Author: Anura Premakumara

ග්‍රාම නිලධාරින්ගේ දීමනා වැඩිකිරීම පිළිබද සොයා බැලීමට විශේෂ කමිටුවක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කරන්නේ ග්‍රාම නිලධාරින්ගේ රාජකාරියට ඇති බාධාවන් සමනය කිරීමට ද ඉදිරියේදී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවයි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පැවති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා අද මේ බව සඳහන් කර සිටියා.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දුයවන ක්‍රිඩක මහීෂ් තීක්ෂණට ආසියානු කුසලානයේ අවසන් මහා තරගට ක්‍රිඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. පාකිස්ථානය සමග පැවති තරගයේදී මහීෂ් තීක්ෂණ පන්දු රැකීමේදී පාදයේ ආබාධයකට ලක්ව තිබුණා. මහීෂ් වෙනුවට සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇති බවයි වාර්තා වන්නේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වීමට නියමිතයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගය පස්වරු 03 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

ඉහළ යන ආහාර මිල පාලනය කිරීමට පියවර නොගන්නේනම් නව බද්දක් ගෙවීමට සූදානම් වන ලෙස කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එරට සුපිරි වෙළෙඳසල්වලට අනතුරු අඟවා තිබෙනවා . කැනඩා අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ පවුලේ පෝෂණය වෙනුවෙන් අරගල කරන ජනතාව වෙතින් ලාභ උපයා නොගත යුතු බවය. එරට ප්‍රකට සුපිරිවෙළෙඳසල් ඇතුළු විශාලතම වෙළෙඳසල් ජාලා පහක ප්‍රධානින්ට කැනඩාවේ අගමැතිවරයා මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වනවා මේ වන විට ජීවන වියදම් ගැටලු විසඳීමට පියවරක් ලෙස නව කුලී මහල් නිවාස ඉදි කිරීම සඳහා විකුණුම් බද්ද ඉවත් කිරීමටද ඔහු කටයුතු කර තිබෙනවා. ජනතාවට සහන සැලසීමට සියලු පාර්ශ්ව එක්විය යුතු බව ද කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රකාශ කර…

තව කියවන්​න

2027 වසරේ මාර්තු වන විට කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පවසා තිබේනවා . කොළඹ වරාය නගරයේ ඉදිකොට තිබෙන අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබනවා . කොළඹ වරාය නගරය ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන ඉලක්ක කර නිර්මාණය කර තිබිය දී මෙවැනි අවන්හල් පිහිටුවීමේ නීත්‍යානුකූලභාවය කුමක් ද යන්න පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යොමු කළ ප්‍රශ්න හමුවේ ඊට පිළිතුරු දෙමින් එම නිලධාරීන් මේ බව ප්‍රකාශ කර තිබෙනවා . ඒ අනුව මේ සම්බන්ධයෙන් වන තොරතුරු කඩිනමින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට කමිටු…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ළමයින් අතර මන්දපෝෂණය වැළැක්වීමට සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීම වෙනුවෙන් රු. කෝටි 17ක මුදලක් පරිත්‍යාග කිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබෙනවා. යුනිසෙෆ් සංවිධානය හරහා මේ මුදල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතයි. මෙමගින් වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට අවශ්‍ය පෝෂණ සේවා සැපයීමට හැකියාව ලැබේනු ඇති . මන්දපෝෂණය සඳහා වහා ප්‍රතිකාර නොකළ හොත් එය දරුවාගේ ශාරීරික හා සංජානන වර්ධනයට හානි කළහැකි හෝ මරණයට පවා හේතුකාරක විය හැකි බව යි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ . විශේෂයෙන්ම දරුවාගේ ජීවිතයේ පළමු වසර දෙක තුළදීත් බොහෝ විට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට ඇති අවස්ථාවන්ටත් එය අහිතකර ලෙස බලපාන බවද…

තව කියවන්​න

තරුණ පිරිස කෘෂිකර්මය සදහා යොමු කිරීම සදහා නව වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා . විරැකියාව සදහා මේ තුලින් විසදුම් සෙවිය හැකි බවද ඔහු සදහන් කළා .

තව කියවන්​න

මෙවර උසස් පෙළ විභාග ප්‍රතිපල මත රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවැත්ම කෙබඳුද යන්න මනා ලෙස දක්වා ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ සියයට දහයක් වූ සිසුන් පිරිසක් මෙවර විභාගයෙන් විෂයන් තුනම අසමත් වී ඇති බවයි. ඒ අනුව ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් විෂයන් තුනම අසමත් විභාගය මෙය බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා පැවසුවේ මේ වන විට පාසල් තුළ බරපතළ ගුරු හිඟයක් ද පවතින බවයි.

තව කියවන්​න

අධිකරණය විසින් ලබා දෙන ඕනෑම තීන්දුවකට යටත් වන බව හිටපු ජනාධිපති මෛත්රිපලා සිරිසේන මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කළා . එමෙන්ම පාස්කු ප්‍රහාරය පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙසට ලබන 18 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සන්දේශයක් බර දෙන බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා . මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් චන්ද්‍රසේන මහතාද අදහස් පල කළා.

තව කියවන්​න

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා අදහස් හා යෝජනා යොමු කරන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනතාවගෙන් ඉල්ලා සිටීනවා. රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය සඳහා ක්‍රියාත්මක කළයුතු ක්‍රමවේද සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබාදීමට මෙමඟින් මහජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා. පසුගිය ජුනි මස 08 වැනිදා කථානායකවරයා විසින් මේ සඳහා ක්‍රියාත්මක කළයුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාවක් පත් කලා . මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සභාපතිත්වය දරන මෙම විශේෂ කාරක සභාව, කමිටු සාමාජික මන්ත්‍රීවරයන් 11 දෙනෙකුගෙන් සමන්විතයි . මහජනතාවට යොමුකිරීමට තිබෙන අදහස් හා යෝජනා…

තව කියවන්​න

යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් පැමිණ සිටි වයස අවුරුදු 2 යි මාස 6 ක දැරියක, එහි සිටි යාචක කාන්තාවක  පැහැරගෙන ගොස් ඇති බව යාපනය පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ වවුනියාව, සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි දැරිය සිය මව, මිත්තණියහා වසර අවුරුදු එකයි මාස හයක් පමණ වන බාල සොහොයුරා සමග පසුගිය 06 වැනිදා නල්ලුර් කෝවිල් භූමියට පැමිණ ඇති බවයි. සිඟමන් යැදීම වෙනුවෙන් සිය පවුලේ සාමාජිකයින් කෝවිල වෙත පැමිණ ඇති බවට දැරියගේ මව පොලිසිය වෙත පවසා ඇති බවද පොලිසිය පැවසූවා. අදාළ අවස්ථාවේ මඩකලපුවේ සිට සිඟමන් යැදීම වෙනුවෙන් පැමිණ සිටි කාන්තාවක් දැරියගේ පවුලේ අය සමඟ මිතුරු වි ඇති අතර,අදාළ කාන්තාව දැරිය පැහැරගෙන යන්නට ඇති…

තව කියවන්​න