Author: Anura Premakumara

තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල සියයට 25ක තරුණ නියෝජනය තහවුරු කිරීම සදහා වු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. තරුණ ප්‍රජවට මෙම අවස්ථාව ලබා දීමට සියලු පාර්ශවල සහය අපේක්ෂා කරන බව ද ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සදහන් කළා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ද අවධානය යොමුව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සදහන් කළේ.

තව කියවන්​න

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මංගල්‍යය පැවැත්වෙන අද දිනයේදිත් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකා රි නිහාල් තල්දූව මහතා සදහන් කළේ අද සිට එළඹෙන 20 වනදා දක්වා කාලසීමාවේදී රාත්‍රී 7 ට බෙල්ලන්විල විහාරස්ථානයෙන් එම පෙරහර ගමන් ආරම්භ කර වීදි සංචාරය කිරීමට නියමිත බවයි. ඒ අනුව එළඹෙන 20 වනදා දක්වා පෙරහර ගමන් ගන්නා කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියදුරන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

මැතිවරණයක් පැමිණෙන තුරු සියළු පාර්ශව එක්ව රට වෙනුවෙන් වැඩකළ යුතු බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් පළාත් ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ ව්‍යවස්ථාව අනුව ලබන වසර තුළ නිසැකවම මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවයි. පටු දේශපාලන අරමුණු පසෙකලා රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා සදහන් කළේ.

තව කියවන්​න

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අගෝස්තු මස 25 වනදා සිට 30 වනදා දක්වා එම විශේෂ දුම්රිය ධානවනය කෙරෙනු ඇති. කොළඹ කොටුව – මහනුවර , මහනුවර සිට කොළඹ කොටුව දක්වා සහ මහනුවර සිට මාතලේ දක්වාත් , මහනුවර සිට නාවලපිටිය දක්වාත් මෙම විශේෂ දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම මහනුවර සිට බදුල්ල දක්වා ද අදාළ කාලය තුළ විශේෂ දුම්රියක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව, කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා මේ මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා දිනපතා පෙරවරු 9.50 ට දුම්රියක් පිටත් වන අතර,…

තව කියවන්​න

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා. ඊට අදළා උපදෙස් මාලවක් ද ජල සම්පාදන මණ්ඩලය විසින් නිකුත් කර තිබෙනවා. සාමාන්‍ය නිවසක මල්පැල සදහා ජලය දැමීමේදී වැි වන ජල ලීටර් ප්‍රමානය අවම කර ගන්නා ලෙසයි ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ. එමෙන්ම වාහන සේදීම භාජනයට ජලය ගෙන සිදුකිරීමේදී වැය වන ජල ප්‍රමාණය අවම කර ගත හැකි බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කළා. එදිනෙදා කටයුතු කිරීමේදී අනවශ්‍ය ලෙස ජලය අපතේ හැරීමෙන් වළකින ලෙසයි ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙන්නේ.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානින් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා භාර දුන් සාමාජිකයින් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් විසදුමක් ලබා ගැනීම සදහා මෙම සාකච්ඡාව පවත්වන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සදහන් කළේ.

තව කියවන්​න

මහ කන්නයේ අස්වනු ලැබෙන තෙක් රට තුළ තිබෙන වී සහල් තොග පරිභෝජනයට ප්‍රමාණවත් බව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබෙනවා. ඒ අනුව සහල් ආනයනය අවශ්‍ය නොවන බවටයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ. එමෙන්ම මුං, කවුපි, උඳු, රටකජු සහ කුරක්කන් වැනි අතිරේක ආහාර භෝග ද අවශ්‍ය ප්‍රමාණයට රට තුළ පවතින බැවින් ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වේ යැයි අනිසි බියක් ඇතිකර නොගත යුතු බවටයි කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ. කෙසේ වෙතත් ඊයේ දින වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ වී තොග ඇත්තේ මසකටත් වඩා අඩු කාලයක් සදහා පමණක් බවයි. මේ පිළිබදව…

තව කියවන්​න

හෝමාගම අවට පදිංචිකරුවන් හට මුව ආවරණ පළදින ලෙසට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. කොළඹ ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා විසින් මෙම දැනුම් දීම සිදු කර ඇති බව සදහන්. ඊයේ රාත්‍රියේදි හෝමාගම කර්මාන්ත පුරයේ රසායනික ගබඩාවක ඇති වූ ගින්න හේතුවෙන් මතු විය හැකි ස්වසන ආබාධ අවම කර ගැනීම සදහා එම ඒකකය විසින් මෙම විශේෂ ඉල්ලීම හෝමාගම අවට ජනතාවගෙන් සිදු කර තිබෙනවා. හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇති වූ ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවීමේ රථ 7 කට අධික ප්‍රමාණයක් ද යොදවනු ලැබූ බවයි හෝමාගම පොලිසිය සදහන් කළේ. මේ අනුව එම ගින්න මේ වන විට පාලනය කර ඇති බවටයි අප වාර්තාකරු වැඩිදුරටත්…

තව කියවන්​න

අද දිනයේදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවද සදහන්. උතුරු, උතුරුමැද සහ වයඹ පලාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ත් 45 ත් අතර තරමක තද සුළං ද ඇතිවිය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

තව කියවන්​න

ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පවතින ගුරු පුරප්පාඩු පිළිබද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ක්‍රියාත්මක බවයි එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ ස්ථානමාරු නියෝග අනුව කටයුතු කරන ලෙසට අවස්ථා කිහිපයකදීම ගුරුවරුන් දැනුවත් කර ඇති බවයි. නමුත් ඒ පිළිබදව ඔවුන් කිසිදු තැකීමක් සිදු නොකර පෙර සිටි පාසල්වලම සේවය කරන බවට පැමිණිලි ලැබී ඇති බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඇතැම් ගුරුවරුන් සේවා අවශ්‍යතාවය මත දැනට සිටින පාසල්වලම රඳවා ගැනීමට විදුහල්පතිවරුන් ඉල්ලීමක් කර ඇති අතර එවැනි ගුරුවරුන්ට මෙම තීරණය බලාත්මක නොවන බවයි අමාත්‍යාංශය පවසන්නේ. අතිරික්ත ගුරුවරුන් සිටින පාසල්වලින් හිගව පවතින පාසල්වලට ගුරුවරුන් අනුයුක්ත…

තව කියවන්​න