- තායිවානය චීන නැවක් අල්ලයි
- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
- රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර
- ඩොලර් මිලියන 05කට අමෙරිකාවේ පුරවැසිභාවය
Author: Anura Premakumara
චන්ද්‍රයාන් 03 යානය සාර්ථකව සඳ මත ගොඩබැස්සවීමත් සමග ඉන්දියාව ලැබු ඉතිහාසගත ජයග්‍රහණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කර තිබෙනවා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ ඉන්දියාවේ මෙම ජයග්‍රහණයට අසල්වැසි රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව ද ආඩම්බරයට පත්වන බවයි. මෙය විද්‍යාත්මක හා තාක්ෂණික අංශයන් හී අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් ඉදිරි පරම්පරාවන් දිරිමත් කරන්නක් බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මතුව නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පවතින සහල් තොග එළඹෙන මහ කන්නය සදහා ප්‍රමාණවත් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විද්වත් හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීම සහ මුල්‍ය සහන ලබා දීම හේතුවෙන් පසුගිය මහ කන්නය සාර්ථක වූ බවයි මහින්ද අමරවීර මහතා සදහන් කළේ. නියගය නොමැති පළාත්වලින් ඉහළ අස්වැන්නක් ලැබුණු බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා.
යාපනයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. යාපනයේ වඩමාරච්චි තාලයඩි ප්‍රදේශයේදීයි මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ. මේ යටතේ මුහුදු ජලය ඉතා පිරිසිදු මිරිදිය බවට පත්කෙරෙන අතර එම ව්‍යාපෘතියෙන් යාපනයේ පවුල් 70,000 කට පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකියාව ලැබෙනු ඇති. අදාළ ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 400 ක් වන අතර ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා. ලබන වසරේ මුල් කාර්තුව තුළදී තාලයඩි ප්‍රදේශයේ නව ව්‍යාපෘතිය මගින් යාපනයේ වැසියන්ට පිරිසිදු පානීය ජලය සපයා දීමට අපේකෂා කර තිබෙනවා.
රුසියානු වැග්නර් නායක යෙව්ග්නි ගුවන් අනතුරකින් මියගොස් තිබෙනවා. පෞද්ගලික ජෙට් යානයකින් ගමන් කරමින් සිටියදි එය කඩා වැටීමෙන් ඔහු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 10 දෙනෙකු ද මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කළේ මේ වන විට එම මළසිරුරු සියල්ලම සොයාගෙන ඇති බවයි. මෙම ජෙට් යානය කඩාවැටීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
ගාල්ල බන්ධනාගාරය තුළ පැතිර ගිය බැක්ටීරියා තත්ත්වය හේතුවෙන් අධිකරණවලින් එම බන්ධනාගාරයට යොමු කරන රැදවියන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට යැවීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බලපිටියි, ඇල්පිටිය, ගාල්ල, උඩුගම සහ බද්දේගම අධිකරණවලින් ලබාදෙන නියෝග මත බන්ධනාගාරගත කරන රැදවියන් එලෙස අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට යොමු කරනු ඇති. ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් අතර පැතිර ගොස් ඇති උණ රෝගය හේතුවෙන් එම බන්ධනාගාරයේ කටයුතු සති 2 ක කාලයකට සීමා කර තිබෙනවා. කෙසේ වෙතත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ ගාල්ල බන්ධනාගාරය තුළ පැතිර ගිය මෙම බැක්ටීරියා රෝගී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලන කර ඇති බවයි. බන්ධනාගාර රැදවියන් 13 දෙනෙකුට මෙම රෝගය වැලදී තිබූ අතර ඉන්…
මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරෙන් තවත් පුද්ගලයින් 36 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
2021 වසරට සාපේක්ෂව ගත වූ වසරේ දී එච් අයි වී ආසාදිතයින් සියයට 48 ක් දක්වා වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන පවසනවා. වයස අවුරුදු 15 ත් 49 ත් අතර කාණ්ඩයට එච් අයි වී ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බවටයි වාර්තා වන්නේ. මෙම වසර තුළදී මේ දක්වා වාර්තා වී ඇති එච් අයි වී ආසාදිතයින් සංඛ්‍යාව 347 ක් බව සදහන්. එමෙන්ම මෙරට සිටින සමස්ත එච් අයි වී ආසාදිතයින් සංඛ්‍යාව 4100 ක් වන බවටයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන පෙන්වා දෙන්නේ. කාන්තාවන්ට එච් අයි වී ආසාදනය වීමේ අවදානම පහළ මට්ටමක පවතින අතර අනුපාතයක් ලෙස ගත් විට…
ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ – රත්වත්ත වතුයායේ නිවසක් කඩා ඉවත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස විශ්‍රාමික වැවිලිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එහි සාමාජික ධම්මික කොබ්බෑකඩුව මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ වතු සමාගම්වල විෂය පථය තුළ ඉඩම් පිළිබඳ හිමිකම තහවුරු කිරීම සඳහා වතු කළමනාකරුවන් නීත්‍යානුකූලව බැදී සිටින බවයි. අදාළ නිවස අනවසර ඉදිකිරීමක් වන අතර එහි හිමිකරු වතු ප්‍රජාවට අයත් නොවන පිටස්තරයකු බව ද ඔහු කියා සිටියා. කෙසේ වෙතත්, අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා අදාළ සහකාර වතු අධිකාරිවරයා සමඟ පසුගිය දා මතභේදයක් ඇති කර ගැනීමේ සිද්ධිය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මීට අදාළව පාර්ලිමේන්තුවේදී විරෝධතාවක ද…
පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඩුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා . මේ වනවිට තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන සහ පවත්වාගෙන ගොස් ඇති බවට හඳුනාගත් ආයතන 9 ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. එමෙන් ම පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 ඈ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳව සලකා බලන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. යම් හෙයකින් තහනම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම,…
ප්‍රභූ ආරක්ෂක සේවය සදහා පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 7693ක් යොදවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. එම පිරිස අතරින් අමාත්‍යවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලාධාරීන් 563 දෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1,891 දෙනෙකු යොදවා ඇති බවද ටිරාන් අලස් අමාත්‍යවරයා සදහන් කළා. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2,176 දෙනෙකු යෙදවීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222