Author: Anura Premakumara

මාස 6ක කාලයක් සඳහා මෙගාවොට් 100ක විදුලියක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබෙනවා. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 වන වගන්තිය යටතෙයි මෙලෙස මෙම අනුමැතිය ලබාදී ඇත්තේ. ඒ අනුව ප්‍රධාන කොන්දේසි 3ක් යටතේ අද දිනයේ සිට මාස 6ක කාලයක් සඳහා පමණක් විදුලිය මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. පළමු කොන්දේසිය වන්නේ කුසලතා පදනම මත අදාළ විදුලි මිලදී ගැනීම සිදුකළ යුතු අතර, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් කාලය අවසානයේ එම මිලදී ගැනීම් පිළිබද ස්වාධීන විගණනයක් සිදුකළ යුතු බවයි. කොත්මලේ පොල්පිටිය විදුලි රැහැන 2024 අගෝස්තු 31ට පෙර සක්‍රිය කළ යුතුය යන්න දෙවන…

තව කියවන්​න

2022 සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල පළමු අදියර අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ ඇගයීම් මධ්‍යස්ථාන 100කදී අදාළ ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිත බවයි.  මේ සදහා ගුරුවරුන් 27,500ක් පමණ එක්වන බව ද විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.

තව කියවන්​න

ශ්‍රමික සුබසාධනය වෙනුවෙන් පුළුල් බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක අවශ්‍යතාවය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කරනවා. ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් සුබසාධන වැඩසටහන් වෙනුවෙන් අමාත්‍යංශ ගණනාවක් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඒකාබද්ධ කරගත් පුළුල් බහු පාර්ශවීය කාර්යසාධක බලකායක අවශ්‍යතාවය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කළා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කේන්ද්‍ර  කරගනිමින් ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් වන ක්‍රියාකාරී අධ්‍යනයක් සිදු කරන ලෙසට අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද දිනයේදී අමාත්‍යංශයේදී පැවැත්වුණා. ඒ සදහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රධාන තාක්ෂණික උපදේශක සහ ප්‍රාදේශීය ක්‍රියාකාරී සේවා ඒකකයේ ප්‍රධානී imon…

තව කියවන්​න

අද දින සිට පුරා දින 4 ක කාලයක් දක්වා සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර පැවැත්වීම සිදුවන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. ඉන් අනතුරුව අගෝස්තු මස 21 වන දින ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව වැඩමවීමේ පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිත බවයි ඒ මහතා කියා සිටියේ. මේ අනුව අගෝස්තු මස 25 වන දා දක්වා පුරා දින 5 ක් කුඹල් පෙරහර පැවැත්වෙනු ඇති. මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා.

තව කියවන්​න

පාසලෙන් දරුවන් හට ලබා දෙන ලද ක්‍රියාකාරකම් සිදු කරන්නේ දරුවන් නොව දෙමව්පියන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. මෙම කරුණ ප්‍රායෝගික නොවීම හේතුවෙන් නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවටයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

තව කියවන්​න

මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීමට චීනය ශ්‍රී ලංකාවට උපකාර කරන බව චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා පවසනවා. කුන්මිංහි 07 වන චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ පැවති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබුවා . චීනය ශ්‍රී ලංකාවේ ස්වෛරී ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ආරක්ෂා කරගැනීම සඳහා දැඩි ලෙස සහාය දෙන අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමැත්තෙන් පසු වන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ස්වාධීන සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව වැඩි දියුණු කිරීමටත් දරිද්‍රතාවයෙන් මිදීමටත් කාර්මීකරණ ක්‍රියාවලිය සහ කෘෂිකාර්මික නවීකරණය වේගවත් කිරීමටත් චීනය උපකාර කරන බවයි ඔහු එහිදි වැඩිදුරටත් ප්‍රකාශ…

තව කියවන්​න

එළඹෙන සෙනසුරාදා පෙරවරු 8 සිට ඉරිදා අලුයම 2 දක්වා පැය 18 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, මුල්ලේරියාව සහ රත්මලාන යන ප්‍රදේශවලට මෙසේ ජල කප්පාදුවක් සිදු කරන බවයි එම මණ්ඩලය දැනුම් දෙන්නේ.

තව කියවන්​න

2030 වසර වන විට ගැබ්ගෙල පිලිකා හේතුවෙන් ශ්‍රී ලංකාව තුල සිදුවන මරණ සංඛ්‍යාව සියයට 30 කින් පමණ අඩු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. ප්‍රජා වෛද්‍ය විශේෂඥ පද්මක ද සිල්වා මහතා සඳහන් කළේ මෙරටින් පූර්ණ වශයෙන්ම ගැබ් ගෙල පිළිකා තත්ත්වය තුරන් කිරීම දීර්ඝ කාලීන සැලැස්මේ ප්‍රධාන අරමුණ වන බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේ.

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද ආරම්භ වනවා. ඉන් පළමු තරගය අද පස්වරු 3 ට ආරම්භ වන අතර එහිදි දඹුල්ල අවුරා කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි. මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇති. මේ අතර අද පැවැත්වෙන අවසන් වටයේ දෙවන තරගය බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග පැවැත්වෙන අතර එම තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයෙන් පරාජය වන කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන අතර ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් වටයේ පළමු තරගයෙන් පරාජයට පත් වූ කණ්ඩායම සමග නැවත හෙට දිනයේදී තරග වැදීමට…

තව කියවන්​න

ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සමග කිසිදු ගිවිසුමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් සමග කොළඹ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සදහන් කළේ නව ජනවරමකින් තොරව කිසිදු තනතුරක් භාර නොගන්නා බවයි.

තව කියවන්​න