Author: Anura Premakumara

දෙවන නිදහස් සටනට කාලය පැමිණ ඇති බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසනවා . උන්වහන්සේ මේ බව සදහන් කලේ කොළොඹ පවතී මාධ්‍ය හමුවකදී

තව කියවන්​න

ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංගට සහ දුෂ්මන්ත චමීරට ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත වී තිබෙනවා. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී වනිදු පාදයේ ආබාධයකට ලක්වුණා. මේ හේතුවෙන් වනිදු හසරංගට ආසියානු කුසලාන තරගාවලියට ක්‍රිඩා කිරීමට නොහැකි වනු ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම දුෂ්මන්ත චමීරද උරහිසේ ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ අනුව ඔහුට ද ආසියානු කුසලාන තරගාවලියට ක්‍රිඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇති.

තව කියවන්​න

පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ මී උන පැතිරයාමේ අවදානමක් මතුව තිබෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කළේ ජලය ඉතා සුළු වශයෙන් පවතින ස්ථානවලින් ස්නානය කිරීමෙන් වළකින ලෙසයි එැවැනි ස්ථානවලින් ස්නානය කිරීම මගින් පාචනය සහ සෙම්රෝග ඇතිවිය හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කළේ

තව කියවන්​න

නෙළුම්කුලම, භාරතීපුරම් ප්‍රදේශයේ දී කුඩා දැරියක් ජල ටැංකියකට වැටිමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ එම දැරිය තවත් දරුවන් කිහිප දෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇති බවයි. දැරිය ජල ටැංකියට වැටීමෙන් පසු වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා. මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 01යි මාස 11ක් වන වව්නියාව භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචි දැරියක්.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සඳහා වන සුළං බලශක්ති මාර්ග සිතියම එළිදැක්වීම බලශක්ති අමාත්‍යංශයේදී සිදුකෙරුණා. වසර 2030 වන විට සමස්ත විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම රජයේ අපේක්ෂාවයි. එමෙන්ම වසර 2040 වන විට කාබන් ශූන්‍ය පරිසරයක් නිර්මාණය කර ගැනීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව යමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. මෙම සුළං බලශක්ති මාර්ග සිතියම එළිදැක්වීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා මෙන්ම ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් ද එක්ව සිටියා.

තව කියවන්​න

නයිජර් රාජ්‍ය විසින් අමෙරිකා, ජර්මන් සහ ප්‍රංශ තානාපතිවරුන්ට රට හැර යාමට පැය 48ක කාලයක් ලබාදී තිබෙනවා. ඒ, නයිජර් හමුදා එරට පාලන බලය සියතට ගැනීමත් සමග රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් කරා යාමට අමෙරිකාව බලපෑම් කරමින් සිටින පසුබිමකදීයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ. බටහිර අප්‍රිකානු රටවලින් නීජර් පාලකයින්ට අඛණ්ඩව බලපැම් එල්ල කරමින් සිටිනවා. ප්‍රංශය පවසා ඇත්තේ නයිජර් හමුදා පාලන අධිකාරිය පිළිනොගන්නා බවයි.

තව කියවන්​න

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේදී වීථි සංචාරය කෙරුණා. මේ අතර අද දිනය තුළ ද මහනුවර නගර අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව ද පොලිසිය සදහන් කළා. මේ අද වීථි සංචාරක කෙරෙන පළමු රන්දෝලි පෙරහැර පිළිබද මාධ්‍යට අදහස් පලකළ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා.

තව කියවන්​න

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල යළි ඉහළයාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 84 ඉක්මවා ගොස් තිබුණා. කෙසේවෙතත් ගත වූ මාසයක කාලය සැලකීමේදී බොරතෙල් මිල අඛන්ඩව ඩොලර් 80 ඉක්මවා තිබූ අතර ජුනි මාසයෙන් පසු පැහැදිලි අඩු වීමක් පෙන්නුම් කර නැහැ.

තව කියවන්​න

ඉදිරි මාස 03ක කාලය සදහා බිත්තර ආනයනයට අවශ්‍ය අනුමැතිය ලැබී තිබෙනවා ඒ අනුව බිත්තර ආනයනය අඛණ්ඩව සිදුකරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළා. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ වෙළදපොල තුළ පැවති හිගය මගහරවා ගැනීමට බිත්තර ආනයනය තුළින් හැකි වු බවයි. දෛනික බිත්තර අවශ්‍යතාව සදහා බිත්තර මිලියනයක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

47 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ නව තරග වාර්තා තුනක් බිහි වී තිබෙනවා. කවපෙත්ත විසි කිරීමේ කාන්තා ඉසව්වේ මීටර් 44.59 දුරක් කවපෙත්ත විසිකරමින් නව තරග වාර්තාවක් බිහිකිරීමට විදුෂා ලක්මාලි ක්‍රිඩිකාව සමත්වුණා. ඇය උතුරු මැද පළාත නියෝජනය කරමින් මෙවර තරගාවලියට එක්ව තිබුණා. එමෙන්ම උතුරු පළාත නියෝජනය කළ නෙසරාසා දක්ෂිතා මීටර 3.48ක දක්ෂතාවක් දක්වමින් රිටි පැනීමේ තරග ඉසව්වේ නව වාර්තාවක් පිහිටුවනු ලැබුවා. මේ අතර ඊයේ දිනයේ නව තරගාවලි වාර්තාවක් බිහි කිරීමට බස්නාහිර පළාත නියෝජනය කළ ජනිදු ලක්විජය සමත් වුණා. ඒ මීටර 100 කඩුළු මතින් දිවීමේ ඉසව්ව තත්ත්පර 14.18කින් නිමකරමින්. 47 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ මලල ක්‍රිඩා ඉසව් අද දිනය තුළද පැවැත්වීමට…

තව කියවන්​න