Author: Anura Premakumara

මොටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටිම‍ෙන් ත්‍රිරෝද රථය‍ේ රියදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා අනතුරින් ත්‍රි රෝද රථ රියදුරා බරපතල තුවාල ලබා කොටගෙල ප්‍රාදේ‍ශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු තුවාල කරු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත යොමු කර තිබෙනවා මෙම අනතුර 20 දින පස්වරු 6 ට පමණ  සිදු වි ඇත්තේ හැටන් නුලරඑලිය ප්‍රධාන මාර්ගයේදියි නුලරඑලිය සිට හැටන් දක්වා අධික වේගය‍ෙන් ධාවනය කර ඇති මොටර් රථය ඉදිරියෙන් එම දිශාවට ධාවනය කල බවුසර් රථයක් ඉස්සර කිරිමට උත්සහ කිරිමේදී හැටන් සිට තලවාකැලේ දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු ත්‍රිරෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව අනතුර පිලිබචද…

තව කියවන්​න

සහල් හිඟයක් ඇති නොවුනත් ඉදිරි කාලසීමාව තුළ වෙළෙඳපොළේ සහල් මිල යම් ප්‍රමාණයකට ඉහල යෑමට හැකියාවක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ අම්බලන්තොට වී පර්යේෂණායතන ගොවිපොළේ ක්ෂේත්‍ර දින වැඩසටහනට සහභාගී වෙමින්. නියඟය නිසා යල කන්නයේ කුඹුරු අක්කර ලක්ෂයක වී අස්වනු විනාශ වුවත් ඉදිරියේ දී සහල් හිඟයක් ඇති නොවන බවත් වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම ආරම්භ කළ නමුත් ගොවීන් අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකිරීම නිසා රජය සතුව අමතර සහල් හෝ වී තොග නොමැති බවයි ඔහු සඳහන් කර සිටියේ. එමෙන් ම දැනට වී තොග පවතින්නේ පෞද්ගලික අංශයේ බවයි අමාත්‍යවරයා පැවසුවේ .

තව කියවන්​න

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැති තුන්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 32ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 166ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි.

තව කියවන්​න

වියළි කාලගුණය හේතුවෙන් වගා හානිවූ ගොවිබිම් ප්‍රමාණය, අක්කර 50,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එම තත්ත්වය දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ. උඩවලව ප්‍රදේශයේ පමණක් වගා හානි ගණනය කිරීම සඳහා කණ්ඩායම් 5 ක් යොදවා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

තව කියවන්​න

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට සංචාර ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 185ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.

තව කියවන්​න

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසු අවලංගු නොවන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මීට පෙර එම ලේඛන මාස 6කට වලංගු වන බවට පැවැති රෙගුලාසි ඉවත් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නිකුත් කරන ලද ඕනෑම සහතිකයක සහතික පිටපතක් පවතී නම් නව පිටපතක් ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුනොවන බවද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. කෙසේවෙතත් යම් අවස්ථාවක දී උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනයක සංශෝධනයක් සිදුකර ඇත්නම් පමණක් නව පිටපතක් ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

තව කියවන්​න

2023 කාන්තා පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම ඊයේ සමත් වුනා. ඒ ගෝල 1ට බින්දුවක් ලෙස එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්. මෙම තරගය ස්පාඤ්ඤය සහ එංගලන්තය යන කණ්ඩායම් ද්විත්වයේම පළමු ලෝක කුසලාන අවසන් මහා තරගය වීමද විශේෂත්වයක්.

තව කියවන්​න

තිනියාවල, බොරළුහේන ප්‍රදේශයේදී බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තිනියාවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි වියේ පසුවන බොරළුහේන පිටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

මහවැලි ගගට හැටන් සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා හැටන්ඔයේ බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන්ඔයේ ෂැනන් වත්ත ප්‍රදේශයෙන් විශාල වලවල් හාරා ශබ්දය පිටතට නොඑන සේ ජලය ඉසින වතුර මොටරයක් උපයෝගි කරගෙන මෙම මැණික් ගැරිම සිදු කර ඇති බවත්, විදුලි මොටරයට අවශ්‍ය විදුලිය අසල නිවසක සිට ඉතා සුක්ෂම ලෙස රැගෙන තිබු බවයි වැටලීම සිදු කල පොලිස් නිලධාරින් කියා සිටියේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ සහ කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි වැටලිම සිදු කල හැටන්…

තව කියවන්​න

අධ්‍යයන පොදු සහතික පත් උසස් පෙළ විභාගයෙන් 2020 වර්ෂයේ ගණිත අංශයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා වි දැනට මොරටුව විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ලබන සිසුවෙකු සිය නිවස තුළ සියදිවි නසාගෙන ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ කිලිනොච්චිය,විවේකානන්දනගර් පදිංචි 22 හැවිරිදි චන්ද්‍රමෝහන් තේනුජන් නමැති දරුවෙකු එලෙස සිය නිවස තුළදි ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවයි. මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදි ඇති අතර, දරුවාගේ දෙමාපියන් දෙදෙනාම ගුරුවරුන් බව වාර්තා වෙනවා. පැවති සිත් තැවුලක් හේතුවෙන් දරුවා සියදිවි නසාගන්නට ඇති බව ප්‍රදේශවාසීන් සැක පළ කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

තව කියවන්​න