- පිළිකා සඳහා සාර්ථක එන්නතක් සොයාගැනේ..
- තරුණයින් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී ඇති බවට අනාවරණයක්
- මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට පියවර
- හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරේ
- ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද සිට
- නේපාල රජය පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කෙරේ
- සමාජ මාධ්‍ය නිසා නේපාලය උණුසුම් !
- ජනාධිපතිවරුන්ගේ හිමිකම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට
Author: Anura Premakumara
ජපානය, දකුණු කොරියාව සහ ඊශ්‍රායලය යන රටවල්වලින් ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථාවන් ලබාගැනීමට අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා. විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ රජයේ විවිධ ක්ෂේත්‍රවලට දේශපාලනමය මැදිහත්වීමක් සිදුනොවන නිසා පැහැද0ීමට පත්වූ දියුණු රටවල් ලාංකික ශ්‍රමිකයන්ට නව රැකියා අවස්ථා විවර කරමින් සිටින බවයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ කිහිපයක් බත්තරමුල්ලේ නව කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයකට සහභාගි වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේබව කියා සිටියා.
විදේශ කටයුතු අමාත්‍යාංශය, ඉන්දියානු රජය සහ ඉන්දියානු සංස්කෘතික සබඳතා පිළිබඳ කවුන්සිලය විසින් මෙරට දේශපාලන පක්ෂ 14ක තරුණ දේශපාලනඥයන් 24 දෙනකුට ඉන්දියාවේ ආර්ථිකය, අධ්‍යාපනය, තාක්ෂණය, සංස්කෘතික සබඳතා ආදී ක්ෂේත්‍ර රැසක අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලදී. එම අවස්ථාව ලබා ගෙන ඉන්දීය සංචාරයක නිරත වූ එම පිරිස මෙරටට පැමිණීමෙන් අනතුරුව සිය අත්දැකීම් සහ අදහස් බෙදා හදා ගැනීමේ අරමුණින් ඉන්දීය මහාකොමසාරිස් කාර්යාලය විසින් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී මෙරට දේශපාලන පක්ෂ නායකයන්ගෙන් යුත් හමුවක් සංවිධානය කරන ලදී. මෙරට ඉන්දීය මහකොමසාරිස් වරයා සහ මෙරට පක්ෂ නායකවරුන්ගෙන් සමන්විත වූ මෙම හමුවේදී දේශපාලන පක්ෂ 14ක තරුණ දේශපාලන නායකයන් 24 දෙනකු ඉන්දීය සංචාරයේදී ඔවුන් ලබා ගත්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමිවරුන් වහන්සේලා බැහැ දැක තිබෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරෙහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටි ජනාධිපතිවරයා අද(09) පස්වරුවේ මහ නාහිමිවරුන් බැහැ දැක තිබෙනවා. මල්වතු මහා විහාරයට පළමුවෙන්ම ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු මහ නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගෙන කෙටි පිළිසදරකද නිරතව තිබෙනවා. අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ජනාධිපතිවරයා පැමිණ තිබෙනවා. එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමියන්ගේ සුවදුක් විමසින් කෙටි පිළිසදරකට එක්ව තිබෙනවා.
ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ලබාගැනීම සම්බන්ධයෙන් තම වරප්‍රසාද කඩවීමක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා. මාධ්‍ය වෙත මේ බව පැවසූ රාධාක්‍රිෂ්නන් මහතා එහිදී වැඩිදුරටත් මෙලෙස කියා සිටියා. ජාතික ජල බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් අගමැතිවරියගෙන් අසන ලද වාචික ප්‍රශ්නයකට අනුව හිටපු ජනපතිවරුන්ගේ හිතවතුන්ට 2005 වර්ෂයට පසුව ජනාධිපති අරමුදල මගින් මුදල් ලබාදීම පිළිබඳ අගෝස්තු මස 05 වන දින විමසීමක් කරන ලදී. එම නම් ලැයිස්තුව තුළ 2006 වර්ෂයේ හිටපු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වී. රාධාක්‍රිෂ්නන් මහතා වෙනුවෙන් කේ. රාධක්‍රිෂ්ණන් මහත්මියට විදේශ ශිෂ්‍යත්වයක් ලබාදුන් බව සඳහන් විය. එම ප්‍රකාශය පදනම් කරගෙන වර්තමානයේ පාර්ලිමේන්තුව…
බස් රථයක් තුළ සිටි කාන්තාවකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා. මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇත්තේ බණ්ඩාරවෙල සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම් පොලේ නවතා තිබූ බස් රථයක් තුළ සිටි කාන්තාවකටයි. ප්‍රහාරයට ලක්වූ කාන්තාව බණ්ඩාරවෙල ලියන්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි වාර්තා වන්නේ. තුවාල ලැබූ කාන්තාව බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරව දියතලාව මූලික රෝහලටත් තත්ත්වය බරපතල වූ බැවින් බදුල්ල මහ රෝහලටත් මාරුකර යවා තිබෙනවා. ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයා බස් රථයේ රියදුරු සහ ත්‍රීරෝ රථ රියදුරෙක් විසින් අල්ලා කණුවක බැඳ තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැලවීමත් සමග පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පවුල් ආරවුලක් මත…
දඹුල්ල, පහළවැව ග්‍රාම සේවා වසමේ කණ්ඩලම පාර ප්‍රදේශයේ කිසිදු බලපත්‍රයක් නොමැතිව නිකිණි පුන් පොහෝදා ආරම්භ කළ ස්පා ආයතනයකට ජනතා විරෝධය එල්ලවීමත් සමඟ එහි සේවයේ යෙදී සිටී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට ඊයේ(08) දින පස්වරුවේ දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දඹුල්ල මහ නගර සභාවේ හෝ වගකිවයුතු කිසිදු අයතනයකන් බලපත්‍රයක් අවසරයක් ලබානොගෙන ග්‍රාමීය ජනතාව විශාල වශයෙන් පදිංචිව සිටින ස්ථානයක ඇදන් 5ක් සහිත ස්පා ආයතනය ආරම්භ කෙරුණු මේ ස්ථානයට දේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ලවී තිබෙනවා. ප්‍රදේශවාසීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බැලීමේදී එහි තෙරපි කිරීම සඳහා එක් කාන්තාවක් යොදවා කළමනාකරුවන් දෙදෙනෙකු එහි සිටි බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. අවසර පත්‍රය තිබේදැයි ප්‍රදේශවාසීන් ඔවුන්ගෙන්…
පොලිස් අණ නොතකා පලාගිය සැකකරුවෙකු වටවල පොලිසිය විසින් මාර්ගය හරස් කර සැකකරු ඊයේ(08) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු බව වටවල පොලිසිය පවසනවා. වටවල පොලිසියේ පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මහතා කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 පිස්තෝලයක්ද සොයා ගැනුණු බවයි. ගම්පොළ, වැලිගල්ල ප්‍රදේශයේ සිට සැකකරු සිය බිරිඳ ද සමගින් නුවරඑළිය දක්වා ජීප් රථය ධාවනය කරවන අවස්ථාවේදී වටවල පොලිසිය ඉදිරිපට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් ජීප් රථය නවතා පරීක්ෂා කර තිබෙනවා. එහිදී එම අවස්ථාවේදී ජීප් රථය තුළ මිලිමීටර් 9 පිස්තෝලයක් ඇති බවට පොලිසිය දැක තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් පිස්තෝල අවිය භාවිතා කිරීම සඳහා බලපත්‍රයක් තිබේද යන්න සම්බන්ධයෙන් කරුණු විමසන අවස්ථාවේ සැකකරු…
වැන් රථයක් දුම්රියක ගැටීමෙන් අලුත්ගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී අනතුරක් සිදුව තිබෙනවා. අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේ සීලානන්ද පාර දුම්රිය හරස් මාර්ගයේදී අද(09) උදෑසන මෙම අනතුරව සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරට පත් වෑන් රථයක කාන්තාවක් විසින් පදවා ඇති අතර ඇයට අනතුරෙන් තුවාල සිදුව තිබෙනවා. මරදානේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වෑන් රථය ගැටීමෙන් මෙම අනතුරව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
බස්නාහිර, සබරගමු සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව අද(09) උදෑසන 5.30ට පමණ නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි. මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශයන්හි කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන්ද එම නිවේදනයේ දැක්වෙනවා. වැසි තත්ත්වය මීගමුව සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක. සුළඟ සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ. මාතර සිට හම්බන්තොට හරහා අක්කරේපත්තු…
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී මහනුවර දෙසට ධාවනය කළ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව පෙරළී ගොස් එම දෙසටම ධාවනය වූ ලොරි රථයකට යටවීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇති බවයි පොලිසිය කියා සිටියේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් පමණ වූ වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දංඕවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222