Author: Anura Premakumara

වියළි කාලගුණය සමග මහවැලි අධිකාරියට අයත් ජලාශ 21 ක ජල මට්ටම තවදුරටත් පහත බැස තිබෙනවා. ඇතැම් ජලාශවල ජල මට්ටම් සියයට 50 දක්වා පහත වැටී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ. පසුගිය දිනවල කතාබහට ලක් වූ සමනල වැව ජලාශයේ ජල මට්ටම සියයට 2.5 දක්වා පහත වැටී ඇති අතර සමනල වැවෙන් ජලය සපයන උඩවලව ජලාශයේ ජල මට්ටම ද සියයට 2.8 ක අගයක පවතිනවා. අධික වියළි කාලගුණය ප්‍රයෝජනයට ගනිමින් වැව් ප්‍රතිසංස්කරණ සහ රොන් මඩ ඉවත් කිරීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ. මේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ…

තව කියවන්​න

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු හෙට සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා පැවසුවේ එලඹෙන 27 වන දා දක්වා ඇගයීම් කටයුතු ක්‍රියාත්මක බවයි. මෙම ඇගයීම් කටයුතු පාසල් කාලය තුළ සිදුවීම හේතුවෙන් කිසිදු පාසලක් අමතරව වසා නොතබන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

පුද්ගලයින් දෙදෙනෙකු අල්- කුරානයට හානි කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් පාකිස්ථානයේ නැගෙනහිර පංජාබ් ප්‍රාන්තයේ ජරන්වාලා ප්‍රදේශයේ ගැටුම් හටගෙන තිබෙනවා එහි දී කතෝලික දේවස්ථාන 10කට ගිනි තබා ඇති අතර කිතුනුවන්ගේ නිවාස රැසකට ද හානි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ. අල් – කුරානයට අපහාස කිරීම පාකිස්ථානයේ මරණ දඩුවමට යටත් කළ හැකි වරදක් වන බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපතිවරයා වන නතානියල් සී ෆික් එළඹෙන 20 වන දින මෙරට සංචාරය කිරීමට නියමිත බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉන්දියාවේ බැංග්ලෝර්හි පැවැත්වෙන ජි-20 ඩිජිටල් ආර්ථික අමාත්‍ය රැස්වීමේ අමෙරිකානු ප්‍රධානියා ලෙස ඔහු දිනයේ සිට ලබන 20 වැනිදා දක්වා ඉන්දියාවේ ද සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

බටහිර ඉන්දීය කොදෙව් හිටපු පිතිකරු මාර්ලන් සැමුවෙල්ස් එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය යටතේ වැරැදි 4 කට වැරදිකරු බවට පත්ව තිබෙනවා. ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසිනුයි මේ බව තීන්දු කර ඇත්තේ. 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී යි සැමුවෙල්ස්ට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් චෝදනා ගොණු කරනු ලැබුවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 2019 වසරේ පැවැති අබුඩාබි ටී 10 ලීග් තරගාවලියට අදාළවයි ඔහුට චෝදනා ගොණු කර තිබුණේ. ඔහු එම තරගාවලියේ දී කර්නාටකා ටස්කර්ස් සංචිතයට ඇතුළත්ව සිටි නමුත්, කිසිදු තරගයක් සදහා ක්‍රීඩා කළේ නැහැ. එක් එක් පාර්ශ්වයන් ඉදිරිපත් කරන කරුණු සලකා බැලීමෙන් පසුව විනිශ්චය සභාව විසින් ලබා දෙන දඩුවම් තීරණය කරනු ඇති.…

තව කියවන්​න

බටහිර අප්‍රිකාවේ කේප් වර්ඩ් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් හමුවී තිබෙනවා. එම බෝට්ටුවේ සිටි ළමුන් ඇතුළු 38 දෙනෙකු බේරාගෙන ඇති අතර, මෙම බෝට්ටුවේ පැමිණි තවත් පුද්ගලයන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක පළ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම බෝට්ටුව සෙනගාල් සහ ලියොන් වලින් සංක්‍රමණිකයන් 100ක් පමණ රැගෙන විත් ඇති අතර, මාසයක් පමණ මුහුදේ සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා.

තව කියවන්​න

ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් වැඩිකිරීම කටයුතු කර තිබෙනවා. එම දීමනා මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බවයි සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා සදහන් කළේ. ඒ අනුව ආබාධිතවූවන්ගේ අධ්‍යාපන ආධාරය රුපියල් 10,000 සිට 20,000 දක්වා වැඩි කෙරෙන අතර, ආබාධිතවූවන්ගේ ස්වයං රැකියා ආධාරය රුපියල් 25,000 සිට 40,000 දක්වා ඉහළ දමා තිබෙනවා. ආබාධිතවූවන්ගේ උපකරණ සඳහා දුන් රුපියල් 15,000 ආධාරය රුපියල් 35,000 දක්වාත්, ආබාධිතවූවන්ගේ නිවාස ඉදිකිරීම් සඳහා දුන් 250,000 ආධාරය රුපියල් ලක්ෂ 05 දක්වාත් වැඩි කිරීමටයි කටයුතු කර ඇත්තේ. ආබාධිතවූවන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමට දුන් රුපියල් 150,000 ආධාරය රුපියල් 250,000 දක්වා වැඩි කරන අතර, ආබාධිතවූවන්ට වැසිකිළි ඉදිකර ගැනීමට ලබාදෙන…

තව කියවන්​න

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා අද වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඔහුට අදාළ පත්වීම් ලිපිය ඊයේ භාරදෙනු ලැබුවා. වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද මීට ඉහතදී කටයුතු කර තිබුණා.

තව කියවන්​න

රජයේ සහ රජයේ අනුමත පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්වනවා. අධ්‍යපාන අමාත්‍යංශය සදහන් කළේ ඒ අනුව අගෝස්තු 28 වනදා දක්වා පාසල් නිවාඩු ලබා දෙන බවයි. දෙවන පාසල් වාරයේ දෙවන අදියර අගෝස්තු මස 28 වනදා අරම්භ කෙරෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළා. මේ අතර 2022 සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල පළමු අදියර හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ ඇගයීම් මධ්‍යස්ථාන 100කදී අදාළ ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිත බවයි. මේ සදහා ගුරුවරුන් 27,500ක් පමණ එක්වන බව ද විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.

තව කියවන්​න

වත්මන් ජනාධිපතිවරයා සමග කිසිදු ගිවිසුමකට එළඹීමේ සුදානමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා පැවසුවේ වත්මන් රජය රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් සිටින බවයි. විපක්ෂයේ පක්ෂ විධායක සභාව ඊයේ රැස්වු අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. මේ අතර පක්ෂ භේද නොසලකා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිනි කවිරත්න මහත්මිය පවසනවා. ඊයේ මාධ්‍යට අදහස් දක්වමින් රෝහිනි කවිරත්න මහත්මිය මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න