- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
Author: Anura Premakumara
නියම කර ඇති පරිදි බැංකු පද්ධතිය තුළ පොලී අනුපාත පහළ දමා තිබේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ අධීක්ෂණයක් සිදු කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විවෘත පොලී අනුපාත පහළ දැමීමේදී බැංකු පද්ධතියටද ප්‍රායෝගික ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදුවන බවයි. රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් රජය විසින් මේ වන විට වැඩි අවදානයකින් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියා.
හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා. ඊයේ රාත්‍රී 8.30ට පමණ හටගත් මෙම ගින්න නිවීම සදහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකයට සහ හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයට අයත් ගිනි නිවීමේ රථ 7ක් යොදවා ගත් බවයි පොලීසිය සදහන් කළේ. ගින්නට ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ජීවිත හානිද වාර්තා වී නොමැති බවද පොලීසිය සදහන් කළා. මේ අතර හෝමාගම අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට ඊයේ රාත්‍රියේ විශේෂ දැනුම්දීමක් සිදුකර තබුණා. කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විසිනුයි මෙම දැනුම්දීම සිදුකර තිබුණේ. හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ මෙම ගින්න හේතුවෙන් මතුවිය හැකි…
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර සුහද සාකච්ඡාවක් අමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සුහදතාවය වර්ධනය කරගනිමින් සංස්කෘතික හා ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානයට යොමුව තිබෙනවා. මෙරට මහාමාර්ග සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳව අමාත්‍යවරයා විසින් තානාපතිතුමා දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. රුසියාව සතු තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ දැනුම මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය සඳහා දායක කර ගැනීම ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා. මෙම හමුව සඳහා රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මාරියා එල්. පොපෝවා මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක්…
අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දේශීය ආදායම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන බවයි. ඔවුන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට මෙම නව දේශිය ආදායම් පනතෙන් හැකියාව ලැබී ඇති බව ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළා. එමෙන්ම මෙරට රාජ්‍ය බදු අයකර ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් ගැටළු රැසක් පවතින බව ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළා.
කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 294ක් සන්තකයේ තබාගෙන සිටි පිලිපීන ජාතිකයෙකු නාරාහේන්පිට ලැගුම්හලකදී අත්අඩංගු ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි පොලීසිය සදහන් කළේ. මේ අතර පිලිපීස ජාතිකයාගෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි කිරුළපන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 07ක් සහ ඔහු පැමිණි මෝටර් රථයද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර පිලිපීන ජාතිකයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, අනෙක් සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
විදේශ ගතවන පුද්ගලයන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළ සියයට 78න් වර්ධනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ අනුව මෙම වසරේ මේ දක්වා පුද්ගලයන් 185,856 දෙනෙකු විදේශ ගතව ඇති බවයි එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් මහතා සදහන් කළේ.
මැලේසියාවේ අධිවේගී මාර්ගයකට පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ජෙට් යානය ගොඩබෑමට උත්සහ කිරීමේදී යතුරු පැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් යානය අනතුට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එහිදී ජෙට් යානයේ සිටි පුද්ගලයන් 8 දෙනෙකු සහ අධිවේගී මාර්ගයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගුවන් ගමන් පාලන කුළුණේ සම්බන්ධනා නැතිවීම හේතුවෙන් මෙම ජෙට් යානය අනතුරට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවගියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අවසන් වටයේ පළමු තරගයෙන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම කඩුළු 6ක් පරාජයට පත් කරමින්. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 146ක් රැස් කළා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ලසික් කෲස්පුල්ලේ පන්දු 61දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 80ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 147ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා. එහිදී කුසල් ජනිත් පෙරේරා ලකු 53ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 49ක් රැස් කිරීමට සමත් වුණා. මේ…
කවුරුන් කුමන මත ප්‍රකාශ කල ද සමුර්ධි ව්‍යාපාරය හරහා දිළිඳු බව තුරන කල හැකි වූ බව හිටපු අමාත්‍ය එස්, බි දිසානායක මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ඒ පිලිබන්ද නිවරැදි පැහැදිලිතාවක් නොමැති ඇතැම් පුද්ගලයින් මේ ආකාරයේ වැරදි මත ප්‍රකාශ කරන බවයි. යහපාලන ආණ්ඩුව රට භාර ගන්නා අවස්ථාවේදී මෙරට දීලිදු කම 4.2 දක්වා අඩුවී තිබු බවයි ඒ මහතා කියා සිටියේ. විදේශ ණය ප්‍රතිවෘ්‍යුහගත කිරීම මගින් විදෙස් සංචිතවලට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලි චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළා.
දෙනියාය නගරයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් රැගෙන කොළොන්නේ පිහිටි සිය නිවස වෙත යමින් සිටි තේ දළු ව්‍යාපාරිකයෙකු අතුරුදන්ව තිබෙනවා. අදාල ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් මේ සම්බන්ධයෙන් කොළොන්න පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර ඇති අතර ඉන් අනතුරුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ. ඔහු ගමන් ගත් වෑන් රථය කොළොන්න – පනින්කන්ද, නාන්පීල්ල අසළ මාර්ගයේ සුසාන භූමියක් අසළ තිබී සොයාගෙන තිබෙනවා. කොලොන්න පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222