Author: Anura Premakumara

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාර්ථක කර ගැනීම උදෙසා මේ වන විට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1987 ව්‍යවස්ථාවේ කොටසක් ලෙස දැනටමත් පිළිගෙන තිබීම හේතුවෙන් මේ පිළිබදව අනිසි බියක් කිසිවෙකුත් ඇතිකර නොගත යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයින්ට නිවාඩු පදනම මත විදේශගත වීමට අවසර ලබා දී ඔවුන් විදේශගත වීමේදී ආණ්ඩුව විසින්ම යම් යම් බාධක පනවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගුරුවරු 5000 කට අධික සංඛ්‍යාවක් ගුරු වෘත්තියෙන් ඉවත් වී රැකියා සදහා විදේශගත වී ඇති බවයි. මේ එහිදි වැඩිදුරටත් අදහස් පළ කළ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා.

තව කියවන්​න

ලබන වසරේදී ද රාජ්‍ය සේවයට නව බදවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. ලබන වසර සඳහා වන ඇයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීමට අදාළ මාර්ගෝපදේශන මාලාව නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. ඒ අනුව මෙම වසරේ ජූනි මස 30 වනදාට අදාළ වන ලෙස සේවයේ නියුතු සේවක සංඛ්‍යාව පදනම් කරගනිමින් ලබන වසර සඳහා වැටුප්, වේතන හා අනෙකුත් දීමනා ඇස්තමේන්තු සකස් කළ යුතු බව ද ඒ මහතා කියා සිටියා. එමෙන්ම රථවාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා ඇති සීමා එලෙසම ක්‍රියාත්මක වන අතර ලබන වසරේදී ද රාජ්‍ය ආයතන සඳහා ගෘහ භාණ්ඩ, කාර්යාල…

තව කියවන්​න

මන්නාරම – මරද මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදට යෙදී තිබෙනවා. ඒ අනුව උදෑසන දිව්‍ය පූජාව මන්නාරම රදගුරු අතිඋතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබුවා. එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙවර වාර්ෂික මංගල්‍ය සඳහා අති විශාල ජනකායක් ද එක්ව සිටීම විශේෂත්වයක්. මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ සැප්තැම්බර් 15 දින සිට කොළඹ සහ තලෙයිමන්නාරම අතර සිඝ්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවයි.

තව කියවන්​න

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ, චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව පවත්වනු ලබන 7 වැනි චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහ 27 වැනි චයිනා කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීමටයි. එය හෙට සිට ලබන 20 වන දා දක්වා චීනයේ කුන්මිං හිදී පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ඕමානයේ රැකියා ලබාදීමට මුදල් ලබාගත් පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව, අමිර්තකලි ප්‍රදේශයේ පදිංචි අයෙකු ඕමානයේ රැකියා ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රු.450,000.00 බැගින් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශයට පැමිණිලි දෙකක් ලැබී තිබෙන අතර, ඒ අනුව කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් මඩකලපුව පොලිසියේ සහායද ඇතිව අදාල පුද්ගලයා ඔහුට අයත් නිවසේදී අත්අඩංගුවට ගත් බව සදහන්. වැඩිදුර විමර්ශනවලදී මෙම පුද්ගලයා විසින් රැකියා සඳහා ඕමානයට යවන ශ්‍රි ලාංකිකයින්ට පොරොන්දු වූ පරිදි අදාල රැකියාව හිමිනොවීම හේතුවෙන් අසරණ තත්ත්වයට පත්ව ඇති බවත්, විශාල පිරිසකගෙන් මෙලෙස මුදල් ලබාගෙන ඇති බවත් හෙළිවී…

තව කියවන්​න

ඉතාලියේ එට්නා ගිනි කන්ද සක්‍රීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ හේතුවෙන් ගිනි කන්ද පිහිටි ප්‍රදේශයේ ඇති සිසිලියේ කැටානියා ගුවන් තොටුපොළේ ගුවන් ගමන් ද සම්පූර්ණයෙන් අවලංගු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සඳහන් කර ඇත්තේ. මෙලෙස සක්‍රීය වූ එට්නා ගිනි කන්දෙන් අළු සහ දුමාරය පිටවෙමින් තිබෙන අතර, එම අළු විසිරීම හේතුවෙන් කැටානියා නගරාධිපතිවරයා විසින් පැය 48ක කාලයක් සදහා එම ප්‍රදේශය තුළ යතුරුපැදි සහ බයිසිකල් භාවිතය ද තහනම් කර තිබෙනවා.

තව කියවන්​න

දකුණු රුසියාවේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පිපිරීම හේතුවෙන් තවත් පුද්ගලයන් 50 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඉන්ධන පිරවුම් හලේ ඇති වු ගින්න වර්ග මීටර් 500ක පමණ පැතිර ඇති අතර, තවදුරටත් පිපිරීම් සිදුවීමේ අවධානම පවතින බව එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුණා. ඒ, බී ලව් කැන්ඩි කණ්ඩායම ලකුණු 20න් පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 162ක් රැස් කළා. එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 41ක් රැස් කළ අතර පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් ලකුණු 35ට කඩුළු 3ක් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බී ලව් කැන්ඩි කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 142ක් පමණයි. එහිදී දිනේෂ් චන්දිමාල් පන්දු 46දී ලකුණු 50ක් රැස් කළ අතර, විශිෂ්ඨ පන්දු…

තව කියවන්​න

රඹුක්කන, පත්තම්පිටිය ප්‍රදේශයේදී එකම පවුලේ අඹු සැමියන් වස පානය කර දරුවන් දෙදෙනාට වස පෙවීම හේතුවෙන් මාවනැල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා. වස පානය කළ මව වයස අවුරුදු 27ක් හා පියා වයස අවුරුදු 28ක් වන අතර, ගැහැණු දරුවන් දෙදෙනා පිළිවෙලින් අවුරුදු 4යි මාස 6ක් සහ මාස 11ක වයස් වල පසුවන කෙම්පිටිය වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සදහන් කළේ. අඹු සැමියන් දෙදෙනා දරුවන්ට ඖෂධ ලබා දෙන මුවාවෙන් වස පොවා ඇති බවත්, අනතුරුව ඔවුන් දෙදෙනාද වස පානය කර ඇති බවත් පොලිස් විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න