Author: Anura Premakumara

මැඩගස්කරයේ ඇන්ටානාරිවෝ අගනුවර ක්‍රිඩාංගනයක සිදුවු තෙරපීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට අග්‍රාමාත්‍ය ක්‍රිස්ටියන් නට්සේ මහතා පැවසුවේ ඉන්දිය සාගර දුපත් ක්‍රිඩා උළෙලේ සමාරම්භක උත්සවය අතර තුර මෙම තෙරපීම සිදුව ඇති බවයි. මේ තුළින් තවත් පුද්ගලයින් 80ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විශාල පිරිසක් ක්‍රිඩාංගනයට ඇතුළුවන ස්ථානයේ රැදී සිටි බවයි වාර්තා වන්නේ. අදාළ ක්‍රිඩාංගනයේ ධාරිතාව 41000කට ආසන්න වුවද ඊට වැඩි විශාල ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් ක්‍රිඩාංගනයට පැමිණ තිබෙනවා.

තව කියවන්​න

නිදහස ජනතා සභාව සහ ජාතික ජන බලවේගය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මුලස්ථානයේදීයි. මේ සදහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක , විජිත හේරත් සහ ලාල් කාන්ත යන මහත්වරුන් එක්ව සිටියා. එමෙන්ම නිදහස ජනතා සභාව නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම , ඩිලාන් පෙරේරා ඇතුළු මන්ත්‍රිවරුන් මෙම සාකච්චාවට එක්වුණා. අදාළ සාකච්ඡාවෙන් පසුව දෙපාර්ශවයේ නියෝජිතයින් මාධ්‍යට අදහස් පලකළා. මැතිවරණ කල් දැමීමේ සදහා රජය දරන උත්සහයන් පරාජය කිරීම සදහා ප්‍රගතිශිලි පාර්ශව සමග එක්ව කටයුතු කරන බවයි මෙහිදී අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ. මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි…

තව කියවන්​න

වසරේ මේ දක්වා කාලය තුළ මනුෂණ ඝාතන 383ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ මෙම ඝාතන සදහා සමාජීය තුළ පවතින ඇතැම් සිදුවීම් ද බලපා ඇති බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළා. මේ දක්වා වෙඩි තැබීම් 65ක් වාර්තා වී ඇති බවත් එයින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් නිහාල් තල්දුව මහතා සදහන් කළා.

තව කියවන්​න

කැළෑ ගිනි තැබීම් සහ සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ. මේ සම්බන්ධයෙන් ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. වනාන්තර ගිනිතැබීම් වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට මෙහිදී යෝජනා වී තිබෙනවා.

තව කියවන්​න

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ හෙක්ටයාර 6000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව ආපදා කළමණාකාරන මධ්‍යස්ථානය පවසනවා. වනාන්තර සහ රක්ෂිත ගිනිගැනීම් වැඩි වශයෙන් වාර්තාවන බවයි එම මධ්‍යස්ථානය සදහන් කළේ. එමෙන්ම නියගය හමුවේ කුඹුරු අක්කර 53 774ක් විනාශ වී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේ මේ හේතුවෙන් ගොවී 48 726 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

තව කියවන්​න

පුර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනෙුවෙන් විධිමත් පුහුණුවක් ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් වැටුපක් ලබා දීම කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇති බවයි ගීතා කුමාරසිංහ මහත්මිය සදහන් කළේ. පෙර පාසලක් ආරම්භ කිරීම යම් නීති රාමුවකට යටත්ව සිදුකළ යුතු බව ද රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සදහන් කළා.

තව කියවන්​න

බලශක්ති ක්ෂේත්‍රය ප්‍රධාන කරගත් මෙරට ව්‍යාපෘති සදහා සහය දක්වන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. එහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ මුදල් අමාත්‍යංශයේදී පැවැත්වුණා. එහිදී ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා පැවසුවේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීමට සහය ලබා දෙන බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනට සමාගාමීව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබා දෙන බවයි ඔහු සදහන් කළේ. එමෙන්ම ආර්ථික අර්බුදයෙන් නැගී සිටීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම ද ආසියානු සංවර්ධන බැංකුව අගය කර තිබෙනවා.

තව කියවන්​න

සංචාරක ක්ෂේත්‍රය මගින් ලැබෙන ආදායම තුළින් මෙරට මුල්‍ය ගැටළුවලට විසදුම් ලබා ගැනීමට හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ආරුගම්බේ සංචාරක කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයින් පිරිසක් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. 2035 වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 10ක් හිමිවන්නේ සංචාරක ව්‍යාපාරයට බවත් ඒ සදහා ශ්‍රී ලංකාව සුදානම් කළ යුතු බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ. මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

තව කියවන්​න

රුපියල මත පදනම් වූ ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාතිකය සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා රුපියල මත පදනම් වූ ණය සඳහා පොලී අනුපාතිකය වෙනස් වනු ඇති. සියළුම වාණිජ බැංකු මේ අනුව ණය සේවා කිහිපයක පොලී අනුපාතික අවම අනුපාතික දක්වා හෝ පහළ දැමිය යුතු බව මහ බැංකුව නිකුත් කළ නියෝගයේ සඳහන්. උකස් මත ලබා දෙන ණය සදහා සියයට 18 වාර්ෂික පොලි අනුපාතිකය දක්වා පහළ දැමිය යුතු බවයි අදාළ නියෝගයේ දැක්වෙන්නේ. බැංකු අයිරා සදහා අයකරන වාර්ෂික පොලි අනුපාතිකය ඒ අනුව සියයට 23ක් දක්වා පහළ දැමිය යුතු වනවා. එමෙන්ම ණයකාඩ් පත් මගින් මුදල්…

තව කියවන්​න

නීති විරෝධි දුම්වැටි ප්‍රවාහනය කරමින් සිටි චීන ජාතිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකාර චීන ජාතිකයා සතුව නීති විරෝධිව මෙරටට ගෙන්වූ දුම්වැටි හයදහස් පන්සියකට ආසන්න ප්‍රමාණයක් තිබූ බවයි. ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකට ඇතුළු වී මුදල් සහ භාණ්ඩ සොරාගත් රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් තිස් දෙහැවිරිදි රුසියානු ජාතිකයා හෝටලයේ දොර කඩා ඇතුළු වී රුපියල් 48,500 ක මුදලක් හා ලක්ෂ තුනක් වටිනා දේපළ සොරකම් කර ඇති බවයි පොලීසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න