Author: Anura Premakumara

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ නීතීඥ කාර්යාලයක් පවත්වාගෙන යන නීතිඥවරියකට පහර දීමක් සම්බන්ධයෙන් පුද්ගලයකු අද අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසුවා. අදාල සැකකරු  නීතිඥවරියගෙන් නඩුවක් සම්බන්ධයෙන් සේවාවක් ලබාගෙන එම සේවාව නිසිලෙස සිදු නොවූ බවට පවසමින් මුදල්  ඉල්ලා යළි පැමිණිලිකාර නීතිඥවරිය ට පහර දී ඇතැයි ද පොලිසිය පවසුවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පුද්ගලයෙක්. සැකකරු අද දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

රජයේ රෝහල්වල සායනවල ඉන්සියුලින් හිඟකම හේතුවෙන් රෝගීන්ට මුදල් ලබාදී ඉන්සියුලින් ගැනීමට සිදුව තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, ඉන්සියුලින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන්නේ ඉතාම සුළු පිරිසකට පමණක් බවයි. ඒ හේතුවෙන් දියවැඩියාව වැඩි වී ජනතාවගේ රෝගී තත්ත්වයන් උත්සන්න වන බව වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ දීර්ඝකාලිනව පවතින ගැටලුවලට විසදුම් ලබා දීම සදහා ජාතික ගමනාගමන ප්‍රතිපත්තියක් හදුන්වා දීමට සහ පොදු ප්‍රවාහන සේවය තුළ ඒකාබද්ධ කාලසටහනක් හදුන්වා දීමේ වැඩපිළිවෙලක් ද සැලසුම් කර ඇති බව සදහන්. මේ පිළිබදව සාකච්ඡාවක් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ නිලධාරින් සමග ජනපති කාර්යාලයේදී ඊයේ දින පවත්වනු ලැබුවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුඵ වීම හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ එම ස්ථානයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි.

තව කියවන්​න

පරිසර උෂ්ණත්වය අධිකව පවතින අවස්ථාවේදී පොලිතින් ඇතුඵ ප්ලාස්ටික් ද්‍රව්‍ය ගිනි තැබීම සීමා කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එමෙන්ම අධික උෂ්ණත්වය පවතින කාලසීමාවේදී ප්ලාස්ටික් බෝතල්වල ජලය පානය කිරීම ද ශරීරයට අහිතකර බවටයි එම සංගමය අවධාරණය කරන්නේ. මේ අතර එම සංගමය ජනතාවට අවධාරණය කර සිටිනේනේ අධික උෂ්ණත්වය පවතින අවස්ථාවේදී අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙසයි. රජයේ රෝහල්වල සායනවල ඉන්සියුලින් හිඟකම හේතුවෙන් රෝගීන්ට මුදල් ලබා දී ඒවා මිලදී ගැනීමට සිදුව ඇති බව වාර්තා වනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සදහන් කළේ ඉන්සියුලින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන්නේ ඉතාමත් සුඵ පිරිසකට පමණක් බවයි. ඒ හේතුවෙන් දියවැඩියාව රෝගය උත්සන්න…

තව කියවන්​න

රට මේ වන විට දැඩි ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ කාරක සභික ලාල් කාන්ත මහතා පවසනවා. මෙම ව්‍යසනය විසඳා ගත හැකි වන්නේ වත්මන් ආණ්ඩුව පලවා හැරීමෙන් පමණක් බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. එහිදි වසර මැද මූල්‍ය තත්ත්ව වාර්තාව පිළිබද සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි. අද දින පාර්ලිමේන්තුව ආරම්භයේදීම රටේ ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් අඥාවක් නිකුත් කිරීමට නියමිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වන අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තියෙන් ඔහුට පැවරි ඇති බලතල ප්‍රකාරවයි. මේ, ඒ පිළිබදව පාර්ලිමේන්තුවට දැනුම් දුන් කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා. මේ අතර පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩවලව ප්‍රදේශයේ මෙන්ම වලව නිම්නය ඇතුඵ ප්‍රදේශ රැසක ගොවින්…

තව කියවන්​න

බේරුවල මරදාන ධීවර තොටුපල යාබදව සහ ප්‍රදීපාගාරයට නුදුරින් වෙරළ තීරයේ ගල්වැටිය ප්‍රදේශයට අපද්‍රව්‍ය බැහැර කළ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බේරුවල ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ පරණ බඩු එකතු කරන්නෙකු බවත් එලෙස එකතු කරනු ලබන භාණ්ඩවලින් මුදල් කළ හැකි භාණ්ඩ පමණක් රැස් කර ඉතිරි අබලි ද්‍රව්‍ය මුහුදට බැහැර කර දැඩි පරිසර හානියක් සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයා වරින් වර මුහුදට කසල බැහැර කරන අවස්ථා නිරීක්ෂණය වී ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

මඩකලපුව, වාකරේ පොලිස්ථානයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකුට ගඩොල් කැටයකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම පොලිසියේම රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙක් වාකරේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්  විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගඩොල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා වාකරේ රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන බව පැවසුවා. මොවුන් දෙදෙනා අතර හටගත් ආරවුලක් දුරදිග යෑමෙන් පසු සැකකාර පොලිස් කොස්තාපල්  රියදුරා ගඩොල් කැටයක්  ගෙන එයින් වැරෙන් පොලිස් කොස්තාපල් වරයාට දමා ගසා ඇතැයි පොලිසිය කියා සිටියා. අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු යොදා ගෙන යන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළා. වාකරේ පොලිසිය  මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ…

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපර්තමේන්තුව සඳහන් කරන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

තව කියවන්​න