Author: Anura Premakumara

අධික උණුසුම් කාලගුණයත් සමග අක්ෂි සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙම කාලගුණික තත්ත්වය හමුවේ ඇස්වල විවිධ සංකූලතා මතු විය හැකි බවයි ජාතික අක්ෂි රෝහලේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ඕස්ටේ්‍රලියානු රජය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමඟ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සම්මන්ත්‍රණයක් අමතමින් ශ්‍රී ලංකාවේ ඕස්ටේ්‍රලියානු මහ කොමසාරිස් පෝල් සිටීවන්ස් මහතා මේ පිළිබඳව ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ එමඟින් ශ්‍රී ලංකාවට ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය ඇතුළු රටවල සිසුන් ආකර්ෂණය කරගැනීමට හැකිවන බවයි.

තව කියවන්​න

නීති විරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික අපරාධකරුවන් තුන් දෙනෙකු සහ ඔවුන්ට ආධාර උපකාර කර රැකවරණය සැපයූ ඉන්දියානුවෙක් ද ඉන්දීයානු මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික අපරාධකරුවන් තිදෙනා මිනීමැරුම් 11 කට සම්බන්ධ බවටයි සැක මතුව ඇත්තේ. ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සැකකරුවන් බැංගලෝර් යෙලහන්කා හි පිහිටි මහල් නිවාසයකදී අත්අඩංගුවට ගත් බවයි. මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා නීතිවිරෝධී සංක්‍රමණිකයන් බව තහවුරු කර ගැනීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

දුම්රිය විදුලි කාර්මිකයන් ආරම්භ කළ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග අද පෙරවරුවේදී පැවති සාකච්ඡාවේදී පැමිණි එකගතාවයට අනුවයි එම තීරණය ගෙන තිබුනේ. මෙම සාකච්ඡාවට දුම්රිය නියාමක සංගම් ද එක්ව සිටියා. දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියකට දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග විදුලි කාර්මිකයන් පෙරේදා සිට හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවා. මේ හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් ප්‍රමාද වී ධාවනය කිරීමට සිදු වුණා. විදුලි කාර්මිකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ පස්වරුවේත් තැපැල් දුම්රිය 5 ක් ඇතුළු ගමන් වාර 20 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රමාද වී ධාවනය වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තව කියවන්​න

නෙදර්ලන්ත දූත පිරිසක් අනිද්දා දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. නෙදර්ලන්තයේ සංස්කෘතික හා මධ්‍ය රාජ්‍ය ලේකම් ගුනේඋස්ලුගේ නායකත්වයෙන් යුතුව පැමිණෙන මෙම දුත පිරිස මෙම මස 31 වනදා දක්වා මෙරට රැඳී සිටින බවයි සඳහන් වන්නේ. මෙම වසර අගදී නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත සංස්කෘතික වටිනාකමකින් යුත් කෞතුක භාණ්ඩවල අයිතිය පැවරීමේ නෛතික ලියවිල්ලට අත්සන් තැබීම සඳහා මෙම දූත පිරිස පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ. අදාළ ලිපි ලේඛන සඳහා අගෝස්තු 28 වනදා අත්සන් තැබීමට නියමිතයි. සුප්‍රසිද්ධ ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රන් කස්තාන දෙකක්, පිහි දෙකක්, රිදී කස්තාන සහ තුවක්කු දෙකක් ඊට ඇතුළත් වනවා.

තව කියවන්​න

උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම වවුනියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අද දිනයේදී උණුසුම් කාලගුණයක් ඇති විය හැකි බවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම්, මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි. මේ සදහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකිතාක් විවේක ගැනීම, ලා පැහැති ඇදුම් භාවිතා කිරීම, අධික වෙහෙසකාරි කටයුතු සීමා කිරීම වැනි උපදෙස් එම ප්‍රදේශවල ජනතාව පිළිපැදිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. එමෙන්ම අධික උණුසුම් කාලගුණයත් සමග අක්ෂි සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙම කාලගුණික තත්ත්වය…

තව කියවන්​න

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පුහුණු එක්දින ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වයස අවුරුදු 19න් පහළ සංචිතය නම් කර තිබෙනවා. හිරාන් ජයසුන්දර විසින් නායකත්වය දරන මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. පුහුණු එක්දින තරගය අද කොළඹ සී.සී.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 250 ක් ලැබුණු බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 11 වී මිළදී ගැනීම මේ වනවිට සිදුකරන බවයි. ඒ සඳහා ගබඩා 39 ක් විවෘත කර ඇති බවද ඔහු සඳහන් කළා. වී මිලදී ගැනීම ආරම්භ කිරීමට රුපියල් මිලියන 250ක් මීට පෙර ලබා දුන් අතර, එම මුදල් මේ වනවිට අවසන් වී තිබෙනවා. සභාපතිවරයා සඳහන් කළේ, මේ වන විට වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 27 ක් මිලදී ගෙන ඇති බවයි.

තව කියවන්​න

ඉන්දීය ලෝක කුසලාන සංචිතය තෝරා ගැනීමට කෙටුම්පත් කර ඇති ක්‍රීඩකයින් 18 දෙනා පුළුල් ශාරීරික යෝග්‍යතා සහ වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම පරීක්ෂණ සාමාන්‍ය මට්ටමේ පරීක්ෂනයක් වන අතර, ඒවා ජාතික ක්‍රිකට් ඇකඩමියේ හෝ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය කණ්ඩායම් විසින් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙහිදී දිගටම ජාතික කණ්ඩායම සමඟ රැඳී නොසිටි ක්‍රීඩකයින් වෙනුවෙන් යෝග්‍යතා පරීක්ෂණ මෙන්ම, සියලුම ක්‍රීඩකයින් අනිවාර්යය වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා අනුව විවාදය පැවැත්වීමට වෙන් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව මෙම විවාදය පෙරවරු 09.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න