- ග්‍රහලෝක 5 ක් පියවි ඇසින් දැකබලා ගැනීමේ අවස්ථාවක්
- සංජීව ඝාතනයේ රහස්‍ය වාර්තාවක් අධිකරණයට
- හෙට්ටිපොල වෙඩි වැදීමේ සිද්ධියට අදාළ සැකකරැවෙක් පොලිස් අත්අඩංගුවට
- තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මරුට
- ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
- නේපාලයට ප්‍රබල භූ කම්පනයක්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
- වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Author: Anura Premakumara
වසර 3 ක් ඇතුලත අස්වැසුම සුභසාධන දීමනාව ලබා දීම නැවැත්වීමට කටයුතු කරන බව වැඩබලන කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා පවසනවා. එම සහනාධාර හිමිවන පුද්ගලයින් හට වෙනම වැඩපිළිවෙලක් ඇති අතර ඒ අනුව සමෘද්ධි ප්ලස් වැඩසටහන යටතේ එම පුද්ගලයින් විවිධ වෘත්තීන් සදහා යෙදවීමට නියමිතව ඇති බව සදහන්. මේ සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගෙන් සහ සමෘද්ධි කළමනාකාරවරුන්ගෙන් අදහස් ලබා ගැනීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක බවටයි වැඩබලන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
යාපනය ශික්ෂණ රෝහල තුළ හෙදියන්ට සහ අනෙකුත් සියලුම සේවකයින්ට සේවා කාලය තුළදී ජංගම දුරකථන භාවිත කිරීම උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නියෝගයක් මත තහනම් කර තිබෙනවා. උණ රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට පැමිණි දැරියකගේ අතක් කපා ඉවත් කිරීමට සිදු වූයේ අදාළ දැරිය ඇතුළත් කළ වාට්ටුවේ හෙදියකගේ නොසැලකිලිමත්කම හේතුවෙන් බවට කරුණු අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව සදහන්. මෙම හෙදියට එරෙහිව සාක්ෂි ලබා දී ඇති බොහෝ රෝගීන් පවසා ඇත්තේ එම හෙදිය සිය ජංගම දුරකථනය සමග කටයුතු කිරීමට දවසේ වැඩි කාලයක් යොදා ගන්නා බවයි. මේ හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ හෙදියන් ඇතුඵ කාර්ය මණ්ඩලයට සේවා කාලය තුළ දී…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම වසරේදී ඉතාමත් හොද ප්‍රගතියක් ලබා ගනු ඇති බවට එහි විධායක නිලධාරි රිචඩ් නට්ල් පවසනවා. එමෙන්ම පවතින ගුවන් නියමු හිඟයට මුහුණ දීම සදහා විදේශ නියමුවන් බඳවා ගැනීමට ද අනුමැතිය ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම බඳවාගැනීම් සදහා රජයේ අනුමැතිය ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය බවද සදහන්.
අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතයි. 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍ය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව ඉලක්ක ජයගැනිමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සදහා සැප්තැම්බර් 18 වන දා සිට 21 වන දා දක්වා අදාළ සමුඵව පැවැත්වෙනු ඇති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුඵව ඇමතීමට නියමිතව ඇත්තේ මෙම මස 21 වන දායි. එහිදි ජනාධිපතිවරයා 2030 වෙනුවෙන් පරිවර්තනීය, වේගවත් ක්‍රියාදාමයක් සදහා ලෝක නායකයින් සමග පවත්වන රාජ්‍ය නායක හමුව අමතා විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිත බවටයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. මේ අතර සංවර්ධනය සදහා වන මූල්‍යකරණය පිළිබද ණය…
සංචාරකයින්ට පැමිණීම සදහා ලොව සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාව ද නම් කර තිබෙනවා. ජාත්‍යන්තර සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය විසිනුයි මෙය ප්‍රකාශයට පත්කර ඇත්තේ. ඒ අනුව සංචාරය කිරීම සදහා ලෝකයේ හොදම දූපත් 50 අතරට ශ්‍රී ලංකාව ද එක්වනු ඇති. එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 13 වන ස්ථානයයි. අදාල වෙබ් අඩවිය මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව මිත්‍රශීලි ආගන්තුක සත්කාර දැක්වීම තුළින් ඉදිරියෙන් සිටින බවයි. එමෙන්ම පෞරාණික නටඹුන් නැරඹීමේ හැකියාව සහ වෙරළේ සුන්දරත්වය පිළිබදවද අදාල දර්ශකය සකස් කිරීමේදී අවධානය යොමුකර තිබෙනවා.
විශ්වවිද්‍යාල සදහා අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කිරීම සිදු කළ හැකි බවයි. අදාළ ආයදුම්පත් යොමු කිරීමට ඔක්තෝම්බර් මස 05 වනදා දක්වා කාලය ලබා දී තිබෙනවා. 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 04 වන දා නිකුත් කෙරුණා.
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 05ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු තරගය එංගලන්ත කාන්තා කණ්ඩායම ජයගත් අතර, දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට කටයුතු කෙරුණා. ඒ අනුව තරගාවලියේ එකට බිංදුවක් ලෙස එංගලන්ත කාන්තා කණ්ඩාම මේ වන විට පෙරමුණේ පසුවනවා.
2023 උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙවර විභාගය ලබන නොවැම්බර් 27 වැනිදා ආරම්භ වීමට කටයුතු යොදා තිබෙන බවයි එම දෙපාර්තමේන්තු සදහන් කළේ. මෙම විභාගය දෙසැම්බර් 21 වැනිදා අවසන් වීමට නියමිතයි.
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 181ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 368ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 39ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 187ක් පමණයි.
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් පුත්තලම, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222