- ග්‍රහලෝක 5 ක් පියවි ඇසින් දැකබලා ගැනීමේ අවස්ථාවක්
- සංජීව ඝාතනයේ රහස්‍ය වාර්තාවක් අධිකරණයට
- හෙට්ටිපොල වෙඩි වැදීමේ සිද්ධියට අදාළ සැකකරැවෙක් පොලිස් අත්අඩංගුවට
- තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මරුට
- ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
- නේපාලයට ප්‍රබල භූ කම්පනයක්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
- වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Author: Anura Premakumara
පොලිස් නිලධාරීන්ගෙන් තමන් අවංක සේවයක් බලාපොරොත්තුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පොල්පිතිගම පොලිස් ස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින් . මෙහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා තවදුරටත් පැවසුවේ ඉදිරියේදී පොලිස් නිලධාරීන්ට තවත් පහසුකම් ලබා දීමට ද බලාපොරොත්තුවන බවයි .
පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තිරණය කර තිබෙන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා . එමෙන්ම ඔහු කියා සිටියේ පරිසරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කිරීම සදහා කමිටුවක් පත් කිරීමට නියමිත බවයි . පරිසරය රැක ගැනිමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කාර්ය සාධක බලකායක් ද පත් කිරීමට නියමිත බවත් ඒ අනුව අදාළ වැඩසටහන් සකස් කර එය ක්‍රියාත්මක කිරිම සහ අධීක්ෂණය කිරීම එම කාර්ය සාධක බලකායට පැවරෙන බවත් ඒ මහතා සදහන් කළා . ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා මේ බව කියා සිටියේ වරාය නගරයේ පිහිටි කෘතිම වෙරළ…
නයිජීරියාවේ උද්ධමනය වසර 18කට පසු ඉහළම අගය වාර්තා කර තිබෙනවා. නයිජීරියාවේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත වලට අනුව පාරිභෝගික මිල ගණන් අගෝස්තු මාසයේදී 25.8% කින් ඉහළ ගොස් තිබෙන බව සදහන් . එය පෙර මාසයට සාපේක්ෂව 24.1% ක වැඩිවීමක්. 2005 අගෝස්තුවේ සිට උද්ධමනය ඉහළම මට්ටමකට පැමිණි පළමු අවස්ථාව මෙය බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සිදු කළ සමීක්ෂණයකදී හෙළිව තිබෙනවා. මාසික උද්ධමනය ද වසර 15 ක ඉහළම අගය වන 3.2% දක්වා ඉහළ ගොස් තිබුනා . නයිජීරියාවේ වාර්ෂික ආහාර උද්ධමනය 27% ක්.
වසරකට පෙර සිසුන්ට සිය උපාධිය කරා ගමන් කිරීමට අවස්ථාව සැලසීමට රජයේ අවධානය යොමුවී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කොළඹ විශාඛා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට එක්වෙමින් . අග්‍රාමාත්‍ය වරයා එහිදී පැවසුවේ , එම අභියෝගය ඉදිරියේදී ජයග්‍රහණය කිරීමට රජය කැපවන බවයි .
මේ වසරේ ගත වූ කාලය තුල විදේශ රැකියා වංචාවලට සම්බන්ධ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශ පවසනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කලේ ඒ අනුව පුද්ගලයින් 100 දෙනෙකු පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසර තුළ ලැබුණු විදේශ රැකියා වංචා සම්බන්ධ පැමිණිලි ඉහළ ගොස් ඇති බවයි ඒ මහතා කියා සිටියේ.
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන සතියේ පැවැත්වීමට මහා බැංකුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව වම බිල්පත් වෙන්දේසිය ලබන 20 වනදා සිදු කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කලේ. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන හැත්තෑදහසක ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන හට දහසක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන හතලිස් දහසක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි
රුපියල් ලක්ෂ 17 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී රැගෙන , ඩුබායි සිට පැමිණි කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා . ඇය පුත්තලම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි නිතර , නිතර ගුවන් මගින් භාණ්ඩ රැගෙන විත් ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන කාන්තාවකි . ඇය 09/15 දින රාත්‍රී 10.30 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 647 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා . ඇය විසින් රැගෙන විත් තිබූ රෙදිපිළි අඩංගු ගමන් මලු කීපයක් තුළ ඩන්හිල් , බෙන්සන් සහ ප්ලැටිනම් යන වර්ග වලට අයත් දුම්වැටි 17,000 ක්…
ත්‍රීරෝද රථ රියදුරෙකුට පහරදී ඔහුගේ ගෙල බැඳි රන් මාලය කොල්ල කා පලා ගිය කාන්තාවක් අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංකුඹුර පල්ලේගම ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කලේ. මෙම සැකකාරිය කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයට ගොඩ වී ත්‍රීරෝද රථ රියදුරු ගේ හිසට මිටියකින් පහර දී ඔහුගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා රන් මාලය කොල්ල කා ඇති බවයි පොලිසිය පවසන්නේ. සැකකාරිය සන්තකයේ තිබී රන්මාලය සොයාගෙන ඇති අතර ඇය අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මහනුවර හඟුරන්කෙත වික්ටෝරියා රක්ෂිතයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කලේ සොයාගත් පුපුරන ද්‍රව්‍ය අතර 40mm බෝම්බ විදිනයක් ආධාරයෙන් පිපිරිමි වීමට යොදා ගන්නා බෝම්බයක් ,LMG වර්ගයේ උන්ඩ නමයක්, 50 mm වර්ගයේ ගුවන් යානා නාශක උණ්ඩයක් සහ ජිව අත්බෝම්බ 3ක් තිබු බවයි. අඹකොටේ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කැඳවා මෙම පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමට පියවර ගෙන ඇති අතර තලාතුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
අනුරාධපුරයේ සිට කොලොන්නාව බලා ධාවනය වෙමින් තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු මිය ගොස් තිබෙනවා. මහව මඩපොකුණ ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ. මියගොස් ඇත්තේ, මහව මඩපොකුණ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්. මෙම මරණය සිය දිවි නසාගැනීමක් ද නැතහොත් අනතුරක් ද යන්න පිළිබඳ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222