පන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව ප්‍රකාශ කර තිබෙනවා. සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමිනුයි ඇය මේ බව සදහන් කර ඇත්තේ. 2009 වසරේ ජාත්‍යන්තර වරම් දිනා ගත් තර්ජිනී සිවලිංගම් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩිකාව වන අතර, ඇය 2019 වසරේ ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව ද වනවා. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන කිහිපයක්ම දිනා ගැනීමට විශාල දායකත්වයක් සැපයූ ඇය නිමා වූ 2022 ආසියානු කුසලානයේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූවා.

තව කියවන්​න

ලොව විශිෂ්ඨතම බැංකු දහස අතරට එක්වූ එකම ශ්‍රී ලාංකික බැංකුව ලෙස ලංකා බැංකු ප්‍රකාශයට පත් කර තිබෙනවා. බි්‍රතාන්‍යයේ ‘ද බෑන්කර්’ සඟරාව මගිනුයි මේ බව ප්‍රකාශයට පත් කර ඇත්තේ. ලංකා බැංකුව 2012 වසරේ සිට අඛණ්ඩව වසර 12ක් ලොව විශිෂ්ඨතම බැංකු දහස අතර ශ්‍රී ලංකාවේ බැංකු අතර ප්‍රථම ස්ථානයේ රැදී සිටිනවා. මෙම සුවිශේෂී ජයග්‍රහණයේදී නිබදව රැදී සිටි ගනුදෙනුකරුවන්ට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට ලංකා බැංකුව සිය ස්තූතියද පළ කර තිබෙනවා.

තව කියවන්​න

මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් ඊයේ පස්වරුවේ බම්බලපිටිය මුහුදු මාවතේ දී වෙඩිතැබීමක් සිදුකර තිබුණා . ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු පරීක්ෂකවරයෙකු සහ තවත් සුරාබදු නිලධාරීන් තිදෙනෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ . බම්බලපිටිය මුහුදු මාවතේ ඉන්ධන හලක් අසලදී මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය වෑන් රථයක සිටි පිරිසක් විසන් සිදු කරනු ලැබුවා . වහාම ක්‍රියාත්මක වූ පොලීසිය වැල්ලවත්ත ප්‍රදේශයේ යොදා තිබූ මාර්ග බාධකයේදී වෙඩිතැබූ පිරිස ගමන්ගත් වෑන් රථය සිය භාරයට ගැනීමටයි කටයුතු කලේ . එහිදී ආනවරණ වී ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව්දෙනෙකු එම රථයේ ගමන් කර ඇති බවයි . මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක්…

තව කියවන්​න

උතුරු අප්‍රිකාවට ඔබ්බෙන් වූ මුහුදුදේදී සරණාගතයන් රැගත් බෝට්ටුවක් පෙරලීයාමෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් පුද්ගලයන් 57 දෙනෙකුගේ ජීවිත බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම අනතුරින් අතුරුදන් වූ පුද්ගලයන් සොය මෙහෙයුම් සිදු කරන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 48,000කට පමණ පානීය ජල ගැටලුව බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. වර්තමානයේ ජල විදුලි නිෂ්පාදනය සමස්ත පද්ධතියෙන් සියයට 27 ක් දක්වා පහත බැස ඇති අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි දිනවලදීත් එම බලාගාර ආශ්‍රිතව සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කළ නොහැකි බවයි. පවතින වියළි කාලගුණයත් සමඟ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ කිහිපයක ජලමට්ටම් ක්‍රමයෙන් පහත බැස තිබෙනවා. මෙලෙස මෙම ජලාශවල ජල මට්ටම් පහත වැටී ඇත්තේ වසර 5කට පමණ පසුව බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

තව කියවන්​න

පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවති සිව් වැනි ලෝක ළමා සාම සමුළුවේදී ” වඩාත්ම සාමකාමී කථන සම්මාන ලාභියා බවට පත් වීමට මෙරට සිසුවියක් සමත්ව තිබෙනවා . වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 12 වන වසරේ ඉගෙනුම ලබන ආර්.කශ්මිරා ජයවීර නම් ශිෂ්‍යයාවයි එම සම්මානය හිමිකරගෙන ඇත්තේ . ඇය මෙම සම්මානයට පාත්‍ර වුයේ ඇමරිකාව, මහා බි්‍රතාන්‍ය, ප්‍රංශය, පකිස්තානය, ජර්මනිය සහ ඉන්දියාව වැනි රටවල අයදුම්කරුවන් අභිබවමින් වීමද විශේෂත්වයක් . මෙම සමුළුව ලෝක සාමය වෙනුවෙන් කටයුතු කරන ජපානයේ හිරෝෂිමා ආයතනය මගින් සංවිධානය කරනු ලැබුවා .

තව කියවන්​න

පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා . එහිදී වසර මැද මූල්‍ය තත්ව වාර්තාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ . මෙම යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ඉදරිපත් කරනු ලබනවා . මේ අතර ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය හෙට දිනයේදී පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කලේ . වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ-ආර්ථික ගැටලු පිළිබඳ කල් තැබීමේ විවාදය 10 දා පැවැත්වීමට නියමිතයි . පාර්ලිමේන්තුව අද සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරනු ලැබුවා .

තව කියවන්​න

රජය විසින් හේන් ගොවීන්ගේ ගැටලු විසදීම සිදු නොකරන්නේ නම් ඉදිරියෙදි ඒ සදහා විරෝධය පල කරන බව සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසනවා . එම ගොවීන් වගා කටයුතු කල ඉඩම් වර්තමානයේදී අඩවි වන නිලධාරින් බලහත් කාරයෙන් අත්පත් කරගෙන ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ . මැදවච්චිය කිඩවරන්කුලම ප්‍රදේශයේ ගොවීන්ගේ ගැටළු පිළිබඳ සොයා බැලීම සදහා එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා .

තව කියවන්​න

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් විසි දෙදෙනක්ට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් අද දිනයේදී ගුවන් ටිකට්පත් ප්‍රදානය කර තිබෙනවා. ඒ අනුව මේ වසරේදී ශ්‍රමිකයින් 241 දෙනෙක් ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යවා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ. මේ වසර තුළදී ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යැවූ ශ්‍රමිකයින් 241 දෙනා අතරට පිරිමි ශ්‍රමිකයින් 33 දෙනෙක්ද කාන්තා ශ්‍රමිකයින් 208 දෙනෙක්ද ඇතුළත් වනවා. 2023 වසරේ ජනවාරි හා පෙබරවාරි මාස වලදී ශ්‍රමිකයින් 13 දෙනා බැගින් ඊශ්‍රායලයට පිටත් කර යවා ඇති අතර මාර්තු මාසයේදී ශ්‍රමිකයින් 12 දෙනෙක් පිටත් කර යවා තිබෙනවා. අප්‍රේල්…

තව කියවන්​න