- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
- අයවැය හිඟය පියවීම සඳහා ණය මුදල් භාවිත කරනවා – මන්ත්‍රී සරත් කුමාර
Author: Anura Premakumara
ගුරු විද්‍යාල අවසාන විභාගය අද ආරම්භ කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සදහා පුහුණු පාඨමාලා විභාගය ද අද ආරම්භ වනු ඇති. ඒ අනුව එම විභාග ලබන අද සිට අගෝස්තු 19 වනදා දක්වා පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ. ගුරු විද්‍යාල අවසාන විභාගය සදහා අයදුම් කළ අයදුම්කරුවන් ප්‍රවේශ පත්‍ර ගුරු විද්‍යාල විදුහල්පතිවරුන් පසුගියදා වෙත යොමු කර තිබුනා. එමෙන්ම උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සදහා පුහුණු පාඨමාලා විභාගය සදහා අයදුම් කළ අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ද ඔවුන්ගේ පුද්ගලික ලිපිනයන් වෙත තැපැල් මගින් යොමු කළ බවයි විභාග දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කර තිබුනේ.
දකුණු පළාත් ගිලන් රථ රියදුරන් අද දිනයේදී වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අප්‍රේල් මාසයට අදාළ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි සේවාවට අදාළ ගෙවීම් කපා හැරීමට විරොධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ. ඒ පිළිබඳ අදහස් පල කළ දකුණූ පළාත් සෞඛ්‍ය සේවා ගිලන් රථ ප්‍රවාහන සංගමයේ ලේකම් කේ.ඩබ්ලිව් ජයන්ත ජයසේකර මහතා.
අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද සිට ආරම්භ කරන බව සමාජ සුබ සාධන මණ්ඩලය පවසනවා . එම මණ්ඩලය සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කළ බවයි . අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව 217,000ක් . එම විරෝධතා දින 5 ක් ඇතුළත විභාග කර අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉන් අනතුරුව අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා අට ලක්ෂයක් ද විභාග කිරීමට නියමිතයි . මේ අතර ගැටලු නිරාකරණය වී ඇති අස්වැසුම ප්‍රතිලාභීන් 15 ලක්ෂයකට පළමු වාරිකය මුදා හැරීම ලබන සතියේ සිදු කෙරෙන බව සමාජ ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කලා .
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර නිකුත් කළ කාලසටහනෙහි ඇතුළත්ව තිබූ තරග 9ක සංශෝදනයක් සිදු කර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ. ඒ අතරට, ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය මෙන්ම ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය ද ඇතුළත්. ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එය ඔක්තෝබර් 14 වැනිදා අහ්මදාබාද්හී දී ම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. ඒ හේතුවෙන් ඇෆ්ඝනිස්තානය හා එංගලන්තය අතර ඔක්තෝබර් 14 වැනිදා…
අරගලකරුවන් විසින් ගෝල්ෆේස් පිටියට සිදු කරන ලද අලාභය රුපියල් පනස් නව ලක්ෂ 96,484ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබෙන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා විසින් ඊයේ වාචික පිළිතුරු අපේක්ෂවෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කර තිබූ අතර, එම ප්‍රශ්න සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාගත කරන ලද පිළිතුර මගිනුයි මේ බව අනාවරන වුණේ. මෙහිදී අරගලකරුවන් ගෝල්ෆේස් පිටියට සිදු කළ අලාභය සඳහා වැය වන සම්පූර්ණ පිරිවැය රුපියල් තිස්තුන් ලක්ෂ 31,380ක් වන බවද එහි සදහන් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම මුදලට උද්ධමනය හේතුවෙන් සිදු වූ සියයට 80කින් මිල ගණන් ඉහළ…
විදුලිය උත්පාදනය කෙරෙන ජලාශ කිහිපයකම ජල මට්ටම පහළගොස් තිබෙනවා. වික්ටෝරියා ජලාශය විදුලිය උත්පාදනයට උපරිම ධාරිතාවෙන් යොදාගතහොත් එහි උත්පාදන හැකියාව දින 30කට ප්‍රමාණවත් වන බවයි බලාගාරයේ ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ. වික්ටෝරියා ජලාශයේ උපරිම ජල මට්ටමේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 438කි. එහෙත් එම ජලාශයේ ජල ධාරිතාව ද පහළ ගොස් ඇති අතර, ජලාශයේ උපරිම ජල මට්ටම මේ වන විට පවතින්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 409.7ක මට්ටමකයි. එම ජලාශයෙන් විදුලිය නිපදවිය හැක්කේ, උපරිම ජල මට්ටමේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 380ට ඉහළින් පවතින විට පමණක් වනවා.
කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්ය සාධක බළකායක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. කෘෂිකර්ම, වැවිලි සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ මෙලෙස ඒකාබද්ධ කරමින් අදාළ කාර්ය සාධක බලකාය ස්ථාපිත කිරීමට නියමිතයි. මෙම ඒකාබද්ධ කිරීම, පළාත් සභා නවයක සම්පත් සමඟ කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳීම අරමුණු කරගෙන ඇති බව සඳහන්. මේ අතර ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟිය යුත්තේ අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් තුළ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ජනාධිපති රනිල්…
හවායි මවුයි ප්‍රදේශයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලැව්ගිනි හේතුවෙන් ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 17 දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමත් සමග මෙලෙස මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙහිදී ලැව්ගිනි හේතුවෙන් ගොඩනැගිලි 1,700ක් මෙන්ම ඓතිහාසික ලෙහයිනා නගරය සියයට 80ක් විනාශ වී තිබෙනවා.
මහා භාණ්ඩාගාරයට බරක් නොවන ලෙස බන්ධනාගාර පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කරක බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. ඊට අදාළ නීත්‍යානුකුල ක්‍රමවේදයක් සකස් කිරීමේ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාතත්‍යවරයා සදහන් කළේ. බන්ධනාගාර තුළ පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ස්ථාපිත කර රැදවුවන් එහි සේවයට එක් කිරීමේ වැඩසටහන් කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සදහා ආයතන 04ක් එගතාව පළකර ඇති බවයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 13 වන ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනුයි මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ. මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැති මෙම සාකච්ඡාවේදී පොලිස් බලතල සම්බන්ධයෙන් දීර්ඝව සාකජාවට ලක්ව තිබෙනවා. උතුරු පළාත තුළ සිදුවන අපරාධ දිනෙන් දින ඉහළ යාම සම්බන්ධයෙන් ද දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරුන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාව දැනුවත් කර තිබෙනවා. මේ අතර පොලිස් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා කොළඹ දී මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ පොලිස් බලතල පළාත් සභාවෙත ලබා දීම තුළින් විශාල අර්බුදයක් සිදුවන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222