- ග්‍රහලෝක 5 ක් පියවි ඇසින් දැකබලා ගැනීමේ අවස්ථාවක්
- සංජීව ඝාතනයේ රහස්‍ය වාර්තාවක් අධිකරණයට
- හෙට්ටිපොල වෙඩි වැදීමේ සිද්ධියට අදාළ සැකකරැවෙක් පොලිස් අත්අඩංගුවට
- තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මරුට
- ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
- නේපාලයට ප්‍රබල භූ කම්පනයක්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
- වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Author: Anura Premakumara
නීතිපතිවරයාට දැනුම් දීමකින් තොරව හරක් කටා නමැති සැකකරුව දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යාම හෝ ඉවත් කිරීම නොකරන ලෙස අභියාචනාධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුඵ වගඋත්තරකරුවන්ට නියම කර තිබෙනවා. නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන මෙම පුද්ගලයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීමට නොතිසි නිකුත් කරමිනුයි අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ. පෙත්සම් විභාගය අවසන් වනතෙක් මෙම අතුරු නියෝගය බලපැවැත්වෙන බවටයි තීන්දුවේ සදහන් වන්නේ. තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන රැදවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අදාළ සැකකරු විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අදාළ පෙත්සම…
නැගෙනහිර ලිබියාවේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන් සහ මියගිය පිරිස් සොයා සිදු කරන මෙහෙයුම් අද පස්වන දිනටත් ක්‍රියාත්මක වනවා. ඩැනියෙල් සුළි කුණාටුව කඩා වැදීමත් සමග පසුගිය ඉරිදා ඩර්නා නගරයේ වේලි දෙකක් සහ පාලම් 4 ක් විනාශ වූ අතර ඒ හේතුවෙන් නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටව තිබෙනවා. මේ හේතුවෙන් මියගිය පිරිස 20,000 කට අධික බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
පාස්කු වන්දි නඩුවට පෙනී සිටීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුඵ වගඋත්තරකරුවන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීම නියමිතව තිබෙනවා. ඔවුන්ට පසුගිය ජනවාරි 12 වන දා ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරුමඩුල්ලක් විසින් මෙම ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන්ට වන්දි ගෙවන ලෙස නියෝගයක් නිකුත් කිරීමටයි කටයුතු කළේ. කෙසේ වෙතත් පසුව මෝසමක් ගොනු කරමින් පෙත්සම්කරුවන් කිහිපදෙනෙකු කියා සිටියේ වගඋත්තරකරුවන් විසින් අදාළ වන්දි මුදල් නිසියාකාරව ගෙවා නොමැති බවයි. ඒ අනුව අද එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 161ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එක් ඉනිමන් පන්දුවාර 31ට සීමා කිරීම තරග විනිසුරුවන් තීරණය කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 31 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 273ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 112ක් පමණයි.
නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය 09 වනදා නිකුත් කිරීමටයි කටයුතු කළේ. ඒ අනුව පනතට අදාළ වු විධි විධාන අද සිට බලාත්මක වනවා. එමෙන්ම අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන ද අද සිට ක්‍රියාත්මක වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.
දකුණු පළාතේත් කළුතර දිස්ත්‍රික්කයේත් අද දිනයේ විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ වයඹ පළාත්වලත් කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය පියවීම සදහා එම තීරණයට එළැඹි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ. ඒ අනුව විශ්‍රාමික වෛද්‍යවරු වසර දෙකක කාලයකට කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට බඳවා ගැනීමට නියමිතයි.
දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් වාර්තා වූ නිපා වෛරසය වැළදී පුද්ගලයින් දෙදෙනෙකු මියයාම හේතුවෙන් එය පැතිරි යාම වැළැක්වීම සදහා එරට පාසල් වසා දමා තිබෙනවා. කේරළයේ ප්‍රධාන අමාත්‍යවරයා පවසන්නේ එම ප්‍රාන්තයේ එක් ප්‍රදේශයකින් මෙම වෛරසය හඳුනාගෙන ඇති බවයි. එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසද එරට ජනතාවට දැනුම් දී තිබෙනවා. මේ පිළිබදව විමර්ශනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ නිපා වෛරස් තත්ත්වය යනු සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන රෝගී තත්ත්වයක් බවයි.
විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සහ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා. ඒ කැනේඩියානු තානාපති එරික් වෝල්ෂ් මහතා සමගයි. ක්‍රියාත්මක වන විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වත්මන් තත්වය, පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලසුම හා ඒ සදහා වන රජයේ ප්‍රතිපත්ති පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. එමෙන්ම අමෙරිකානු සහ කැනේඩියානු විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීමේ අත්දැකීම් ඇසුරෙන් ශ්‍රී ලංකා – ඉන්දියා විදුලිබල පද්ධතිය කලාපීයව ඒකාබද්ධ කිරීමේදී ලබාගත හැකි යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ. විදුලිබල ක්ෂේත්රය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් කැනේඩියානු රජයෙන් ඉදිරියේදී ලබා ගත හැකි තාක්ෂණික සහය ගැනද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනී මහත්මිය රිය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වනවා. නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේදී ඇය මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්. ඇය ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථය මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් තුවාල ලැබූ නිරංජලා සරෝජිනී මහත්මිය ප්‍රතිකාර සඳහා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222