Author: Anura Premakumara

අස්වැසුම වැඩසටහන පිළිබද ලෝක බැංකු නියෝජිතයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පෙරේරා මහතා පැවසුවේ ලෝක බැංකු නියෝජිතයින් අද දිවයිනට පැමිණෙන බවයි. එහිදී අස්වැසුම මගින් සිදුවන අසාධාරණ පිළිබද ඔවුන්ට පැමිණිලි කරන බවයි මන්ත්‍රිවරයා සදහන් කළේ.

තව කියවන්​න

ආහාර ද්‍රව්‍ය 09ක මිල අද සිට අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිරිපිටි, සෝයා , හාල්මැස්සන් , බාස්මති සහල් මිල අද සිට අඩු වනු ඇති. එමෙන්ම දුඹුරු සීනි, අර්තාපල් , කඩල , සුදු ලුණු , සහ රතු කැකුළු මිල ද මෙලෙස අඩු කරන බවයි ලංකා සතොස ආයතනය නිවේදනය කළේ. දිවයිනපුරා පිහිටි ලංකා සතොස ශාඛා මගින් නව මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩල මිල දී ගත හැකි බව සතොස ආයතනය සදහන් කළා.

තව කියවන්​න

තවත් වසර 20කින් පමණ මෙරට තුළ විශාල ජල හිගයක් ඇතිවීමේ අවධානමක් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දැනට පවතින දේශගුණ විපර්යාස ඊට හේතු වනු ඇති අතර, ඒ සදහා මේ මොහොතේ සිට සුදානම් විය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. පවතින අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් සිදු නොකර අනාගතයට ගමන් කළ නොහැකි බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහීදි සදහන් කළා.

තව කියවන්​න

ලංකා සතොස ආයතනය තවත් භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා. අගෝස්තු මස 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල පහළ දැමීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ග්‍රෑම් 400 කිරි පිටි පැකැට්ටුවක මිල රුපියල් 970 දක්වා රුපියල් 29කින්ද තායි හාල්මැස්සන් කිලෝ එකක් රුපියල් 1160 දක්වා රුපියල් 15කින්ද පහත දමා තිබෙනවා. මේ අතර රුපියල් 360ක්ව පැවැති දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 350 දක්වා රුපියල් 10කින්ද රුපියල් 650ක්ව පැවැති සොයාමීට් කිලෝවක මිල රුපියල් 625 දක්වා රුපියල් 25කින්ද රුපියල් 330ක්ව පැවැති අර්තාපල් කිලෝවක මිල රුපියල් 325 දක්වා රුපියල් 5කින්ද පහළ දමා තිබෙනවා. භාස්මති සහල් කිලෝවක මිල රුපියල් 15කින් පහළ දමා…

තව කියවන්​න

හදිසි බිඳ වැටීමකට ලක්වූ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව යළි ජාතික පද්ධතියට අද(16) එක් කළ බව ලංකා විදුලි බලමණ්ඩලය පවසනවා. ලංකා විදුලිබලමණ්ඩලය කියා සිටියේ එම ජනන යන්ත්‍රය ඇති වූ හදිසි බිඳ වැටීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270ක් අහිමි වූ බවයි. අගෝස්තු මස 8 වනදා අදාළ ජනන යන්ත්‍රය බිඳ වැටීමට ලක්වූවා.

තව කියවන්​න

මුදල් අමාත්‍යංශයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. මුදල් අමාත්‍යංශය කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙනවා. අමාත්‍යංශයේ දෙවන මහලෙහි ගින්න හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදවා ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

ආනයන සීමා ලිහිල් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොදු ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කරන බස්, ලොරි, ට්‍රක් සහ බවුසර් රථ ආනයනය සදහා පනවා තිබූ සීමාවන් මෙලෙස ලිහිල් කර තිබෙනවා. එමෙන්ම පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද ප්‍රකාශ කළේ ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් රජය තවදුරටත් අවධානය යොමු කරමින් සිටින බවයි.

තව කියවන්​න

ඩොලරය දිනෙන් දින වෙනස්වීම හමුවේ ආනයනකරුවන් මෙන්ම අපනයනකරුවන් ද දැඩි ලෙස පීඩාවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මේ හේතුවෙන් රුපියල ශක්තිමත් වීමට ද දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි ඒ මහතා කියා සිටියේ. මේ පිළිබදව වාසුදේව නානායක්කාර මහතා ද උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මෙලෙස කරුණු අනාවරණය කළා.

තව කියවන්​න

රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සදහා දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව එළඹෙන 17 වනදායින් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව නැවත පාසල් වාරය ආරම්භ වන්නේ අගෝස්තු මස 28 වන දායි. අගෝස්තු මස 28 වන දා සිට දෙවන පාසල් වාරයේ දෙවන අදියර ඇරඹෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සාමාන්‍ය ආකාරයකටවත් විදේශගත වීමට නොහැකි වී ඇති බව විශ්ව විද්‍යාල ආචාරයවරුන්ගේ සමිති සම්මේලනයේ උපසභාපති ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසනවා. එමෙන්ම සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණ වී ඇත්තේ 2024 වර්ෂයේ ජනවාරි මාසය වන විට විශ්ව විද්‍යාල ආචාර්ය පද්ධතිය තුළ සිටිය යුතු ආචාර්යවරුන්ගෙන් හරි අඩක් විදෙස්ගත වනු ඇති බවයි. මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ චාරුදත්ත මහතා.

තව කියවන්​න