Author: Anura Premakumara

හබරකඩ කණිෂ්ඨ විද්‍යාලය නුදුරේදීම මහා විද්‍යාලයක් ලෙස සංවර්ධනය කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හබරකඩ කණිෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ආරක්ෂිත ක්‍රිකට් පුහුණු පැති තණතීරුව සිසු අයිතියට පත් කිරීමට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. එකම ජාතික පාසලක් වත් නොමැතිව තිබූ මැතිවරණ කොට්ඨාශයක් වූ හෝමාගම ප්‍රදේශය දකුණු ආසියාවේ විශාලතම ද්විතීක පාසල බිහි කිරීමට එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමාට හැකි වූ බවද ඔහු සදහන් කළා.

තව කියවන්​න

යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදි රිදි පදක්කම් සහ ලෝකඩ පදක්කම් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක සහ නිලුපුල් පැහැසර යන ක්‍රීඩකයින් සමත්ව තිබෙනවා. ඒ පිරිමි මීටර 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වෙන් සහ උස පැනීමේ ඉසව්වෙන්. ටි්‍රනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ හි පැවැත්වෙන යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වේ අවසන් මහ තරගයට අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි වියේ පසුවන අයෝමාල් අකලංක අද අලුයම සහභාගි වුණා. එහිදි අයෝමාල් පිරිමි මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කම හිමි කර ගනු ලැබුවා. මීටර 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වේ රන් පදක්කම ජැමෙයිකාව හිමිකර ගත්…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන අරමුණු කරා යාමට නම් රජ්‍ය නිලධාරින් ඇතුඵව සියලු දෙනා එක්ව ඒකාබද්ධ ප්‍රවේශයෙන් යුතුව කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. රට මුහුණ දී ඇති ගැටඵවලට විසදුම් සොයමින් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

පාකිස්ථාන මහ මැතිවරණය පැවැත්වීම තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වනවා. එරට පාර්ලිමේන්තුව නිල වශයෙන් විසුරුවා හැරීමට පාකිස්ථාන ජනාධිපති අරීෆ් අල්වි පසුගියදා කටයුතු කළා. දින 90 ක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු අතර එතෙක් භාරකාර රජයක් යටතේ පාලනය ගෙන යා යුතු වනවා. එම රජයේ නායකයා නම් කිරීමට බලයේ සිටි අග්‍රාමාත්‍ය ෂිබාස් ෂරීෆ්ට සහ ඔහුගේ රජයට දින 3 ක කාලයක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීමට නම් නව සංගනනයන්ට අනුව මැතිවරණ සීමා නැවතත් සකස් කළ යුතු බවටයි එරට මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. ඒ සදහා මාස 4 ක කාලයක් ගතවනු ඇති බවද සදහන්. මේ අතර ඉක්වදොරයේ ජනාධිපති අපේක්ෂක ෆර්නැන්ඩු විලාවිසෙන්සියෝ වෙඩි තබා ඝාතනය…

තව කියවන්​න

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සාමාජිකයින් 10 දෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්‍යාලය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම වළක්වමින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

තව කියවන්​න

සෘජුව හෝ වක්‍රව පිරමීඩ යෝජනා ක්‍රමවල නිරත වීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා. පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ලද වංචාකරුවන් පිළිබද විමර්ශනය කරමින් පවතින බවටයි මහා බැංකුව අවධාරණය කර සිටින්නේ. ආගමික සහ විනෝදාස්වාදජනක අවස්ථා මෙන්ම ප්‍රකට ක්‍රීඩා මගින් අනුග්‍රහකත්වය දක්වමින් යහපත් පුද්ගලයන් සේ සමාජයේ පෙනී සිටීමට මොවුන් උත්සහ ගන්නා බවද මහ බැංකුව පවසනවා. පිරමීඩ යෝජනා ක්‍රමවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වීම දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර ඉන් වැළකී සිටින ලෙසටයි ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කර සිටියේ .

තව කියවන්​න

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් එම සංගමයේ ලියාපදිංචිය වහාම අත්හිටුවමින් මෙලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. එම සංගමයේ කටයුතු පවත්වාගෙන යාමට 7 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව ද සදහන්.

තව කියවන්​න

එච් අයි වී අවදානමක් ඇති පුද්ගලයින් හට එම අවදානම වළක්වා ගැනීම සදහා ප්‍රෙප් නමැති නව ප්‍රතිකාර ක්‍රමයක් හදුන්වා දී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන වැඩසටහන පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජානකි විදානපතිරණ මහත්මිය පැවසුවේ දිවයින පුරා ඇති ලිංගාශ්‍රිත රෝග සායනවලින් මෙම ප්‍රතිකාර ලබා ගත හැකි බවයි. නව ප්‍රතිකාර ක්‍රමය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකි විදානපතිරණ මහත්මිය පැවසුවේ දිවයින පුරා ඇති ලිංගාශ්‍රිත රෝග මධ්‍යස්ථාන 41 න්ම මෙම ප්‍රතිකාර රෝගීන් හට ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බවටයි.

තව කියවන්​න

ඉදිරි මාස කිහිපය තුළදී රජයේ රෝහල්වල සිටී ස්කෑන් ඇතුඵ පරීක්ෂණ සේවා රැසක් නතර වීමේ අවධානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ විකිරණ තාක්ෂණවේදීන්ගේ පවතින හිඟය හේතුවෙන් මෙම සේවා ක්‍රියාත්මක කරවීම ගැටඵ සහගත වන බවයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළද මේ වන තෙක් ඔවුන් නවක නිලධාරින් බඳවා ගැනීමට පියවර ගෙන නොමැති බවයි චානක ධර්මවික්‍රම මහතා කියා සිටියේ. මේ අතර ශ්‍රී ලංකාව තුළ ඖෂධ සහ එන්නත් විස වීමේ ප්‍රවණතාවය හේතුවෙන් ඖෂධ නියාමන අධිකාරිය විසින් එන්නත් වර්ගයක් සමග ඖෂධ වර්ග 5 ක් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා. ඖෂධ මිලදී ගැනිමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට හෝ ඖෂධ ආනයනය…

තව කියවන්​න

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව මෝටර් රථ ප්‍රවාහන ජංගම සේවාවක් කුරුණෑගල නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් හිදි උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා කුරුණෑගල සර් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සදහන්. මෙහිදි ලියාපදිංචි සහතික සංශෝධනය කිරීම, රියදුරු බලපත්‍ර අයදුම් කිරීම, පැවරුම් සහතික ලබා ගැනීම ඇතුඵ සේවාවන් රැසක් සිදු කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

තව කියවන්​න