- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
- බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පාසල් නිවාඩු
- මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක් පොලිස් භාරයට
Author: Anura Premakumara
වියළි කාලගුණය හේතුවෙන් කුඹුරු රැසක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එම වගා හානි සිදු වූ ගොවින්ට වන්දි ලබා දීම සදහා ජනාධිපතිවරයා පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා සදහන් කළා. මේ අතර පානිය ජලය, බවුසර් මගින් ලබා දීමට ද ඉදිරියේදී පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා.
හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පැවැත්වීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළා. පලාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් සාමාජිකයින් මුහුණපා සිටින ගැටළු සම්බන්දයෙන් විසඳුමක් ලබා ගැනීම සදහා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානින් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඊයේ පැවැත් වුනා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා. මේ අතර සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ද පළාත් සභා මැතිවරණය පිලිබඳ අදහස් පල කර තිබුණා. ඒ මහතා සඳහන් කළේ මෙම මැතිවරණය පැවැත්වුවහොත් අනිවාර්යයෙන්ම ආණ්ඩුව දැවැන්ත පරාජයක් ලබා ගන්නා බවයි.
ඉදිරියේ දී කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,200ක වැනි මුදලකට අලෙවි කිරීමට හැකි බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය පියවර ගැනීම හේතුවෙන් පාරිභෝගිකයාට මෙම සහන ලබා දිය හැකි බවයි එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ. මෙම සහන මඟින් ඉදිරියේ දී බිත්තරයක් රුපියල් 40ක් වැනි මිලකට අලෙවි කිරීමේ හැකියාව පවතින බව ද එහි සභාපති අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
හම්බන්තොට සහ නව පොල්පිටිය අතර අධිවෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සහ ඒ අවට ප්‍රදේශයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විදුලි රැහැන්වල සරුංගල් පැටලීම බහුලව වාර්තා වන බවත් එය විදුලි රැහැන් එළීමේ කටයුතුවලට බාධාවක් වී ඇති බවත් විදුලිබල මණ්ඩලය පවසනවා. එමෙන්ම විදුලිබල මණ්ඩලය පවසන්නේ රැහැන් සම්බන්ධ කිරීමේ කටයුතු සතියකින් පමණ අවසන් වන බවයි.
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ඒ කාණ්ඩයේ ශූරයින් තෝරාගනු ලැබෙන තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා. ඒ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතරයි. එම තරගය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගනයේදී අද පස්වරු 04.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සුපිරි වටයේ අවසන් සතිය ආරම්භ වන විට ශාන්ත පීතර විද්‍යාලය අතිරේක ප්‍රසාද ලකුණු 05ක් සමග සමස්ත ප්‍රසාද ලකුණු 40ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ කොළඹ ඉසිපතන විද්‍යාලයයි. අතිරේක ලකුණු 07ක් සමග ඔවුන් ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 37කි. ඒ අනුව අද පැවැත්වෙන තරගය ජය ගන්නා කණ්ඩායම මෙවර අන්තර්…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. බී ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතරයි අද තරගය පැවැත්වෙන්නේ. ජැෆ්නා කණ්ඩායම පරාජය කරමින් බී ලව් කැන්ඩි කණ්ඩායම අවසන් පුර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තා. එමෙන්ම ගෝල් ටයිටන්ස් කණ්ඩායම පළමු අවසන් පුර්ව වටයේ තරගයේදී දඹුල්ල අවුරා කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා. ඒ අනුව අද තරගය ජය ගන්නා කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබනු ඇති. දඹුල්ල අවුරා කණ්ඩායම මේ වන විටත් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා සිටිනවා. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් හි මියගිය සංඛ්‍යාව 74 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවට එරට ආපදා අංශය පවසනවා. හිමාචල් ප්‍රදේශ් හි නායයාම් තුනක් සිදුවූ අතර ශිම්ලාහි ශිව කෝවිල ද ඊට ගොදුරුවී තිබෙනවා. කඩාවැටුණු කෝවිලේ සුන්බුන් අතර තිබී මළ සිරුරු කීපයක් සොයා ගැණුනා. මෝසම් වර්ෂාව ආරම්භ වී දින 55ක් තුළ ප්‍රාන්තය පුරා නායයාම් 113ක් සිදුව තිබෙනවා. ඉන්දීය රුපියල් කෝටි දසදහසක පමණ හානියක් සිදුවී ඇති බවටයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා . නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මේ බව සඳහන් කළා . මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය 11 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි . ඒ අනුව ඊට අදාළ සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය එළඹෙන 24 වනදා පැවැත්වීමට නියමිතයි . පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ ලබන 22 සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමටයි . මේ අනුව ලබන 25 වැනි සිකුරාදා හැර අනෙකුත් දිනයන්හිදී පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා .
කැලණිවැලි දුම්රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා . ඒ අනුව අදාළ දුම්රිය මාර්ගය හරහා වැටී ඇති මාර්ගය තාවකාලිකව වාහන ගමනාගමනය සඳහා වසා තැබෙන බව සඳහන්. ඒ අනුව අදාළ දුම්රිය හරස් මාර්ගය ලබන 21 වනදා පෙරවරු 08.00 සිට 22 වනදා පෙරවරු 05.00 දක්වා වසා තැබීමට නියමිතයි . ඒ අනුව, අදාළ හරස් මාර්ගය වසා තැබෙන කාලය තුළ වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .
හැටන් කොටගල නගරයේ පිහිටි ආපනශාලා කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් හදිසි පරික්ෂාවට ලක් කර තිබෙනවා . කොටගල නගරයේ ආපනශාලා අපිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන යන බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ලද පැමිණිලි කිහිපයක් මත කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජේ.සුදර්ශන් මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම හදිසි පරික්ෂාව සිදු කරනු ලැබුවා. මෙම හදිසි පරික්ෂාවේදි කොටගල නගරයේ ඇතැම් ආපනශාලා හිමියන් විසින් පිසු ආහාර පිලියෙල කිරිමට උපයෝගි කර ගන්නා උපකරණ ඇතුළු භාජන නිසි ප්‍රමිතියෙන් නොවිම නිසා ඒවා ඉවත් කිරිමට කටයුතු කළා. ආහාර පිසීම සෞඛ්‍ය සම්පන්නව පිලියෙල සිදු නොකරන නිසා එම ආපනශාලා හිමියන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222