Author: Anura Premakumara

කුරුණෑගල ඇතුගල ලඳු කැලෑවට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙම්වතුන් යුවල රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අධිකරණය නියෝග කළේ ඔවුන් ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි. ඔවුන් 24 හැවිරිදි සහ 20 වන වියේ පසුවන්නන් බවයි පොලිසිය සදහන් කළේ. ඇතුගල මුදුනේ පිහිටි බුදු පිළිමය නැරඹීමට පැමිණ ඔවුන් විසිකළ ගිනිකූරකින් මෙම ගින්න හටගෙන තිබූ අතර ඉන් අක්කර 3 ක් පමණ විනාශ වී තිබෙනවා.

තව කියවන්​න

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යලි දිවයිනට පැමිණ තිබෙනවා . අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කලේ ඊයේ රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා මෙලෙස දිවයිනට පැමිණි බවයි . ඔහු මෙම සංචාරය සදහා පිටත් වනු ලැබුවේ රටවල් 60 ක සහභාගීත්වයෙන් පැවති චීන – දකුණු ආසියානු ආනයන අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහායි .

තව කියවන්​න

පවතින නියං තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී සහල් හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. යල කන්නයේ හෙක්ටර්යාර පන්ලක්ෂ 3000 ක වී වගා කර ඇති අතර අක්කර ලක්ෂයක වගා හානී සිදු වුවත් එවැනි සහල් හිඟයක් ඇති නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයේ පර්යේෂණ කුඹුරුවල යල කන්නයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවට එක් වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

ලංකා ගමනාගමන මණ්ඩලයේ මුදල් වංචා කරනු ලබන පුද්ගලයින් හට තරාතිරම නොබලා දඩුවම් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන  මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා . මාධ්‍ය වෙත ඊයේ දිනයේදී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ . සිදුවන සොරකම් නතර වුවහොත් සෑම ඩිපෝවක්ම ලාභ ලබන තත්වයට පත්වන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සදහන් කළා .

තව කියවන්​න

විදුලිය හදිසියේ මිලදී ගැනීම තුලින් රාජ්‍ය මුදල් අවභාවිතා වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා . ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ දිනයේදී කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . මෙම ගැටලුව විසදීම සදහා ජනාධිපතිවරයා මුලිකත්වය ගත යුතු බවද ඔහු මෙහිදී සදහන් කළා .

තව කියවන්​න

යාල ජාතික වනෝද්‍යානය වෙත සංචාරකයන්ට ඉක්මනින් ඇතුලු වීම සඳහා මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා . මේ පිලිබදව ජනාධිපතිවරයාගේ අවධානයට යොමුව ඇත්තේ ඊයේ දිනයේදී යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වූ අවස්තාවෙදියි . මෙම සංචාරය සඳහා ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

තව කියවන්​න

ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ ශූරතාවය අපරාජිතව දිනා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත් වුණා. ඒ ලකුණු 28 – 17ක් ලෙස ඉසිපතන විද්‍යාලය පරාජයට පත් කරමින් . ශාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩකයන් තරගයේ පළමු අර්ධයේ සිටම තම අණසක පැතිරවීමට සමත් වූ අතර තරගයේ ප්‍රථම අර්ධය නිමාවට පත් වන විටද ඔවුන් ඉදිරියෙන් පසු වුණා . එමෙන්ම තරගයේ දෙවන අර්ධයේද තම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය පෙන්නුම් කරමින් ශාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩකයින් මෙම තරගය ජය ගනු ලැබුවා .

තව කියවන්​න

විපක්ෂය විසින් මැතිවරණයක් පැවැත්විය යුතු බවට කොතෙක් හඬ නැගුවද ඔවුන්ගේ අපේක්ෂාව මැතිවරණයක් නොපැවැත්වීම බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මැතිවරණයක් පැවැත්විය යුතු නම් අවශ්‍ය වෙලාවට ජනාධිපතිවරයා විසින් එය පවත්වනු ඇති බවයි. මේ අතර සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තානයක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලබන වසරේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවයි. ඊට ප්‍රථම මෙතක් කල් නොපැවැත්වූ මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කලයුතු බවයි ඒ මහතා සඳහන් කලේ.

තව කියවන්​න

වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර කිරීම අරඹා ඇති රෝගී වී සිටින අග්බෝ ඇතාට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනයක්  පැවැත් වුණා. අග්බෝ ඇතා රැඳී සිටින රක්ෂිතය වෙත වැඩම කරවූ ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් සහ ඓතිහාසික උපුල් වෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ධාගම ධම්මාලංකාර හිමියන් විසින් මෙම පිරිත් සජ්ඣායනය සිදු කරනු ලැබුවා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පුජ්‍ය වනවාසී රාහුල හිමියන් සඳහන් කලේ ජාතික සම්පත් ආරක්ෂා කරගත නොහැකි නම් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

තව කියවන්​න

චීනයේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එරට කෘෂිකර්ම පර්යේෂණ සඳහා ප්‍රසිද්ධ ඩාලි සිටි ගුෂෙන්ග් ගම්මානයේ පිහිටි විද්‍යා හා තාක්ෂණ මණ්ඩපය නිරීක්ෂණයට එක්ව තිබෙනවා. එහිදි දෙමුහුන් සහල් වර්ග නිපදවන මෙම ආයතනය නිපද වූ සාමාන්‍ය වී අස්වැන්න මෙන් හතර ගුණයක අස්වැන්නක් ලබා ඇති නවතම වී ප්‍රභේදය අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු ව ඇති බව සඳහන්. එමෙන්ම මෙම නව වී ප්‍රභේදය වියළි කලාපවලද ඉතා හොඳින් වගා කළ හැකි බැවින් නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාව තුළ වගා කිරීම සඳහා සොයාබැලීමට කණ්ඩායමක් එවන ලෙස එහිදී අග්‍රාමාත්‍යවරයා අදාල බලධාරීන්ට ආරාධනා කර තිබෙනවා.

තව කියවන්​න