- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
- ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
- 16 හැවිරිදි දැරියක් අතුරුදන්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
Author: Anura Premakumara
එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් රථයේ ගමන් ගත් කුඩා ළමයෙකු ඇතුළු සිව්දෙනෙක් බරපතල තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමු කර ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා. මස්කෙළිය නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ හපුගස්තැන්න ප්‍රදේශයේදී අද(09) පස්වරු 3ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මස්කෙළියේ සිට නෝටන් බ්‍රිජ් ටෙබර්ටන් දක්වා ඒකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක්. තුවාලකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත් ඒම පිරිස නෝටන්බ්‍රිජ් ටෙබර්ටන් දක්වා ධාවනය කරන අවස්ථාවේ මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය කියා…
මෙම වසරේ වැඩිම ලාඳුරු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. ජාතික රෝහලේ මධ්‍යම ලාඳුරු සායනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සනත් දීපක මහතා පවසා සිටියේ මේ වන විට රෝගීන් 127 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි. මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ වෛද්‍ය සනත් දීපක මහතා.
නිවස තුළ ප්‍රසුත කළ අලුත උපන් බිළිදෙක් උපන් මොහොතේම හොර රහසේ මාර්ගයට ගෙනවිත් දමා ඔහුගේ මරණය සිදුකළ අඹුසැමි යුවළක් මුල්ලේරියාව පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය පොලිස් ආරක්ෂාව යටතේ රෝගී තත්ත්වය නිසා රෝහල් ගත කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. මුල්ලේරියාව කැලණිමුල්ල වීදියබණ්ඩාර මාවතේ නිවසේ දී ඊයේ රාත්‍රියේ මෙම දරුවා ප්‍රසුත කර ඇති අතර, සැකකාර අඹුසැමි යුවළ දරුවා මාර්ගයට ගෙනවිත් දමා තිබියදී අද පෙරවරුවේ පොලිසිය සොයා ගත්තා. පොලිසිය අවට පරික්ෂා කිරීමේ දී ලේ පැල්ලම් ඔස්සේ ගොස් සිද්ධිය වු නිවසට ගොස් ඇති අතර, සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකාර අඹුසැමි යුවළ තදින්ම අයිත් මත්ද්‍රව්‍ය පානය ඇබ්බැහිව…
කැළණිමුල්ල, වීදිය බණ්ඩාර මාවතේ දිනක් පමණ වයසැති පිරිමි බිළිඳු මළ සිරුරක් හමු වූ බව මුල්ලේරියාව පොලීසිය පවසනවා. ජලය බැස යන කාණුවක මළ සිරුර තිබෙන බව පොලීසිය සදහන් කළා. එම මළ සිරුර එම ස්ථානයට ගෙනවිත් දැමූ බව කියන යුවලක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
හදිසියේ බිඳ වැටුණු නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සදහා තවත් දින 8 ක් පමණ ගත වන බව විදුලිබල මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ වුවද අඛණ්ඩ විදුලි සැපයුමකට බාධාවක් නොමැති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ. මේ අතර නොරොච්චෝලේ විදුලිබලාගාරයේ බිඳ වැටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද අදහස් පළ කළා. කෙසේ වෙතත් විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ඇතැම් පිරිස් රට අස්ථාවර කිරීමට ක්‍රියා කරමින් සිටින බවයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සදහා හෙට සහ අනිද්දා දිනය වෙන් කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.
ආසියානු කුසලසාන පන්දුවාර පනහ ක්‍රිකට් තරගාවලියේ නිල තරග සැලසුම ප්‍රකාශයට පත් කර තිබෙනවා. තරග 13කින් සමන්විත මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරනු ලබන්නේ පාකිස්තානයයි. එහෙත් සත්කාරකත්වය හිමි පාකිස්තානයේ තරග හතරක් පමණක් පැවැත්වෙන අතර සෙසු තරග 9ම පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ කොළඹදී සහ පල්ලෙකැලේදියි. තරගාවලිය අගෝස්තු මස 30 වනදා සිට ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියේ කණ්ඩායම් හයක් තරග වදින අතර එම කණ්ඩායම් හය කාණ්ඩ දෙකක් යටතේ තරග වදිනවා. ඒ අනුව මූලික වටයේදී A සහ B යනුවෙන් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් තුනක් ඇතුළත්. ඒ අනුව A කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය ක්‍රිඩා කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය…
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 20 භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ගැටි තරුණියක් අද දින උදැසන ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසුවා. මෙසේ දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ තලවකැලේ ඩයගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණියක්. මියගිය තරුණිය හැටන් නගරයේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරන බවත්, වසර පහක කාලයක් හැටන් පොන්නගර් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත්,වාර්තා වුණා. අද උදැසන සේවා ස්ථානය වෙත පැමිණි තරුණිය තමන් හමුවිමට පෙම්වතාට පැමිණෙන ලෙස දුරකථනයෙන් දැනුම් දි ඇති අතර පෙම්වතා විසින් එය ප්‍රතික්ෂේප කිරිම නිසා එයට උරණ වු පෙම්වතිය දුම්රියට පැන සිය දිවි හානි කර ගන්නා බවට පවසා…
මීගමුව , පෙරියමුල්ල සුපිරි ආපනශාලාවක අලෙවිය සදහා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් සහ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා . මෙම දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ අතර ඒවා දුම්කොළ සමාගම විසින් දේශීය වශයෙන් අලෙවි කිරීම සදහා වෙළෙඳ පොළට නිකුත් කර තිබූ දුම්වැටි තොගයක් සමග එකට මෙම ආපනශාලවේ රාක්ක තුළ අසුරා තිබුණා . ” මැන්චෙස්ටර් ” සහ තවත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි විශාල තොගයක් මෙම සුපිරි ආපනශාලාව තුළ තිබී පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් සහ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබූ අතර , ඒවා මෙම ආපනශාලා හිමිකරුවන් ඉදිරියේ…
දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සදහා තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත් ඔහු සදහන් කළා . ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් . මේ අතර උසස් පෙළ සඳහා කලා විෂයන් හදාරණ සිසුන්ට විද්‍යාව, ගණිතය වැනි වෙනත් විෂයයන් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් එමඟින් 2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනට අවශ්‍ය අනාගත පරපුර නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222