Author: Anura Premakumara

ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ දේශීයව නිෂ්පාදනය කෙරෙන ආදේශන භාණ්ඩ රැකගැනීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සමඟ පැවති හමුවකදී මෙම තීරණය ගෙන ඇති අතර, දේශීයව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ සඳහා අවශ්‍ය බදු සහ ආනයනික භාණ්ඩ අතර බදු කළමනාකරණය පිළිබඳව මෙම කමිටුව මගින් සොයාබැලීමට නියමිතයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම කමිටුව සෑම සති දෙකකට වරක් රැස් වී මේ සම්බන්ධයෙන් තීරණ ගනු ඇති බවයි.

තව කියවන්​න

වර්තමානය වන විට ලෝක බලවතුන්ගේ අරගලය ඉන්දියන් සාගරය දක්වා පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එබැවින් මෙම බල අරගලවලට මැදි නොවී සහ පක්ෂග්‍රාහී නොවි ශ්‍රී ලංකාව ඉදිරියට යා යුතු බවත්, රටේ ආරක්ෂාව පිලිබඳ අවධානය යොමු කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා. බූස්ස උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.

තව කියවන්​න

වැඩ තහනමකට ලක්ව සිටින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ වකුගඩු සැත්කමකින් පසු මියගිය තුන් හැවිරිදි දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මෙන්ම කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබුනේද මෙම අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින්. එමෙන්ම වෛද්‍ය සභාව විසින් මෙම වෛද්‍යවරයාගේ වැඩ තහනම් කර තිබියදී ඔහු මෙම මරණ පරික්ෂණ සිදු කර තිබෙන බව ද සදහන්. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා කියා සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මොහුගේ වැඩ තහනම් කර ඇති බවයි.

තව කියවන්​න

තම රටට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් වැළැක්වූ බව ස්වීඩන අගමැති උල්ෆ් ක්‍රිස්ටර්සන් මහතා පවසනවා. ඔහු ඒ බව සදහන් කර ඇත්තේ, ත්‍රස්ත තර්ජනයක් හේතුවෙන් ආරක්ෂණ මට්ටම ඉහළ දැමීමෙන් පැය කිහිපයකට පසුව වීම විශේෂත්වයක්. ස්වීඩන ආරක්ෂක සේවය පවසන්නේ, සිය රට මේ වනවිට ත්‍රස්ත ඉලක්කයක් බවට පත් වී ඇති බවයි.

තව කියවන්​න

කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව විදුලි වාහන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් එළිදක්වන බව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය පනතක් බවට පත් කිරීම ඉදිරියේදී සිදු වනු ඇති. ශ්‍රී ලංකාවට අදාළ වන රථවාහන ප්‍රතිපත්තියක් මේ වන තුරු සකස් කර නොමැති බවයි කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය සදහන් කළේ. මේ හේතුවෙන් විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

තව කියවන්​න

පසුගිය සිකුරාදා රුසියාවේ වොස්ටෝච්නි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශගත කෙරුණු ලූනා 25 යානය සඳේ කක්ෂයට ඇතුළු වී තිබෙනවා. 1976 වසරෙන් පසු සඳේ කක්ෂයට ඇතුළු වූ පළමු රුසියානු යානය මෙය බව වාර්තා වෙයි. රුසියාව මෙලෙස සඳ ගමනක යෙදී සිටින්නේ, ඉන්දියාව ද චන්ද්‍රයාන් 3 සඳ තරණ මෙහෙයුම යටතේ සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත ළඟා වෙමින් සිටින පසුබිමකයි.

තව කියවන්​න

විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට ගෙන්වා ගැනීම පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යළි සේවයට පැමිණෙන විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට සුදානම් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ. ඒ අනුව රජයේ රෝහල්වල නිල නිවාස නොමැති නම් කුලි පදනම මත ඔවුන්ට නිල නිවාස ලබා දීමට ද රජය සැලසුම් කර තිබෙනවා.

තව කියවන්​න

ආර්ථික ප්‍රවණතා සහ දේශගුණික විපර්යාස ඇතුළු පුළුල් ජාතික ආරක්ෂක සමාලෝචනයක් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බූස්ස නාවික හමුදා ස්වේච්ඡා බලකායේ උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේ පැවති වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ. එමෙන්ම නවීන ආරක්ෂාව සම්පාදනය කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ආර්ථික ප්‍රවණතා සහ දේශගුණික විපර්යාස ඇතුළු පුළුල් ජාතික ආරක්ෂක සමාලෝචනය ආරම්භ කරන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මුර ක්‍රමය යටතේ ජලය ලබා දීමට පියවර ගෙන ඇති බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මුර ක්‍රමය යටතේ ජලය සැපයෙන අවස්ථාවලදී ඉල්ලුම වැඩි වූ විට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා ක`ඵආරච්චි මහත්මිය සදහන් කළේ. මේ අතර අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ මහරගම යන ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබනවා. ඒ අනුව අද පෙරවරු 8 සිට හෙට අලුයම 2 දක්වා කාලය තුළ ජල සැපයුම මෙලෙස අත්හිටුවනු ඇති. එමෙන්ම බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන, කටුබැද්ද සහ කඩුවෙල යන ප්‍රදේශවලට ද අදාළ…

තව කියවන්​න

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි ජනනය සියයට 15 ක් දක්වා පහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එමෙන්ම බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව ද සියයට 23 ක් දක්වා පහළ ගොස් ඇති බව සදහන්. ඒ අනුව මෙරට සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 80 ක් ගල් අගුරු සහ තාප බලාගාරවලින් සැපයෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.

තව කියවන්​න