Author: Anura Premakumara

මෙරට සැබෑ ආර්ථිකය වෙත මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ පෞද්ගලික අංශයේ පොලී අනුපාත තවදුරටත් පහළ යා යුතු බවයි. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවද මෙහිදි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකතනය කළ සියයට 3 ක හැකිලීමට වඩා ආර්ථිකය ශක්තිමත් කාර්යසාධනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වනු ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළා. උද්දමනය සියයට 4 ත් 6 ත් අතර අගයකට ලගා වීම මහ බැංකුවේ…

තව කියවන්​න

අමෙරිකානු යුද නැව් 2 ක් සමග හමුදා භටයින් 3000 කට වැඩි පිරිසක් රතු මුහුදේ ආරක්ෂාවට යොදවා තිබෙනවා. ඒ, ඉරානය විසින් රතු මුහුද හරහා ඉන්ධන ප්‍රවාහනය කරමින් නෞකා විවිධ හේතු දක්වමින් සිය භාරයට ගැනීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි. පසුගිය කාලයේදී ඉරානය මෙලෙස නෞකා 20 ක් පමණ සිය භාරයට ගෙන ඇති බවයි අමෙරිකානු හමුදා ප්‍රකාශ කළේ. මෙම නව තීරණය හරහා කලාපීය ආරක්ෂාව ගොඩනැගීමට හැකිවනු ඇති බවටයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

කදාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක අද පෙරවරුවේ හට ගත් ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සදහන් කළේ කඳාන වීදි මාවත ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවීමේ හමුදාව මේ වන විටත් එම ස්ථානයට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

මුලතිව්ලමල්ලාවි රක්ෂිත සීමාවේ දින කිහිපයකට පෙර මියගිය ඇතින්නකගේ මළ සිරුරක් හමුවු බව මුලතිව් වනජිවි නිළධාරීන් පවසයි. වනජිවි නිළධාරීන් පැවසූවේ ප්රිදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත ඇතින්නගේ මළ සිරුර සොයාගත් බවයි. වනජිවි නිළධාරීන් පැවසූවේ වයස අවුරුදු 35 ක් පමණ වන ඇතින්නගේ පාදයක් මීට කාලයකට පෙර බිම්බෝම්බයකට හසුව අහිමිව ගොස් ඇති අයුරු මළ සිරුරේ දැක ගැනීමට හැකි වන බවයි. මාස 18 ක් පමණ වන ගැබිනි ඇතින්නියක් එලෙස මියගොස් සිටි බවත්, ගැබ හේතුවෙන් හටගත් අභ්ය්න්තර රුධිර වහනයක් මරණය හේතුවි ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙදී අනාවරණය වි ඇති බවත් වනජිවි නිළධාරීන් පැවසූවා. මියගිය ඇතින්නගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණල වනජිවි දෙපාර්තමේන්තු උතුරු පළාත භාර පශූ වෛද්යශ…

තව කියවන්​න

නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් අතර ඇති වුවේ යැයි කියන අරවුලක් සම්බන්ධයෙන් උරණ සැමියා බිරිදට වෙඩි තබා ඝාතනය කර සැමියාද නිවස තුල වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව නුවරඑලිය පොලිසිය පැවසුවා. මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ 32ක් වයස  අඹුසැමි යුවලක්. මිට මාස 08 පමණ ප්‍රථම දෙදෙනා විවාහ වි ඇති බව පොලිසිය විසින් සිදු කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි තිබුණා. නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේ පදිංචි මියගිය අඹුසැමි යුවල සැමියාගේ මව සමග නිවසේ පදිංචිව සිටි බවත්, (07) දින රාත්‍රි 10.30 ට පමණ තම පුතා ලේලියට වෙඩි තැබිමත් සමග අසල්වාසින්ගේ උදව් ඉල්ලා මව නිවසින් පිටතට ගොස් නිවසට පැමිණෙන අවස්තාවේ…

තව කියවන්​න

සඳ ගවේෂණය සදහා දශක පහකට පසු යළිත් රොබෝ යානයක් යැවීමට සැලැසුම් කර ඇති බව රුසියාව පවසනවා . මේ සදහා සඳ මතට පතිත කරමින්, ගවේෂණ කටයුතු සදු කළ හැකි ආකාරයේ යානයක් යොදා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම යානය ‘ලූනා 25‘ යනුවෙන් නම් කර තිබෙනවා .

තව කියවන්​න

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම ආරම්භ කර තිබෙනවා . දින තුනක් සඳහා අද අලුයම 03 සිට පළමු වටයේ ජලය මුදාහරින බවයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක මහතා පැවසුවේ දිනකට ජලය කියුබික් මීටර් මිලියන 3.5 බැගින් මුදාහැරීමට නියමිත බව ද ඔහු සඳහන් කළා .

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවගියේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉන් පළමු තරගය බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතරයි පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ. එම තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර අද පැවැත්වෙන දෙවැනි තරගය පස්වරු 07.30ට ආරම්භ වන අතර එහිදී කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරග වැදීමටයි කටයුතු යොදා ඇත්තේ.

තව කියවන්​න

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද දිනයේ රැස්වීමට නියමිතන තිබෙනවා. ඒ අවුය කෝප් කමිටුව අද පස්වරු 2ට රැස් වන අතර, එම කමිටුව හමුවට අද දිනයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය කැඳවීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර කෝපා කමිටුවද අද පස්වරු 2ට රැස්වන අතර, අද දිනයේ කමිටුව හමුවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කැඳවා තිබෙනවා.

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට කලම්බෝ ස්ට්‍රකර්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුණා. ඒ ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. ඊයේ පැවති පළමු තරගයේදී ගෝල් ටයිටන්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුළු 07ක ජයක් වාර්තා කිරීමට කලම්බෝ ස්ට්‍රකර්ස් කණ්ඩායම සමත් වුණා. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 188ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බෝ ස්ට්‍රකර්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 189ක් රැස් කර ගනිමින් තරගය ජයග්‍රහණය කළා. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ බාබර්…

තව කියවන්​න