Author: Anura Premakumara

වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙරට මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ නියාමනය ඇතුලු කරුණු කීපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා, මගී ප්‍රවාහනයේ නිරතවන ත්‍රිරෝද රථ සංගම් කිහිපයක නිලධාරීන් ඇතුලු සාමාජිකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීයී අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. වෘත්තිය සංගම් ලෙස තමන් සාමාජිකයන් මුහුණ දෙන පොදු ගැටළු කිහිපයක් පිළිබඳ මෙහිදී ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයින් විසින් අමාත්‍යවරයාගේ අවධානය යොමු කළා. ඒ අනුව බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධව ක්‍රියාත්මක වන වැඩ පිළිවෙල ක්‍රමවත් කිරීම, දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි ත්‍රී රෝද…

තව කියවන්​න

ඉන්දියාව විසින් යවනු ලැබූ චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැස්සවීම සිදු කර තිබෙනවා. එම යානය ඉන්දීය වෙලාවෙන් ඊයේ සවස 06.04ට සඳ මත ගොඩ බැස්සවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව සඳ මත ගොඩබැස්සවීමත් සමග සඳ මතට අභ්‍යවකාශ යානයක් ගොඩබැස්සවීම සිදු කළ සිව්වන රට බවට ඉන්දියාව පත් වුණා. මීට පෙර සෝවියට් සංගමය, ඇමරිකාව සහ චීනය යන රටවල් සාර්ථකව අභ්‍යාවකාශ යානයක් ගොඩබැස්සවීමට කටයුතු කර තිබුණා.

තව කියවන්​න

ඔක්තෝබර් 5 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ නිවේදනය කළා. ඒ අනුව සෑම කණ්ඩායමක්ම ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉන්දියාවේ ක්‍රීඩාංගන තුනකදී පුහුණු තරග පැවැත්වෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ. ඒ අනුව ගුවහාටි, හයිදරාබාද් හා තිරුවානන්තපුරම් හී දී පුහුණු තරග සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. පුහුණු තරග පැවැත්වෙන පළමු දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු පුහුණු තරගයට එක්වන්නේ බංග්ලාදේශයට එරෙහිවයි. සත්කාරක ඉන්දීය කණ්ඩායම සිය පළමු පුහුණු තරගයට ක්‍රීඩා කරන්නේ එංගලන්තයට…

තව කියවන්​න

සිවුවන යොවුන් සංචාරක රූ රැජින තරගාවලියෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නෙළුනී සෞන්දර්යාට හැකියාව ලැබී තිබෙනවා. ලංකාව පළමු වරට මෙම ජයග්‍රහණය හිමි කර ගැනීම ද විශේෂත්වයක්. ඝානා රාජ්‍යයේ අක්‍රා නුවර පැවති මෙම තරගාවලිය රටවල් 20 ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් අගෝස්තු මස 01 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වුණා.

තව කියවන්​න

ජනතාව පීඩාවට පත්කරන ඇතැම් රාජ්‍ය නිලධාරීන් පිළිබද තීන්දු තීරණ ගතයුතු බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ හමුවේදී ද අවධානය යොමු කෙරෙනු බවයි පියල් නිශාන්ත මහතා සදහන් කළේ. රට ඉදිරියට ගෙනයාමට නම් දේශපාලනඥයින් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද එක්ව කටයුතු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කියා සිටියේ.

තව කියවන්​න

ඉල්ලීම් 07ක් මුල්කර ගනිමින් හෙද පරිපූරක වෛද්‍ය සේවා බල මණ්ඩලය අද සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. මෙම සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 08 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සදහා විකිරණ තාක්ෂණවේදින්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් , ඖෂධවේදීන් , භෞත චිකිත්සකවරුන් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක නිලධාරීන් එක්වීමට නියමිතව තිබෙනවා. සිය වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබද දැනුවත් කිරීම සදහා හෙද පරිපූරක වෛද්‍ය සේවා බල මණ්ඩලය ඊයේ මාධ්‍ය හමුවක්ද කැදවා තිබුණා. ඒ සදහා එක්ව සිටි රවී කුමුදේශ් මහතා ඇතුළු නියෝජිතයින් මෙලෙස අදහස් පලකළා.

තව කියවන්​න

දකුණු පළාත ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම අද දිනයේ සිදුකෙරෙන බව ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පැවසුවේ අද දකුණු පළාත ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව ලක්ෂපාන සිට මෙගාවොට් 800ක් දකුණු පළාතට සම්බන්ධ කළ හැකි බවයි නන්දික පතිරගේ මහතා සදහන් කළේ. මේ අතර සමනලවැව ජලාශයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට අද සිට හැකියාවක් නොමැති බව විදුලිබල මණ්ඩලය පවසනවා. මේ වනවිට ජලාශයේ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා වන ජල ප්‍රමාණයෙන් ඇත්තේ මීටර් දශම 7 ක් පමණක් බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

දුම්රිය දෙපාර්තමේන්තුවේ විදුලි කාර්මික ශිල්පීන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුව නිසා කොළඹින් පිටත්වන සියලුම දුම්රිය ගමන් ප්‍රමාද විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ. මෙම වර්ජනයත් සමඟ දුම්රිය ප්‍රමාදවීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ මරදාන දුම්රිය ස්ථානයේ මගීන් කලබලකාරී ලෙස හැසිරී තිබුණා. එම තත්ත්වය පාලනයට පොලිසිය කැඳවූ බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සදහා උපායමාර්ගික වැඩපිළිවෙල මෙහෙයවීමට ජාතික උපදේශක කමිටුවක් පත්කර තිබෙනවා. දේශගුණ විපර්යාසවලට මුහුණ දීමේ ශ්‍රී ලංකාව මුලපිරිමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදීයි මෙම ජාතික උපදේශක කමිටුව පත්කර ඇත්තේ. පුද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කර ගනිමින් අදාළ කමිටුව පිහිටුවා ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. අදාළ කමිටුව අවම මාස 06කට වරක් රැස්වී එම කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළා. ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි මෙම විශේෂ සාකච්ඡාව ඊයේ පැවැත්වුණේ.

තව කියවන්​න

අවුරුද්දක් පමණ වයසැති තම සිඟිත්තිය සමග මවක් වැවකට පැන සිය දිව හානි කරගෙන ඇති බව ලිදුල පොලිසිය පවසනවා. මෙලෙස වැවට පැන සියදිවි හානි කරගෙන ඇත්තේ ලිඳුල පොලිස් වසමට අයත් ලෝගි වත්තේ පදිංචිව සිටි මගමනි දයානි නැමති 26 හැවිරිදි  එක්දරු මවක් සහ ඇයගේ අවුරුද්දක් වයසැති සිඟිත්තියයි. සිය සැමියාගෙන් සහ සැමියාගේ පවුලේ ඥාතින්ගෙන් තමන්ට සහ දරුවාට හිරිහැර සිදු වන බව මගමනි දයානි විසින් පිටු තුනක ලිපියක් ලියා එම ලිපිය සහ තම විවාහ සහතිකය සහ ජාතික හැදුනුම්පත වැව අසල තබා අද (23) දින උදැසන එම කාන්තාව සිඟිත්තිය සමග ලිඳුල ලෝගි වත්තේ ඇයගේ නිවස අසල පිහිටි වැවට පැන සියදිවි හානි කරගෙන ඇති බවයි ලිදුල…

තව කියවන්​න