Author: Anura Premakumara

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 61,036 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කලේ පසුගිය මාස 5 තුළ දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සැළකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බවයි . මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ද ක්‍රියාත්මක බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ රන්දෝලි පෙරහැර නැරඹීමට පැමිණි කාන්තාවක් විදුලි සැර වැදී මියගොස් තිබෙනවා. දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි හැට එක් හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කලේ. පෙරහැර වෙනුවෙන් යොදවා තිබූ විදුලි පහන් කණුවක් ස්පර්ෂ කිරීම හේතුවෙන් විදුලි සැර වැදී මෙම අනතුර සිදුව තිබෙනවා. විදුලි සැර වැදුණු කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

තව කියවන්​න

සඳ තරණය එක්ව සිටින රුසියාවේ ලූනා 25 යානයෙන් තාක්ෂනික දෝෂයක් වාර්තා වී තිබෙනවා. ඊයේ ලූනා 25 යානය ගොඩබෑමේ කක්ෂයට මාරුවීමට උත්සහ කළ අවස්ථාවේදී මෙම දෝෂය වාර්තාවූ බවයි රුසියානු ජාතික අභ්‍යවකාශ ඒජන්සිය සදහන් කළේ. කෙසේවෙතත් රුසියාව මීට පෙර ලූනා 25 යානයෙන් ලබාගත් සඳේ තුන්වන ගැඹුරුම සීමන් ආවටයේ ඡායාරූප නිකුත් කිරීමට පසුගියදා සමත්වුණා.

තව කියවන්​න

මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ බස් සේවාවක් ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ පෙරහැර කාල සීමාව තුළ බස් රථ 350 ක් පමණ ධාවනයට එක්කරන බවයි. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පළමු කුඹල් පෙරහර හෙට විදී සංචාරය කිරීමට නියමිතයි. මේ අතර, අනුරාධපුර අටමස්ථානය වන්දනා කීරිම සඳහා විශේෂ බස් සේවාවක් මේ මස 30 වනදා සිට ක්‍රියාත්මකවනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ අටමස්ථානාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව මෙය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි. එහිදී එම බස් සේවාව සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ පසලොස්වක පොහොදින තුළ ක්‍රියාත්මකයි.

තව කියවන්​න

ලූනු සඳහා 40%ක අපනයන බද්දක් පැනවීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ලබන දෙසැම්බර් 31 වනදා දක්වා මෙම බද්ද පැනවීමටයි ඉන්දියාව තීරණය කර ඇත්තේ. ප්‍රධාන වෙළෙඳපොළවල සාමාන්‍ය තොග ලූනු මිල ජූලි සිට අගෝස්තු දක්වා 20%කින් පමණ ඉහළ යාමත් සමග ඉන්දියාව මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව බංග්ලාදේශය, නේපාලය, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා මෙම අපනයන බද්ද බලපානු ඇති.

තව කියවන්​න

දෙහිවල ඕබර්න් ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසිනුයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයෙකු රෝහල් ගතකළ බව පොලිසිය සදහන් කළා.

තව කියවන්​න

නවසීලන්තයට එරෙහිව පැවති දෙවන පන්දුවාර විස්ස තරගය කඩුලු 07කින් ජය ගන්නට එක්සත් අරාබී එමීර් කණ්ඩායම සමත් වුණා. ඩුබායි හිදී පැවැති තරගයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 142ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එමීර් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 4කදී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 144ක් ලබා තරගය ජයග්‍රහණය කළා. නායක මොහොමඩ් වසීන් ලකුණු 55ක් රැස් කළ අතර නොදැවී ක්‍රිඩා කළ අසීෆ් කාන් ලකුණු 48ක් ලබා ගත්තා.

තව කියවන්​න

සංරක්ෂණය කරන ලද ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව හිමිවී තිබෙනවා. ඒ අනුව එය සංචාරකයින් සදහා විවෘත කිරීම සහ සංචාරක ප්‍රවේශ පත්‍රයක් ඒ සදහා හදුන්වා දීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ත්‍රිකුණාමලය ව්‍යාපෘතිය මගින් පසුගිය වසර කිහිපය තුළ ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුවේ උරුම කළමනාකරණ කටයුතු මහජනතාව විසින් සිදුකරනු ලැබුවා.

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ තරගයෙන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 34 කින් පරාජයට පත්කරමින්. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බී ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 157ක් රැස්කර ගත්තා. එහිදී විශිෂ්ට පිතිහරඹයක නියැලුණු නායක වනිඳු හසරංග පන්දු 30කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමඟ ලකුණු 48ක් රැස්කළා. දිනේෂ් චන්දිමාල් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලබා ගත් ලකුණු සංඛ්‍යාව 38ක්. ගෝල් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර සහ සොනාල් දිනූෂ කඩුලු 02 බැගින් දවා ගනු ලැබුවා. ඒ අනුව…

තව කියවන්​න

හිලරි සුළි කුණාටුවෙන් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට තවදුරටත් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ වන විට හතරවන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා හිලරි සුළි කුණාටුව වර්ධනය වී තිබෙනවා. මේ අහේතුවෙන් මෙක්සිකෝවේ බාජා කැලිෆෝනියා අර්ධද්වීපයට අධික වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා. එම ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 215 ක වේගයෙන් සුළං හමා යන බවයි වාර්තා වන්නේ. වසර 80 කට පසුවයි කැලිෆෝනියාව හරහා සුළි කුණාටුවක් හමා යන්නේ. වයඹ දෙසින් ඇතුළු වන එය දකුණු කැලිෆෝනියා, නෙවාඩා,ඇරිසෝනා සහ ඌටා දෙසට ගමන් කරනු ඇති.

තව කියවන්​න