- මිනුවන්ගොඩ වෙඩි තැබීමක්
- ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්
- මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 1.3 ඉක්මවයි
- ජනපති සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්
- නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්
- මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
- පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට කුලී ගෙවයි
- පාස්පෝට් ගැන විශේෂ තීරණයක්
Author: Anura Premakumara
ජංගම දුරකථනයෙන් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියක් දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසනවා. දුම්රියේ ගැටි මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියක්. දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් තරුණිය හැටන් කොටගල නගරයට ගොස් ආපසු දුම්රිය මාර්ගය දිගේ ජංගම දුරකථනයෙන් කතා කරමින් නිවස කරා පැමිණෙන අතරතුර හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි අඩි 60 පාලම අසලදි බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු 1008 සිඝ්‍රගාමි දුම්රියේ ගැටි තරුණිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් තරුණියගේ සිරුර එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් විසින් දුම්රියේ දමාගෙන යලිත් දුම්රිය කොටගල…
චීනය විසින් සිදුකළ යුද අභ්‍යාසය අතරතුර චීන යුද ගුවන් යානා 40කට වැඩි සංඛ්‍යාවක් සිය ගුවන් ආරක්ෂක කලාපය හරහා ගමන් කළ බවට තායිවානය චෝදනා කරනවා. මෙම ක්‍රියාව ප්‍රකෝපකාරී ක්‍රියාවක් ලෙස හදුන්වන තායිවානය පවසන්නේ චීනය සිය රටේ මැතිවරණය ක්‍රියාවලියට බලපෑම් සිදුකරමින් සිටින බවයි. ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රබල අපේක්ෂකයකු වන වත්මන් තායිවාන උප ජනාධිපති විලියම් ලායිගේ අමෙරිකානු සංචාරයට විරෝධය පළ කරමින් චීනය, තායිවානය ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළ ඊයේ මෙම යුද අභ්‍යාසය ආරම්භ කර තිබුණා. මේ පිළිබඳ අදහස් දක්වමින් තායිවාන විදේශ අමාත්‍ය ජෝශප් වූ ප්‍රකාශ කර ඇත්තේ රටේ ජාතික මැතිවරණ සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ ජනතාව මිස අසල්වැසි රටවල් නොවන බවයි.
සිව් වන වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය් අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්වෙනවා. ඒ දඹුල්ල අවුරා කණ්ඩායම සහ බී ලව් කැන්ඩි කණ්ඩායම අතරයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ වනවා. මෙම කණ්ඩායම් දෙක මෙවර තරගාවලියේ මුලික වටයේ දී අවස්ථා දෙකකදී මිට පෙර තරග වැදී තිබෙනවා. ඒ සමස්ත තරගාවලියේ 6 වන සහ 19 වන තරග වලයි. ඒ අතරින් පළමු තරගය හෙවත් සමස්ත තරගාවලියේ 6 වන තරගයෙන් දඹුල්ල කණ්ඩායම පරදා කඩුළු 7 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායමට හැකියාව ලැබුනා. කෙසේ වෙතත් මෙම කණ්ඩායම් දෙක අතර පැවති සමස්ත තරගාවලියේ 19 වන තරගයෙන් ලකුණු 20 ක…
රේගුව හා සම්බන්ධ තොරතුරු භාවිත කරමින් සිදුකරන මූල්‍ය වංචාවල වර්ධනයන් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ රේගුවේ ලිපි ශීර්ෂ, දුරකථන අංක පමණක් නොව රේගු නිලධාරීන්ගේ නම් වංචනිකයන් විසින් යොදා ගනිමින් සිටින බවයි. නාදුනන පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමට කිසිදිනක කටයුතු නොකරන බව ශ්‍රී ලංකා රේගුව සදහන් කළේ. මෙවැනි වංචනික ක්‍රියා සිදුකරන පුද්ගලයන් පිළිබඳ කඩිනමින් දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙස ද රේගු මාධ්‍ය ප්‍රකාශක ජනතාවගෙන් ඉල්ලා සිටියා.
අධිකරණ නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලීම් සලකා නොබැලීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. අධිකරණ සේවයේ දැනට පවතින පුරප්පාඩු සහ සේවා අවශ්‍යතා හේතුවෙනුයි එම තීරණය ගෙන ඇත්තේ. විදේශ රැකියාවල නිරත වීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත වසර 05ක නිවාඩුවක් ලබාදීමට රජය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා. කෙසේවෙතත් අදාළ චක්‍රලේඛයට අනුව මේ වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලීම් සිදුකරන අධිකරණ නිලධාරීන්ගේ ඉල්ලුම්පත් සලකා බැලිය නොහැකි බවයි අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ ඒ, පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් මඟින් සියලුම විනිසුරුවරුන්ට සහ මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දී තිබෙනවා.
උසස් පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා කියා සිටියේ පිළිතුරු පත් පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇති බවයි. 2022 (2023) උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු අවසන් අදියට පැමිණ තිබෙනවා. සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීමේ පළමු අදියර පසුගිය 18 දින සිට ආරම්භ වූ අතර එය ලබන 27 වැනිදා දක්වා පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ .
රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසනවා. සාලිය පීරිස් මහතා කියා සිටියේ රටේ ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වීම බවයි. කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් සාලිය පීරිස් මහතා මේ බව සදහන් කළා. මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා.
තීරු බදු රහිත වාහන ගෙන්වීමට පියවර ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රිවරුන්ට එම අවස්ථාව ලබා දෙන ලෙසයි. නවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. රටතුළ පැවති කොරෝනා වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හිමි තීරුබදු රහිත වාහන ආනයනය කිරීමේ අවස්ථාව අහිමි වී තිබුණා.
ආර්ථික ශක්තිමත් පිරිසක් රටේ පාලනයට එක්විය යුතු බව අමාත්‍ය රොශාන් රණසිංහ මහතා පවසනවා. පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ප්‍රායෝගික උගත් පුද්ගලයින්ගෙන් සමන්විත නව දේශපාලනයක් රටතුළ ඇතිවිය යුතු බවයි රොෂාන් රණසිංහ මහතා සදහන් කළේ. රට ගොඩනැගීමට නම් නාස්තිය සහ දුෂණය නැතිකළ යුතු බව ජාතික ජන බලවේගයේ සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ පැවති වැඩසටහනට එක්වෙමින් සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ ජාතික ජන බලවේගයේ රජයක් යටතේ දුෂණයට එරෙහිව කටයුතු කරන බවයි.
වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතැම් පිරිස් වසවිස මිශ්‍රකර සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇති බවයි. එවැනි මාංශ ආහාරයට ගැනීම ජීවිත අවදානමකට ලක්කර ගැනීමක් බව උපුල් රෝහණ මහතා සඳහන් කළා. මේ අතර මාළු මිල සම්බන්ධයෙන් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අදහස් පලකළා. ඔහු කියා සිටියේ මාළු පාලනයට රජය අපොහොසත් වී ඇති බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222